හාවා පැංචා- මුව පොව්වෝ මේ බලන්න
දුකින් වගේ මොකද ඔයා..
කෑමක් නෑ බීමක් නෑ
වෙනද වගේ සතුටින් නෑ
යහළුවෙක්නේ මම ඔයාගෙ
ඇයි ද කියා මට කියන්න….
මුවා පැංචා- හා පැංචෝ මේ අහන්න
මතකද අපෙ යාළු ඉත්තෑ පැංචා
එයා හොඳටම ලෙඩ වෙලා ලු
යමු නේ ද? බලන්න
හාවා පැංචා- මුව පැංචෝ මමත් කැමැතියි
අපි යමු නේ ඔහු බලන්න. මොනවද අපි ගෙන යන්නේ
අදහසක් නම් නෑ.
මුවා පැංචා- මගෙ ළඟ තියෙනවා රාබු. ඊයේ මට ගෙන ආවේ
වලස් අම්මා කලබලයෙන්.
– ඉතින් හොඳ ද රාබු අල. ලෙඩ වුණු ඉත්තෑවට හොඳ ද?
මුව පැංචා පුදුම වෙලා බැලුවා මොහොතක්.
දෙන්නා එක්ක කතා කරලා. පසුව දවසෙ සැරසුණා. ඉත්තෑ පැංචා ළගට යන්න ගමනට සැරසී. කතා වෙලා මඟට බැහැලා දෙන්නා එක්ක යන්න ගියා. ඉත්තෑ පැංචා පුංචි ඇඳක නිදාගෙන සිටියා. දෙදෙනා ගිහින් බලන් ඉඳලා. ගෙනාපු රාබු අලය ඉත්තෑවට දුන්නා. ඉත්තෑවා රාබු අලය කෑවේ නෑ තියා ගත්තා ඊළඟ සතියෙ මී පැංචා බලන්න යන්නට හිතුවා. ඉත්තෑවාගේ අසනීපය හොඳ වුණා. මී පැංචා සිහි වුණා. රාබු අලය රැගෙන ඉත්තෑවා නික්මුණා. යනෙන අතර ඉත්තෑවාට ලේන් පැංචා හමු වුණා.
ලේන් පැංචා- මේ කොහෙදෝ යන්නේ ඉත්තෑ පැංචෝ?
ඉත්තෑ පැංචා- හුඟ කලකින් ගියේ නැහැ මී පැංචා බලා එන්න. ඒ හින්දා මම යනවා මී පැංචා බලලා එන්න.
දෙදෙනා එක්වී ගියා. මී පැංචා හමු වුණා. මෙන්න යාළු රාබු අලය. හරිම රසයි පිළිගන්නකෝ. කියා කිව්ව ඉත්තෑ පැංචා රාබු අලය මී පැංචාට දුන්නා. හෙට කනවා. අනිද්දා හෝ කියා තැබූ රාබු අලය. තවමත් මේසය මත්තේ. මී පැංචා කෑවේ නැහැ. දින දෙකකුත් ඉක්ම ගියා. හා පැංචා සිහි වුණා. මී පැංචා රාබු රැගෙන. හා පැංචා හමු වුණා.
මී පැංචා- යාළුවකුයි මට දුන්නේ. හරිම රසයි රාබු අලය. ටිකක් කාලා රස බලන්න. මේ වටිනා රාබු අලය.
හා පැංචා- හානේ මේ රාබු අලය. ආපසු ආ රාබු අලය. මුව පැංචා මාත් එක්ක ඉත්තෑ පැංචාට දුන් රාබු අලය. හා පැංචා පුදුම වෙලා. දෑස් විසල්කර
විගසින්. කන් ලොකුකර ඇඟ පුම්බා රාබු අලය පිළිගත්තා.
රූපාන්ති