Home » Blog » ජපානයේ සුන්දර මින්මැදුර Osaka Aquarium Kaiyukan

ජපානයේ සුන්දර මින්මැදුර Osaka Aquarium Kaiyukan

by thanushika
0 comment

Osaka Aquarium Kaiyukan  යනු ජපානයේ ඔසාකා ප්‍රාන්තයේ ,ඔසාකා බොක්ක අසල ඔසාකාහි මිනාටෝ පිහිටා ඇති මින්මැදුරකි. මෙය ප්‍රථමයෙන් විවෘත කරන විට ලෝකයේ විශාලතම මින්මැදුර විය. Osaka Aquarium Kaiyukan  ජපානයේ දර්ශනීය මින්මැදුර වේ.මෙම මින්මැදුරේ ජීවින් විශේෂ 630ක් පමණ සිටිති. 30000කට අධික ජීවින් සංඛ්‍යාවකට නිවනහන වන්නේ මෙම මින්මැදුරයි. මින්මැදුරේ ඇති සෑම දැවැන්ත ටැංකියකම පැසිෆික් සාගරයේ විශ්මය ජනක ලෙස විවිධ වූ වාසස්ථාන සහ පරිසර පද්ධතියක් ප්‍රතිනිර්මාණය කරයි. ඉතින් මේ සූදානම පුංචි දූලා පුතාලට සුන්දරත්වයෙන් යුතු Osaka Aquarium Kaiyukan  මින්මැදුර පිළිබඳ තොරතුරු රැගෙන එන්නයි.

Osaka Aquarium Kaiyukan  මින්මැදුර වර්ෂ 1990 දී විවෘත කරන ලදි. මෙම මින්මැදුර විවෘත කළ දින 40කදී නරඹන්නන් සංඛ්‍යාව මිලියන 1 ක් සහ දින 101 ක නරඹන්නන් සංඛ්‍යාව මිලියන 2 ක් පමණ පසුකර ඇත. වසරකදී මෙම මින්මැදුර නරඹන්නන් සංඛ්‍යාව මිලියන 5.6 ක් පමණ වේ. එවකට පැවති ටෝකියෝ සී ලයිෆ් උද්‍යානයේ ජාතික වාර්තාව අභිබවා යමින් ජපානයේ Osaka Aquarium Kaiyukan  මින්මැදුරට වේගවත්ම වාර්තාව හිමි විය. 2014 වර්ෂයේ මුළු නරඹන්න සංඛ්‍යාව මිලියන 65 ඉක්මවා ඇත. මෙම වාර්තාව ජපානයේ හොඳම වාර්තාව වූ අතර, එය Toba Aquarium  අභිබවා ගියේ ය. වර්ෂ 2017 දී, නරඹන්නන් සංඛ්‍යාව මිලියන 75 දක්වා ළඟා වූ අතර, එය ජපානයේ වැඩිපුරම නරඹන ලද මින්මැදුර බවට පත් විය. වර්ෂ 2024 මිලියන 85 ක සම්පූර්ණ අමුත්තන්ගේ ජයග්‍රහණය සැමරීම සඳහා උත්සවයක් පවත්වන ලදි.

ඇවිදින මින්මැදුරේ ප්‍රධාන ප්‍රදර්ශන 16 ක ටැංකි 27කින් සමන්විත වාසස්ථාන කිහිපයක සාගර ජීවින් ප්‍රදර්ශනයකර ඇත. කැලිෆෝනියානු මුහුදු සිංහයන්,ලාර්ගා සීල්,පෙන්ගුයින්,මුදු වලිග සහිත කබාය ,කොළ ඉගුවානා,පැසිෆික් සුදු පාර්ශ්වීය ඩොල්ෆින්,පෙන්ගුවානා,බූවල්ලා,පොකිරිස්සෝ,රතු මුහුදු බ්‍රීම්,ලොගර්හෙඩ් මුහුදු කැස්බෑවන් සහ කකුළුවන් වැනි සතුන් රාශියකගේ නිවහන වේ.මෙහි ඇති විශාලතම ටැංකිය වන්නේ පැසිෆික් සාගර ටැංකියයි. එහි දිග මීටර් 34 කි.ගැඹුර මීටර් 9 ක් සහ ඝනකම මීටර් 5400ක් පමණ වේ.මෙම ටැංකියේ ඉන්දියානු මාළු වර්ග ජීවත් වේ.

