Home » Blog »  පුංචි ඔබේ දැනුම පොතට

 පුංචි ඔබේ දැනුම පොතට

by thanushika
0 comment

දේශීය තොරතුරු

1. ශ්‍රී ලංකාවේ දෙවැනි අධිවේගී මාර්ගය කුමක්ද ?

2. ශ්‍රී ලංකාවේ මුල්ම රූපවාහිනී සේවය කුමක්ද ?

3. ශ්‍රී ලංකාවේ විශාලතම ජලාශය කුමක්ද ?

4. ශ්‍රී ලංකාවේ සිටි මුල්ම ආණ්ඩුකාරවරයා කවුරුන්ද ?

5. ශ්‍රී ලංකාවේ ත්‍රී සිංහලය නමින් අතීතයේ හැඳීන්වූ ප්‍රදේශ කුමක්ද?

6. අනුරාධපුරය පිහිටා ඇත්තේ කුමන පළාතේ ද ?

7. “අයියණ්ඩිය බිය නොවන්න මැරෙන හැටි මං පෙන්වන්නම්“ යන ප්‍රකාශය සිදු කළ වීරයා කවුරුන්ද ?

8. විජය කුමාරයා ශ්‍රී ලංකාවට ගොඩ බැස්සේ කුමන ස්ථානයෙන්ද ?

9. ශ්‍රී ලංකාවේ ප්‍රධාන අපනයන භෝග මොනවාද ?

10. නිශ්ශංක මල්ල රජු විසින් දළදා වහන්සේ තැන්පත් කිරීම සඳහා පොලොන්නරුවේ ඉදිකළ ගොඩනැඟිල්ල කුමක්ද ?

11. වෙසක් පෝය නිල වශයෙන් නිවාඩු දිනයක් ලෙස නම් කරන ලද්දේ කවදාද ?

12. ශ්‍රී ලංකාවේ ආලකමන්දාව කුමක්ද ?

13. ලංකාතිලක විහාරය ඉදිකරන ලද්දේ කුමන යුගයේද ?

14. බස්නාහිර පළාතට අයත් අධ්‍යාපන කලාප කීයද ?

15. නිදහස් ශ්‍රී ලංකාවේ ප්‍රථම අධ්‍යාපන අමාත්‍යවරයා කවුරුන්ද ?

16. රාවණා රජු පරාජයට පත් කිරීමෙන් පසු රාම ශ්‍රී ලංකාවේ රජු බවට පත් කළේ කවුරුන්ද ?

17. පුරාණයේ ගෝකණ්ණ යනුවෙන් හැඳීන්වූයේ කුමන දිස්ත්‍රික්කයද ?

18. ශ්‍රී ලංකාව වැඩිම කාලයක් පාලනය කළ රජු කවුරුන්ද ?

19. මින්නේරිය වැව ඉදි කළ රජතුමා කවුරුන්ද ?

20. පේදුරුතුඩුවේ සිට දෙවුන්දර තුඩුව දක්වා ඇති දුර කොපමණද ?

විදේශීය තොරතුරු

1. ලොව වැඩිම අකුරු සංඛ්‍යාවක් ඇති භාෂාව කුමක්ද ?

2. ලොව ලොකුම බෞද්ධ විහාරය කුමක්ද ?

3. ටොරස් සමුද්‍ර සන්ධිය පිහිටා ඇත්තේ කොහේද ?

4. පැරගුවේ රාජ්‍යයේ ජාතික පුෂ්පය කුමක්ද ?

5. ලෝකයේ ලොකුම ගස කුමක්ද ?

6. ඊශ්‍රායලයේ ජාතික ක්‍රීඩාව කුමක්ද ?

7. එක්සත් රාජධානියේ අගනුවර කුමක්ද ?

8. සුළං නගරය යනුවෙන් කුමන රට හැඳීන්වෙයිද?

9. ලෝකයේ බරම සත්ත්වයා කවුද ?

