Home » Blog »  පුංචි ඔබේ දැනුම පොතට

 පුංචි ඔබේ දැනුම පොතට

by thanushika
0 comment

දේශීය තොරතුරු

1. මාතලේ දිස්ත්‍රික්කයත් හම්බන්තොට දිස්ත්‍රික්කය මායිම් ලෙස පිහිටි දිස්ත්‍රික්කය කුමක්ද ?

2. ශ්‍රී ලංකාවේ ප්‍රථම වැලි කඳුවල වාහන ධාවන පථය කුමක්ද?

3. යාපනය පුස්තකාලය ගිනි ගෙන විනාශ වූ වසර කවදාද?

4. ශ්‍රී ලංකාවේ වැඩිපුරම වාර්තා වූ පිළිකා වර්ගය කුමක්ද ?

5. ශ්‍රී ලංකාවේ ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම් පළමු නායකයා කවුරුන්ද ?

6. ප්‍රථම ශ්‍රී ලාංකික පුරාවිද්‍යා කොමසාරිස්වරයා කවුරුන්ද ?

7. කොතලාවල හමුදා ආරක්ෂක පීඨය ඉදිකිරීමට කඳවල වලව් භූමිය පරිත්‍යාග කරන ලද්දේ කවුරුන් විසින්ද?

8. ගජබා රජුට සිටි ප්‍රසිද්ධ යෝධයා කවුරුන්ද ?

9. බෝතලේ වලව්ව කවර පරපුරටද අයත්ද ?

10. වීර පුරන් අප්පු උපන් ගම කොහේද?

11. කැප්ටන් ඩෝසන් කුලුන පිහිටියේ කොහේද?

12. යාපා පටුන ජයගත් කුමාරයා කවුරුන්ද ?

13. පාවිකුලම වැව කරවූ රජතුමා කවුරුන්ද ?

14. විභාග දෙපාර්තමේන්තුව ඇමතිය හැකි දුරකතන අංකය කුමක්ද ?

15. ඉසුරුමුණිය විහාරය තැනුවේ කවුරුන්ද ?

16. මහා විජයබාහු රජතුමා විසින් විවාහ කරගත් කාලිංග වංශික කාන්තාව කවුරුන්ද ?

17. බස්නාහිර පළාතට අයත් දිස්ත්‍රික්ක ගණන කීයද?

18. අතීතයේදී වෙළඳ සංවිධාන හැඳීන්වූ නම කුමක්ද ?

19. පූජාවලිය රචනා වූයේ කුමන යුගයකදීද?

20. තබ්බෝව වැව සම්බන්ධ වාරිමාර්ග යෝජනා ක්‍රමය කුමක්ද?

විදේශීය තොරතුරු

1. මහජන චීන සමූහාණ්ඩුවේ නිර්මාතෘවරයා කවුරුන්ද ?

2. වැඩිම කලක් ලොව රජකම් කළ අධිරාජයා කවුරුන්ද ?

3. ලෝකයේ විශාලතම ගිනි කන්ද කුමක්ද ?

4. ජුලියස් සීසර්ගේ අභාවය සිදු වුණේ කවදාද ?

5. සම්පූර්ණයෙන්ම විදුලි දුම්රිය භාවිත කරන රට කුමක්ද ?

6. දෙවැනි ලෝක යුද්ධය අවසන් වූයේ කවදාද ?

7. ලොව ප්‍රථම වරට දේශ සංචාරය කළ ජාතිකයන් කවුරුන්ද ?

8. අමෙරිකා එක්සත් ජනපදයේ ජනප්‍රියතම ක්‍රීඩාව කුමක්ද ?

9. දොළොස් වතාවකම ලෝක මෝටර් සයිකල් ශූරයා ලෙස ජයග්‍රහණය කළේ කවුරුන්ද ?

10. ඉතිහාසයේ පියා ලෙස හැඳන්වෙන්නේ කවුරුන්ද?

11. ලෝක ලියුම් ලිවීමේ දිනය කවදාද?

12. ලොව ප්‍රථමයෙන් පිහිටුවන ලද හෙද පුහුණු විද්‍යාලය පිහිටියේ කොහේද ?

13. ලෝකයේ ප්‍රථම ජනරජය කුමක්ද ?

14. විල් අධික සංඛ්‍යාවක් පිහිටි රට කුමක්ද ?

15. සුනාමි යන වචනය බිහි වූයේ කුමන රටක් ආශ්‍රිතවද ?

16. ලොව වැඩිම ජනගහනයක් ඇති දුප්පත්ම රට කුමක්ද ?

17. ලෝක බැංකුවේ මූලස්ථානය පිහිටියේ කොහේද?

18. ලෝකයේ විශාලතම කෘමි වර්ගය කුමක්ද?