Osaka Aquarium Kaiyukan  මින්මැදුරේ ප්‍රදර්ශනයකර ඇති ජනප්‍රය සතුන් වන්නේ තල්මසුන් සහ මෝරුන් ය. Osaka aquarium යනු okinawa ocean expo aquariumf  පසුව තල්මසුන් සහ මෝරුන් තබාගැනීමට ආරම්භ කළ ලොව දෙවැනි මින්මැදුරයි. වර්ෂ 1994 දී මෙම මින්මැදුරට සාර්ථකව මැන්ටා කිරණ ආකර්ෂණය කරගත් අතර, එය ලෝකයේ දෙවන ස්ථානය හිමිකර

ගෙන ඇත. වර්ෂ 1995 දී සාගර සූර්ය මාළුවකු මෙම මින්මැදුරේ තබා ගන්නා ලදි.මෙම මාළු ඇති ලෝකයේ මින්මැදුරන් කිහිපයෙන් එකක් බවට මෙය පත් විය. සාගර සූර්ය මාළුවන්ගේ විශාල ප්‍රමාණය සහ හැඩය නිසා ,මෙම මින්මැදුර ජනප්‍රයතාවයට පත් විය. වර්ෂ 2013 නව අන්තර් ක්‍රියාකාරී ප්‍රදේශයක් විවෘත කරන ලදි.මෙය විවෘත කිරීමෙන් අමුත්තන්ට සතුන් සමීපව දැකීමට සහ සතුන් ස්පර්ශ කිරීමට හැකියාව ඇත.මෙම අන්තර් ක්‍රියාකාරී ප්‍රදේශයේ කලාප ත්‍රිත්වයක් ඉදිකර තිබේ. එනම් ආක්ටික් කලාපය ,ෆෝක්ලන්ඩ් දූපත් කලාපය හා මාලදිවයිනේ කලාපය වේ.

මින්මැදුරේ භාවිතකර ඇති ටැංකි ඇක්‍රිලික් වීදුරුවලින් සාදා ඇත . ටැංකිය තැනීම සඳහා ඇක්‍රිලික් පැනල් 100ක් පමණ භාවිත කරන ලද අතර, එය සමාගම් හතරක් විසින් නිෂ්පාදනය කරන ලදි. ටැංකිවලට ඔක්සිජන් සපයනු ලබන්නේ කෘතීම දිය ඇලි නිර්මාණය කිරීමෙන් ය.බොහෝ දිය ඇලි ටැංකි පිටුපස පිහිටා ඇත. පිටත බිත්තියේ ඇති මාළු බිතුසිතුවම එක්සත් ජනපදයේ වෙසෙන ඉංග්‍රීසි නිර්මාණ කරුවකු වන Serge Chermayeff  විසින් පින්තාරු කරන ලදි.මෙහි සම්පූර්ණ ගොඩනැඟිල්ල නිර්මාණය කරන ලද්දේ Cambridge Seven Associates r පාරිසරික සංවර්ධන ආයතනයේ ප්‍රධානියා වූ ඔහුගේ පුත් පීරට් විසින් ය.

චතුරි ලක්ෂිකා


You may also like

Leave a Comment

1964 වසේ ජූලි 27 වනදා ආරම්භ කල මිහිර පුවත්පත ජාතියේ දූ පුතුන්ගේ දැනුම් තක්සලාව ලෙසින් බොහෝ කාලයක් පුරාවට ලාංකීය දූ පුතුන්ට දැනුම ලබා දෙන පුවත්පතකි.

පත්තර මහගෙදර ලේක්හවුස් පවුලේ ප්‍රකාශනයක් ලෙසින් මිහිර පුවත්පත ඔබ වෙතට පත්වේ.

All Right Reserved @2024. Designed and Developed by Lakehouse IT Department