Home තරු විදුනෙත අමුතු යෝධ වලාකුළක්

අමුතු යෝධ වලාකුළක්

by thanushika
0 comment

ආදරණීය දුවේ පුතේ, ආධුනික තාරකා විද්‍යාඥයන් පිරිසක් විසින් ඇන්ඩ්‍රොමීඩා මන්දාකිනිය අසල අමුතු, යෝධ වලාවක් සොයා ගෙන තිබෙනවා. පුදුමයට කරුණ කියන්නෙ මීට පෙර කිසිදු වෘත්තීය නිරීක්ෂණාගාරයක් එය දැක නොතිබීමයි. ආධුනිකයන් කණ්ඩායමක් එය සොයා ගැනීමට යොදාගෙන තිබෙන්නෙත් කුඩා දුරේක්ෂයක් . මෙම කණ්ඩායම මන්දාකිනියේ ඡායාරූප ගත් විට, වායුවක් වැනි විශාල වලාකුළක් ඔවුන් දුටුවා.

ආධුනිකයන් තම සොයා ගැනීම වෘත්තීය තාරකා විද්‍යාඥයන් සමඟ බෙදාගත් අතර, පසුව ඔවුන් ප්‍රංශයේ, කැලිෆෝනියාවේ සහ නිව් මෙක්සිකෝවේ නිරීක්ෂණාගාර පහක් භාවිතයෙන් සොයා ගැනීම තහවුරු කළා. ඔවුන් එම වස්තුව “SDSO-1” ලෙස නම් කළේ එය සොයාගත් ආධුනික තාරකා විද්‍යාඥයන් තිදෙනාගේ අනුසාරයෙනුයි. Strottner, Drechsler  සහ Sainty  ඔවුන්ගේ නම්‍ වේ.

එහෙත් මෙම වස්තුව හරියටම කුමක්ද? තවම කවුරුවත් හරියටම දන්නේ නැහැ. මෙන්න ඒ පිළිබඳ අදහස් කිහිපයකි

1. එය Andromeda Galaxy හි කොටසක්ද?

වස්තුවේ හැඩය ඇන්ඩ්‍රොමීඩා මන්දාකිනිය සමඟ වක්‍රව ගමන් කරන නිසා, එය මන්දාකිනියේ කොටසක් විය හැකි ය.

2. එය ඇන්ඩ්‍රොමීඩා සහ ක්ෂීරපථය අන්තර්ක්‍රියා කිරීම නිසා ඇති වේද?

අපේ ක්ෂීරපථය මන්දාකිනිය, ඇන්ඩ්‍රොමීඩා මන්දාකිනියට සමීප වෙමින් පවතී. වසර බිලියන 7කින් පමණ ඔවුන් එකට එක් වනු ඇත. මෙම එක් වීම නිසා SDSO-1 සෑදිය හැකි ය.

3. ක්ෂීරපථයේ නිහාරිකාවක්ද?

සමහරු සිතන්නේ SDSO-1 අපේම මන්දාකිනියේ නිහාරිකාවක් (තරුවක් උපත ලබන ස්ථානයක්) විය හැකි බවත්, අහසේ ඇන්ඩ්‍රොමීඩාවට ආසන්නව දිස්වන බවත් ය.

ඉතින් ආදරණීය දුවේ පුතේ, සංකීර්ණයි වගේ පෙනෙන සමහර සොයාගැනීම්වල තිබෙන අපූර්වත්වය දැන් ඔයාලට තේරෙනවනේ? මේ වගේ යාවත්කාලීන තොරතුරු කියවලා

මේ ආධුනික තාරකා විද්‍යා කණ්ඩායම වගේ කුතුහලයෙන් යුතුව විශ්වය දෙස බලන්න.

රුසින් තත්සර

මොරටුව විශ්වවිද්‍යාලය

 


You may also like

Leave a Comment

1964 වසේ ජූලි 27 වනදා ආරම්භ කල මිහිර පුවත්පත ජාතියේ දූ පුතුන්ගේ දැනුම් තක්සලාව ලෙසින් බොහෝ කාලයක් පුරාවට ලාංකීය දූ පුතුන්ට දැනුම ලබා දෙන පුවත්පතකි.

පත්තර මහගෙදර ලේක්හවුස් පවුලේ ප්‍රකාශනයක් ලෙසින් මිහිර පුවත්පත ඔබ වෙතට පත්වේ.

All Right Reserved @2024. Designed and Developed by Lakehouse IT Department