10. සවුදි අරාබියේ භාවිත කරන මුදල් ඒකකය කුමක්ද ?

11. පෙට්රා නගරය පිහිටි රට කොහේද ?

12. ජ්‍යාමිතියේ පියා කවුරුන්ද ?

13. පෝලන්තයේ ජාතික සත්ත්වයා කවුරුන්ද ?

14. වැඩිම ක්ෂය රෝගීන් සිටින කලාපය කුමක්ද ?

15. ලෝකයේ ජනගහනය අධිකම රට කුමක්ද ?

16. ලෝකයේ පැරැණිතම ලී ගොඩනැඟිල්ල කුමක්ද ?

17. චීස් පරිභෝජනය වැඩිම රට කුමක්ද?

18. ලොව වැඩිම වටිනාකමක් සහිත මුදල් ඒකකය කුමක්ද ?

19. ලෝකයේ අඩුවෙන්ම මාංශ පරිභෝජනය කරන රට කුමක්ද ?

20. වික්ටෝරියා කුරුස සම්මානය පිරිනමන්නේ කුමන රටකින්ද ?

කලා තොරතුරු

1. චෙරි උයන නාට්‍ය කෘතිය රචනා කළ රුසියානු ලේඛකයා කවුද ?

2. භාරතයේ නිදහස වෙනුවෙන් කැපවී ක්‍රියා කළ කිවිඳීය කවුරුන්ද ?

3. ඇලෙක්සැන්ඩර් පුෂ්කින් නමැති ලේඛකයා කවර ජාතිකයෙක්ද ?

4. 2015 වසරේ රාජ්‍ය සාහිත්‍ය සම්මානය හිමිකරගත් හොඳම යොවුන් නවකතාව කුමක්ද ?

5. ෂයිලොක්ගේ චරිතය හමුවන්නේ කවර නාට්‍යයකින්ද ?

6. සුප්‍රකට ඩැෆඩිල්ස් ඉංග්‍රීසි කවියේ නිර්මාතෘ කවුද?

7. අභිඥාන ශාකුන්තලය කාගේ කෘතියක්ද ?

8. හංස සංදේශය ලියනු ලැබුවේ කවර රජ සමයකද ?

9. සාහිත්‍ය සඳහා නොබෙල් තෑග්ග දිනූ ප්‍රථම අප්‍රිකානු කළු ජාතිකයා කවුරුන්ද ?

10. සංස්කෘත මහා කාව්‍යයක් රචනා කළ සිංහල රජතුමා කවුරුන්ද ?

11 විජයබා කොල්ලය යනුවෙන් ප්‍රසිද්ධ වූයේ කවර සිද්ධියක්ද ?

12. සීගිරි කැටපත් පවුරේ ගී ආශ්‍රිතව ගී සංග්‍රහයක් සකස් කළේ කවුරුන්ද ?

13. ලොව ප්‍රකට කලා කෞතුකාගාරයක් වන ලූවර් කෞතුකාගාරය ඇත්තේ කොහේද ?

14. ජේසුතුමන් හා සම්බන්ධ ප්‍රසිද්ධ චිත්‍රය කුමක්ද ?

15. සිංහල නාට්‍යය රචනයෙහි පුරෝගාමී වූ පුද්ගලයා කවුරුන්ද ?

16. යක්බෙරය භාවිත කරන්නේ කවර නර්තන සම්ප්‍රදායක් සඳහාද ?

17. මනමේ නාට්‍ය නිෂ්පාදනය කළේ කවුරුන්ද ?

18. ප්‍රථම ජේම්ස් බොන්ඩ් චිත්‍රපටය කුමක්ද ?

19. හින්දු නාට්‍යයේ නිර්මාතෘවරයා ලෙස හැඳීන්වෙන නටරාජා යනු කවරෙක්ද ?

20. නෙයිනගේ සූදුව නාට්‍ය කාගේ නිර්මාණයක්ද ?