19. බරින් අඩුම ලෝහ වර්ගය කුමක්ද ?

20. තේ ගසේ මව් රට කුමක්ද ?

කලා තොරතුරු

1. දේවතාපය හා මනුතාපය ග්‍රන්ථ පරිවර්තනය කළ ශ්‍රී ලංකාවේ හිටපු අධ්‍යාපන ඇමැතිවරයා කවුරුන්ද ?

2 ලොව ප්‍රකට බැලේ නාට්‍යයක් වන හංස විල කුමන රටේ නිර්මාණය වූවක්ද?

3. ලොව නිදහස් පද්‍ය කලාවේ ආරම්භ කෘතිය කුමක්ද ?

4. කුචිපුඩි කුමන රටක නර්තනයක්ද?

5. ජුරාසික් පාර්ක් චිත්‍රපට මාලාව පළමු වරට තිරගත වූයේ කිනම් වසරේද?

6. සිනමා කැමරාවක් හරහා චිත්‍රපට රාමු ගමන් කරන වේගය කොපමණද ?

7. ශ්‍රී ලංකාවේ පළමු සිනමා පුවත්පත කුමක්ද ?

8. ක්වායි ගඟේ පාලම නැමති ඉංග්‍රීසි චිත්‍රපටියේ අධ්‍යක්ෂවරයා කවුරුන්ද ?

9. විශ්ව නර්තන දිනය යෙදී තිබෙන්නේ කවදාද ?

10. X – Files මාලා නාටකයේ කතා රචකයා කවුරුන්ද ?

11. බෝඩිංකාරයෝ නාට්‍ය කාගේ නිර්මාණයක්ද ?

12. “මේ සිංහල අපගෙ රටයි “යන ගීතයේ රචකයා කවුරුන්ද ?

13. ගීත 71ක් අඩංගු ඉන්දියානු චිත්‍රපටය කුමක්ද ?

14. මොනාලිසා චිත්‍රය දැනට තබා ඇත්තේ කොහේද ?

15. ශ්‍රී ලංකාවේ පළමු නාඩගම ලෙස සැලකෙන්නේ කුමක්ද ?

16. කඩදාසි නවා විවිධ හැඩතල නිර්මාණය කෙරෙන ජපන් කලාව හඳුන්වන නම කුමක්ද ?

17 sita de seram නමැති උඩුකය පිළිරුව කාගේ නිර්මාණයක්ද ?

18. සීගිරි බිතුසිතුවම් කවර සියවසකට අයත්ද ?

19. ශ්‍රී ලංකාවට චිත්‍රකතා ප්‍රථම වතාවට හඳුන්වා දුන්නේ කවුරුන්ද ?

20. මහාසාර නාට්‍යය කාගේ නිර්මාණයක්ද?

විද්‍යාත්මක හේතු

1. සීත ප්‍රදේශවල ජනයා මේද බහුල ආහාර වැඩිපුර අනුභව කරන්නේ ඇයි ?

2. දියසායම් ද්‍රාවණය සෑදීම සඳහා වතුර ගන්නා නමුත් දොර ජනෙල්වල ආලේප කරන තීන්තවලට තිනර් යොදා ගන්නේ ඇයි ?

3. සේදීමෙන් පසු තණකොළ මත අතුරන රෙද්දකට වඩා ගල මත අතුරන රෙද්ද ඉක්මනින් වියළෙන්නේ ඇයි ?

4. වී වගාව සඳහා කුඹුරක් සකස් කරන විට වල්නාශක ලෙස ග්‍රැමොක්සෝන් ඉසිනු ලබන නමුත් ගොයම් සහිත කුඹුරක ග්‍රැමක්සෝන් ඉසින්නේ නැත්තේ ඇයි ?

5 හාවාගේ ඇස් හිසේ දෙපසින් පිහිටන්නේ ඇයි ?

6 ඇසට බෙහෙතක් දැමූ විට එම තිත්ත රසය උගුරට දැනෙන්නේ ඇයි ?

7 සීනි හැන්දක් සාමාන්‍ය ජලයට දමා දිය කළ විට දියවෙන නමුත් උණු ජලයේ දැමූ විට ඉක්මනින් දිය වන්නේ ඇයි ?

8. තෙකලා විදුලිය සමහර ප්‍රදේශවල කම්බි 4කින් ගමන් කළත් නමුත් නාගරික ප්‍රදේශවල රැහැන් පහක් පමණ

දැකිය හැක්කේ ඇයි ?

9. පොලිතීන් කඩදාසි මිටියකින් එකක් ඉවතට ගෙන ශරීරයේ ස්පර්ශ වූ විට ශරීරයේ රෝම කෙළින් වන්නේ ඇයි ?

