Home » Blog » දෙවැනි ජාතික කිඩෝරියේ නිල ලාංඡනය එළිදකී

දෙවැනි ජාතික කිඩෝරියේ නිල ලාංඡනය එළිදකී

by thanushika
0 comment

ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමය මඟින් සංවිධානය කරනු ලබන 02 වැනි ජාතික කිඩෝරියේ නිල ලාංඡනය එළිදැක්වීම අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් තිලකා ජයසුන්දර මහත්මියගේ ප්‍රධානත්වයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ දී පසුගිය 26 දින සිදු කෙරිණි.

ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස් නීතිඥ ජනප්‍රිත් ප්‍රනාන්දු මහතාට කිඩෝරි නිල ලාංඡනය පිරිනැමීම සිඟිති හා බාලදක්ෂ බාලිකා අංශය භාර, කිඩෝරි සංවිධායක සහය ප්‍රධාන කොමසාරිස් චන්ද්‍රානි ප්‍රනාන්දු මෙනවිය විසින් සිදුකරන ලදි.

හිටපු පෝතක අංශය භාර සහය ප්‍රධාන කොමසාරිස් වත්සලා විජේවික්‍රම මහත්මියගේ මෙහෙය වීමෙන් ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලයීය සිඟිති බාලදක්ෂයන් විසින් දෙවැනි ජාතික කිඩෝරි ගීතය ගායනා කරන ලදි.

මෙම අවස්ථාවට අතිරේක ලේකම් පී.සී.කේ.පීරිස්යාල (විෂය සමගාමී, ප්‍රාථමික අධ්‍යාපන සංවර්ධන ශාඛාව ), අධ්‍යාපන අධ්‍යක්ෂ ගීතානි සුබසිංහ ( විෂය සමගාමී ,මාර්ගෝපදේශ හා උපදේශන) සහකාර අධ්‍යක්ෂ චන්දිමා රත්නායක (විෂය සමගාමී, මාර්ගෝපදේශ හා උපදේශන), නියෝජ්‍ය ප්‍රධාන කොමසාරිස් එම්.එෆ්.එම්. මුහීඩ්, ජාතික පුහුණු කිරීමේ කොමසාරිස් කර්නල් පද්මලාල් පෙරේරා , ජාතික වැඩසටහන් කොමසාරිස් වෛද්‍ය අසංක ඒරියාව , මාධ්‍ය අංශය භාර සහය ප්‍රධාන ‍කොමසාරිස් ප්‍රභාත් කුලරත්න, දිස්ත්‍රික් සම්බන්ධී කාරක සහය ප්‍රධාන කොමසාරිස් රුවන් ආරියරත්න, පෝතක අංශය භාර සහය ප්‍රධාන කොමසාරිස් රේණුකා සිල්වා, මූලස්ථාන කොමසාරිස්වරුන් වන උපුල් මානිල් රණසිංහ, ප්‍රියදර්ශනී ජයකොඩි, සහය මූලස්ථාන කොමසාරිස් රෝහිණී විජයරත්න, කොළඹ දිසා බාලදක්ෂ කොමසාරිස් අමිල් අබේසුන්දර, හෝමාගම දිසා බාලදක්ෂ කොමසාරිස් චන්ද්‍ර පත්මා, හෝමාගම සිඟිති අංශය භාර සහය දිසා කොමසාරිස් චන්ද්‍රිකා ලාලනි යන මහත්ම මහත්මීහු ද සහභාගි වී සිටියහ.

ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයට අයත් කුඩාම බාලදක්ෂයන් සිඟිති බාලදක්ෂයන් වන අතර, ඔවුන්ගේ හමුව කිඩෝරිය ලෙස හඳුන්වයි.

දෙවැනි ජාතික කිඩෝරිය සැප්තැම්බර් මස 07 සහ 08 යන දිනයන්හි කොළඹ විහාර මහා දේවි උද්‍යානයේදී පැවැත්වෙන අතර, සිඟිති බාලදක්ෂයන් 10,000ක් පමණ එයට සහභාගි වීමට නියමිත ය.

ඡායාරූප- රුක්මල් ගමගේ


You may also like

Leave a Comment

1964 වසේ ජූලි 27 වනදා ආරම්භ කල මිහිර පුවත්පත ජාතියේ දූ පුතුන්ගේ දැනුම් තක්සලාව ලෙසින් බොහෝ කාලයක් පුරාවට ලාංකීය දූ පුතුන්ට දැනුම ලබා දෙන පුවත්පතකි.

පත්තර මහගෙදර ලේක්හවුස් පවුලේ ප්‍රකාශනයක් ලෙසින් මිහිර පුවත්පත ඔබ වෙතට පත්වේ.

All Right Reserved @2024. Designed and Developed by Lakehouse IT Department