විද්‍යාත්මක හේතු

1. වතුර කළයක් උකුළේ තබාගෙන යන අයකුගේ අනෙක් පැත්ත නිකම්ම එසවෙන්නේ ඇයි ?

2. කෘෂිකාර්මික කටයුතු සඳහා නවීන යන්ත්‍ර භාවිතයට වඩා ගවයන් යොදා ගැනීම උචිත වන්නේ ඇයි ?

3. මළගෙදරකට යන විට තුවාල ඇත්නම් ඒවා හොඳීන් වැසෙන ලෙස බැඳ තබා ගන්නේ ඇයි ?

4. තිරස්ව සිටින ලෙස මැදින් එල්ලා ඇති චුම්බකයක් සෑම විටම උතුරු දකුණු දිශාව ඔස්සේ පිහිටන්නේ ඇයි ?

5 නවීන වාහනවල කොටස් ප්ලාස්ටික්වලින් සාදා ඇත්තේ ඇයි ?

6 බොහෝ ආහාර ද්‍රව්‍ය පොලිතීන් බෑග් තුළ අසුරන්නේ ඇයි ?

7. නියං කාලයේ දී පොල් අතු සෙවිලි කළ නිවෙසක සිටීම , උළු සෙවිලි කළ නිවෙසක සිටීමට වඩා සුවදායක වන්නේ ඇයි ?

8. අකුණු ගසන විට රූපවාහිනී, ගුවන්විදුලි යන්ත්‍රාදියෙහි කෙවෙනි ගලවා තබන්නේ ඇයි ?

9. හොඳීන් උදලු ගෑමෙන් පසු වල් පැළෑටි ගිනි තැබීමක් වුවද වර්ෂා කාලයේදී වල් පැළෑටි මතුවන්නේ ඇයි ?

10. එක් ඇසකින් බලනවාට වඩා ඇස් දෙකෙන් බැලීම වඩා සුදුසු වන්නේ ඇයි ?

11. සිසිල් කරන ලද බීම වර්ගයක් වීදුරුවකට දැමීමේදී පිට පැත්තේ ජල බින්දු තැන්පත් වන්නේ ඇයි?

12. ශ්‍රී ලංකාවට ගල් අඟුරු බලාගාරවලට වඩා ජල විදුලි බලාගාර වඩාත්ම යෝග්‍ය වන්නේ වන්නේ ඇයි?

13. ගලගන්ඩය ඇති රෝගීන්ට අයඩින් අඩංගු ආහාර ගැනීමට උපදෙස් දෙන්නේ ඇයි ?

14. පීල්ලකින් ජලය වැටෙන තැන්වලට හිරු එළිය වැටුණු විට වර්ණ දැකිය හැක්කේ ඇයි ?

15. කම්මුල්ගාය, පැපොල වැනි රෝග බොහෝවිට ජීවිත කාලයේ එක් වරක් පමණක් සෑදෙන්නේ ඇයි ?

16. අභ්‍යවශකාශගාමීන් ඔක්සිජන් වායුව රැගෙන යන්නේ ඇයි ?

17. බිත්තිවල හුනු ආලේප කිරීමේදී ලුණු ස්වල්පයක් එකතු කරන්නේ ඇයි ?