10 වඩාත් ගැඹුරු ළිඳක ගැඹුර දෝංකාරය මඟින් ආසන්න ලෙස සොයාගත හැකි නමුත් සාමාන්‍ය ළිඳක ගැඹුර දෝංකාරය මඟින් සොයාගත නොහැක්කේ ඇයි ?

11 තේ කෝප්පය සිසිල් කිරීම සඳහා අඩක් පිරුණු ඇල් බඳුනක තැබීම නුසුදුසු වන්නේ ඇයි ?

12 ජලය ගැනීම සඳහා ලෝහ බඳුන්වලට වඩා ප්ලාස්ටික් බඳුන් පාවිච්චිය පහසු වුවත් පරිසරයට හිතකර නොවන්නේ ඇයි ?

13 දරුවකුට හොඳම කිරි වර්ගය මව් කිරි වන්නේ ඇයි ?

14 වට්ටක්කා වැලක බොරු මල්වලින් පල හට නොගන්නේ ඇයි ?

15. අර්තාපල් අලය භූගත කඳක් ලෙස සැලකෙන්නේ ඇයි ?

16 ශ්‍රී ලංකාවේ ජල විදුලි බලාගාර කඳුකර ප්‍රදේශයේ පිහිටන්නේ ඇයි ?

17 උදුන් පරිපථයක් සඳහා විද්‍යුත් සන්නායක ලෙස කම්බි සවි කරන්නේ ඇයි ?

දේශීය තොරතුරු පිළිතුරු

1. අම්පාර

2. කලම්බු ඩියුන්ස් (Colombo Dunes)

3. 1981

4. පියයුරු පිළිකාව

5. බන්දුල වර්ණපුර

6. සෙනරත් පරණවිතාන

7. ශ්‍රීමත් ජෝන් කොතලාවල

8. නීල මහා යෝධයා

9. ඩී.එස්. සේනානායක පරපුර

10. මොරටුව

11. මහනුවර දිස්ත්‍රික්කයේ කඩුගන්නාව

12. සපුමල් කුමාරයා

13. ධාතුසේන රජතුමා

14. 1911

15. දේවානම්පියතිස්ස රජතුමා

16. තිලෝක සුන්දරී

17. 03

18. පූගය

19. දඹදෙණි යුගයේදී

20. තබ්බෝව වාරිමාර්ග යෝජනා ක්‍රමය

විදේශීය තොරතුරු පිළිතුරු

1. මාඕ සේතුං

2. හිරෝහිතෝ අධිරාජයා

3. හවායිහි පිහිටි Mauna Loa ගිනි කන්ද

4. ක්‍රිස්තු පූර්ව 44

5. ස්විට්සර්ලන්තය

6. 1995 අගෝස්තු 14

7. ස්පාඤ්ඤ හා පෘතුගීසි

8. බේස්බෝල්

9. මයික් හේල්වුඩ්

10. හෙරඩෝටස්

11. සැප්තැම්බර් 01

12. එංගලන්තයේ ලන්ඩන් අගනුවර

13. සැන් මැරිනෝ

14. ෆින්ලන්තය

15. ජපානය

16. ජාවා දූපත්

17. අමෙරිකා එක්සත් ජනපදයේ වොෂිංටන් නුවර

18. අප්‍රිකාවේ වෙසෙන ගෝලියත් කුරුමිණියා

19. ලිතියම්

20. ඉන්දියාවේ ඇසෑමය

කලා තොරතුරු පිළිතුරු

1. අයි. එම්. ආර්. ඒ. ඊරියගොල්ල මහතා

2. රුසියාවේ

3. අමෙරිකානු ජාතික කවියකු වූ ටී.එස්. එලියට්ගේ බඩඥ ඹඥඵබතචදඤ

4. ඉන්දියාව

5 1993

6. තත්පරයට රූපරාමු විසි හතරක්

7. සිනමා

8. ඩේවිඩ් ලීන්

9. අප්‍රේල් 29

10. ක්‍රීස් කාටර්

11. සුගතපාල ද සිල්වා

12. මහගමසේකර

13. ඉන්ද්‍රා සාභා චිත්‍රපටිය

14. ඉතාලියේ

15. ඇහැලේපොළ නාඩගම

16. ඔරිගාමි කලාව

17. ජේ. ඩී. ඒ. පෙරේරා මහතා

18. ක්‍රිස්තු වර්ෂ පස්වැනි සියවස

19. ජී. එස්. ප්‍රනාන්දු

20. මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර

විද්‍යාත්මක හේතු පිළිතුරු

1 සීතලට ඔරොත්තු දීම සඳහා වැඩි තාප ප්‍රමාණයක් ශරීරය තුළට අවශ්‍ය ය. ඒ සඳහා ශක්තිය බහුලව භාවිත වන නිසා මේද වැඩිපුර ආහාර ලබා ගනියි.

2. දියසායම් ජලයේ දිය වෙන නමුත් තීන්ත ජලයේ දියවෙන්නට තිනර් ද්‍රාවණය අවශ්‍ය වේ.

3. සූර්ය තාපය නිසා තණකොළ රත් වන්නේ නැත තණකොළ මඟින් ජල වාෂ්ප පිටවීම හේතුවෙන් රෙද්ද වේළීමට වැඩිවෙලාවක් ගත වෙයි. එහෙත් ගල ඉක්මනින් රත්වෙන නිසා ඉක්මනින් වියළා ගත හැකි ය.

4. ග්‍රැමොක්සෝන් යනු සියලු වල්පැළෑටි විනාශ කරන වල්නාශකයකි. එම නිසා මෙම වල්නාශකය ගොයම් ඇති කුඹුරක යෙදුවොත් ගොයම් පැළ ද විනාශ වේ.

5 හිසේ දෙපසින් ඇස් පිහිටන විට හිස හරවන්නේ නැතුව වටපිට පහසුවෙන් බලා අවට සිටින සතුරන්ගෙන් බේරීමට උපකාරී වේ.

6. ඇසේ සිට නාසයට නාළ ඇත. එම නිසා ඇසට දැමූ බෙහෙතක් නාසයට ඇවිත් එතැනින් උගුරට සම්බන්ධ වේ.

7 උෂ්ණත්වය වැඩිවන විට ඝණ ද්‍රාවණ තත්ත්වය වැඩි වන නිසා උණු ජලයේ ඉක්මනින් දියවේ.

8. රැහැන් හතරක් ඇත්තේ සජීවී කම්බි තුනක් හා උදාසීන කම්බි එකකි. නාගරික ප්‍රදේශවල විදුලි පරිභෝජනය වැඩි නිසා සජීවී කම්බි ගණන වැඩිකර ඇත.

9 පොලිතීන් කඩදාසියකින් එකට ස්පර්ශ වී ඇත්තේ ඒවායේ ස්ථිත් විද්‍යුතය ආරෝපණය ඇතිවන හෙයින්. එම නිසා ශරීරයේ ස්පර්ශ වූ විට රෝමවල ඒවාට ආකර්ෂණය වන නිසා රෝම කෙළින් වෙයි.

10. දෝංකාරය ඇසීමට මීටර් 17ට වඩා ගැඹුරු විය යුතුය. එහෙත් සාමාන්‍ය ළිඳක දෝංකාරය නොඇසෙන නිසා ගැඹුර මැනීමට අපහසු ය.

11 තේ කෝප්පයේ පහළ කොටස ඇල් ජලයේ සිසිල් වේ. එහෙත් තේ කෝප්පයේ ඉහළින් ඇති තේ සිසිල් නොවේ .

12 පොලිතීන් ප්ලාස්ටික් ආදිය දිරාපත් වීමට කාලයක් ගතවන නිසා පරිසරයට අහිතකරයි.

13. දරුවකුගේ වර්ධනය සඳහා අවශ්‍ය සියලුම පෝෂක මව් කිරිවල අඩංගු ය.

14 බොරු මල් යනු පුමාංග පුෂ්ප වෙයි. ඒවායින් පරාග පමණක් ඇති කරයි.

15 අර්තාපල් අලය කොටසේ කඳක් දැකිය හැකි අතර, අංකුර තිබෙන නිසා පොළොව යටට වැඩෙන භූගත කඳකි.

16 ජල විදුලිය ලබා ගැනීමට වර්ෂාව තිබිය යුතු ය. කඳුකර ප්‍රදේශවලට වහින නිසා එම ප්‍රදේශවල ජල විදුලි බලාගාර පිහිටුවයි.

17 උදුන් පරිපථයක ගලා එන විදුලි ධාරාව වැඩි ය. එම නිසා උදුන් පරිපථයේ කම්බි සවිකරනු ලබයි.

ජගත් අබේකෝන්


You may also like

Leave a Comment

1964 වසේ ජූලි 27 වනදා ආරම්භ කල මිහිර පුවත්පත ජාතියේ දූ පුතුන්ගේ දැනුම් තක්සලාව ලෙසින් බොහෝ කාලයක් පුරාවට ලාංකීය දූ පුතුන්ට දැනුම ලබා දෙන පුවත්පතකි.

පත්තර මහගෙදර ලේක්හවුස් පවුලේ ප්‍රකාශනයක් ලෙසින් මිහිර පුවත්පත ඔබ වෙතට පත්වේ.

All Right Reserved @2024. Designed and Developed by Lakehouse IT Department