දේශීය තොරතුරු- පිළිතුරු

1. කොළඹ – කටුනායක

2. ස්වාධීන රූපවාහිනී සේවය

3. සේනානායක සමුද්‍රය

4. ෆ්‍රෙඩ්රික් නෝර්ත්

5. රුහුණු , මායා, පිහිටි

6. උතුරු මැද පළාතේ

7. මද්දුම බණ්ඩාර කුමාරයා

8. තම්බපණ්ණිය

9. තේ, පොල් , රබර්

10. හැටදාගෙය

11. 1885

12. සීගිරිය

13. ගම්පොළ යුගය

14. 11

15. ඊ.ඒ. නුගවෙල මහතා

16. විභීෂණ රජතුමා

17. ත්‍රිකුණාමලය

18. පණ්ඩුකාභය රජතුමා

19. මහසෙන් රජතුමා

20. සැතපුම් 470

විදේශීය තොරතුරු- පිළිතුරු

1. කාම්බෝජයේ ම්ඩථඥප භාෂාව

2. බෝරෝ බුදුර් විහාරය

3. ඔස්ට්‍රේලියාව සහ පැපුවා නිව්ගිනියා අතර

4. ඡතභඥ නචඵඵඪධද මල

5. රෙඩ්වුඩ් ගස

6. පාපන්දු

7. ලන්ඩනය

8. අමෙරිකා එක්සත් ජනපදයේ චිකාගෝ

9. තල්මසා

10. රියාල්

11. ජෝර්දානය

12. යුක්ලීඩ්

13. යුරෝපානු බයිසන් ගවයා

14. අප්‍රිකානු උප සහරා කලාපය

15. චීනය

16. ජපානයේ ඩ්ධපරභණඪ පන්සල

17. ප්‍රංශය

18. කුවේට් රාජ්‍යය කුවේට් ඩිනාර්

19. ශ්‍රී ලංකාව

20. බ්‍රිතාන්‍යයේ

කලා තොරතුරු – පිළිතුරු

1. ඇන්ටන් චෙකෝෆ්

2. සරෝජනී නායිඳු

3. රුසියානු ජාතිකයෙක්

4. නන්ද හා සරණ

5. මර්චන්ට් ඔෆ් වැනිස් (වැනීසියේ වෙළෙන්දා)

6. විලියම් වර්ඩ්ස්වර්ත්

7. මහාකවි කාලිදාස

8. හයවැනි පැරකුම්බා රජ සමය

9. නයිජීරියානු ජාතික වෝල් සොයින්කා

10. කුමාරදාස රජු

11. කෝට්ටේ රජ කළ හත්වැනි විජයබාහු රජතුමාගේ මරණය

12. සෙනරත් පරණවිතාන

13. ප්‍රංශයේ

14. අවසන් භෝජන සංග්‍රහය

15. සී. දොන් බස්තියන්

16. පහත රට නර්තන සම්ප්‍රදාය

17. ආචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර

18. ඩොක්ටර් නෝ

19. ඊශ්වර දෙවියන්

20. දයා වයමන්

විද්‍යාත්මක හේතු – පිළිතුරු

1. වතුර කළය උකුළෙහි තබාගෙන යන විට ශරීරයේ බර ක්‍රියාකරන රේඛාව බර පැත්තට ළංවෙයි. එම නිසා කෙළින් සිටීමට නොහැකි ය. එම නිසා අනෙක් පැත්තේ අත නිකම්ම එස වේ.

2. නවීන යන්ත්‍ර භාවිතයේදී පරිසරය දූෂණය වේ. එම යන්ත්‍ර භාවිතයේදී විදේශ විනිමය වැයවීම ද අඩු වේ.

3 මළ මිනිය තිබෙන ස්ථානය අවට බැක්ටීරියා විශාල ප්‍රමාණයක් ඇත. එම නිසා තුවාල ආසාදනය විය හැකි ය. එම නිසා මළ ගෙදර යෑමේදී තුවාල හොඳීන් වැසෙන සේ බැඳ ගත යුතු ය.

4. පෘථිවියේ උතුරු දකුණු දිශා ඔස්සේ කාන්දම් බලයක් පිහිටා ඇති බව සැලකේ. එම නිසා චුම්බකයක් උතුරු දකුණු දිශාව ඔස්සේ පිහිටයි.

5. බර අඩුවීමත් මලකෑම වැළැක්වීම සඳහාත් බොහෝ කොටස් ප්ලාස්ටික්වලින් නිපදවයි.

6. ආහාර ද්‍රව්‍ය තුළට තෙතමනය ලැබෙන විට ක්ෂුද්‍ර ජීවීන් වර්ධනය වීම නිසා ආහාර නරක් වේ. පොලිතීන් බෑගය තුළට තෙතමනය නොලැබෙන හෙයින් නරක් නොවේ.

7. නියං කාලයේ දී සූර්යයාගෙන් ලැබෙන තාපය පොල් අතු හරහා ගමන් කරන්නේ ඉතා අඩුවෙන් ය. එම නිසා නිවෙසේ රස්නය අඩු ය. උළු සෙවිලි කළ නිවෙසක උළු රත්වෙන නිසා නිවෙස තුළ උණුසුම දැඩිව දැනේ.

8. අකුණු ගැසීමේදී අධික විද්‍යුත් ආරෝපණයක් ඇතිවන නිසා යන්ත්‍රවලට හානියක් සිදුවිය හැකි ය. එම නිසා යන්ත්‍රවල කෙවෙනි ගලවා තැබීම යෝග්‍ය වේ.

9. වල් පැළෑටිවල විනාශ නොවන නිසා වර්ෂා කාලයක් ලැබුණු පසු නැවතත් වල් පැළෑටි මතුවේ.

10. යම් වස්තුවක පිහිටි දුර නිවැරැදිව අවබෝධයක් ලබා ගැනීම සඳහාත් ත්‍රිමාන දෘෂ්ටිය සඳහාත් ඇස් දෙකෙන් බැලීම යෝග්‍ය වේ.

11. බීම වීදුරුවේ ඇති සිසිලසට වීදුරුව වටේ ඇති වායුගෝලය ද සිසිල් වෙයි. එම වාතයේ ඇති ජල වාෂ්ප ඝනී භවනය වී වීදුරුව පිට පැත්තේ බිංදු ලෙස තැන්පත් වේ.

12. අප රටේ ගල්අඟුරු නැති හෙයින් පිටරටින් ආනයනය කළ යුතු ය.

ශ්‍රී ලංකාව තුළ ජල විදුලිය ලබා ගැනීම සඳහා අවශ්‍ය සාධක තිබෙන හෙයින් ජල විදුලි බලාගාර යෝග්‍ය වෙයි.

13. මෙම රෝගය ඇති වන්නේ තයිරොයිඩ් ග්‍රන්ථිය ඉදිමීමෙනි. එම නිසා රෝගීන්ට අයඩින් අඩංගු ආහාර ලබා ගැනීමට උපදෙස් දෙයි.

14. පීල්ලකින් ජලය වැටෙන විට සිහින් අංශු විසිරේ. එම අංශු මතට හිරු එළිය වැටෙන විට වර්ණ හතකට බෙදී දැකගත හැකි ය.

15. මෙම රෝග වැලඳුණු විට ඒවායින් බෝ කරන වයිරස් විනාශ කිරීමේ ශක්තිය අප සිරුරේම ඇති වේ. මෙසේ ඇතිවන ප්‍රතිශක්තීකරණය ජීවිත කාලය පුරාම පවතී. එම නිසා මෙම රෝගය එක් වරක් වැලඳීය හැකි ය.

16. අභ්‍යවකාශයේ ඔක්සිජන් වායුව අඩු නිසා යානය සඳහා වායුව රැගෙන යයි.

17 බිත්තිවල හුනු ආලේප කරන විට ඝනවීම සඳහා ලුණු ස්වල්පයක් එකතු කරනු ලබයි.

ජගත් අෙබිකෝන්


You may also like

Leave a Comment

1964 වසේ ජූලි 27 වනදා ආරම්භ කල මිහිර පුවත්පත ජාතියේ දූ පුතුන්ගේ දැනුම් තක්සලාව ලෙසින් බොහෝ කාලයක් පුරාවට ලාංකීය දූ පුතුන්ට දැනුම ලබා දෙන පුවත්පතකි.

පත්තර මහගෙදර ලේක්හවුස් පවුලේ ප්‍රකාශනයක් ලෙසින් මිහිර පුවත්පත ඔබ වෙතට පත්වේ.

All Right Reserved @2024. Designed and Developed by Lakehouse IT Department