Home » Blog » ලෝකයේ සුන්දර අභයභූමි

ලෝකයේ සුන්දර අභයභූමි

by thanushika
0 comment

අභයභූමි යනු ස්වාභාවික වාසස්ථාන සහ ඒවායේ වාසය කරන සතුන් ආරක්ෂා කරන සහ සංරක්ෂණය කරන ප්‍රදේශ වේ. මෙය ශාක සහ බොහෝ සතුන් සඳහා ආරක්ෂිත තෝතැන්නකි. ඔවුන් ලොව පුරා සිටින පරිසර හිතකාමී සංචාරකයන්ට අත්‍යවශ්‍ය පරිසර පද්ධතිවලට බාධා නොකර වන සතුන් දැකීමට අවස්ථාව ලබා දෙයි. අභයභූමි ලෝකයේ සෑම රටකම දක්නට ලැබේ. ඉතින් මෙවර මිහිර පෝස්ටරය සැකසෙන්නේ ලෝකයේ අභයභූමි ඇසුරෙනි.

 

බෑන්ක්ස් අර්ධද්වීප සාගර ක්ෂීරපායි අභයභූමිය (Banks Peninsula Marine Mammal Sanctuary)

මෙම අභයභූමිය නවසීලන්තයේ පිහිටා ඇත.බෑන්ක්ස් අර්ධද්වීප සාගර ක්ෂීරපායි අභයභූමිය වර්ග කිලෝමීටර් 14,310ක් පමණ භූමි ප්‍රමාණයකින් යුක්ත වේ. එය Te Rohe o Te Whanau puha Kaikoura Whale Sanctuary හි දකුණු මායිමේ සිට, දකුණින් Waitak ගඟ දක්වා සහ වෙරළේ සිට නාවික සැතපුම් 20ක් දුරින් මුහුද දක්වා විහිදෙයි.

වර්ෂ 1988දී මෙම අභයභූමිය ප්‍රථම වරට සැලසුම් කරන ලදි. වසර 20කට පසුව හෙක්ටර්ගේ ඩොල්ෆින් මසුන් ආරක්ෂා කිරීමේ තවත් උත්සාහයක් ලෙස අභයභූමියේ මායිම් දීර්ඝ කරන ලදි. බෑන්ක්ස් අර්ධද්වීපය දකුණු දිවයිනේ නැඟෙනහිර වෙරළ තීරයේ හෙක්ටර්ගේ ඩොල්ෆින් සඳහා උණුසුම් ස්ථානයක් ලෙස හඳුනාගෙන ඇත. හෙක්ටර්ගේ ඩොල්ෆින් යන මත්ස්‍යයන් සහ අනෙකුත් බොහෝ සාගර සතුන් සඳහා මෙය කදිම වාසස්ථානයකි.

****************

Currumbin අභයභූමිය

Currumbin  අභයභූමිය ඔස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්තයේ පිහිටා ඇත. මෙය වර්ෂ 1947දී ඉදිකර ඇත. Currumbin  අභයභූමිය වර්ෂ 2009 සැප්තැම්බර් 18 වැනි දින ක්වීන්ස්ලන්ත උරුම ලේඛනයට එකතු කරන ලදි. වර්ෂ 1964 සිට ක්‍රියාත්මක කරන ලද කුඩා දුම්රිය මාර්ගයක් ද මෙහි ඇත. කෝලා, වොල්බීස්, ටස්මේනියානු කැන්ගරුවන්, කිඹුලන් සහ තවත් බොහෝ සතුන් මෙම අභයභූමියේදී නැරැඹිය හැකි ය. Currumbin  අභයභූමියේ සත්ත්ව රෝහලක් ද පිහිටා ඇත. මෙහි සතුන් පුනරුත්ථාපනය කර ඇති අතර, හැකි සෑම අවස්ථාවකම ඔවුන්ගේ ස්වාභාවික වාසස්ථාන වෙත ඔවුන් මුදා හැරෙයි.

****************

Lone pine koala අභයභූමිය

ලෝන් පයින් කෝලා අභයභූමිය යනු ඔස්ට්‍රේලියාවේ වඩාත්ම කැපී පෙනෙන සත්ත්වයකු වන කෝලා වෙනුවෙන් සැකසූ විචිත්‍රවත් ක්‍රීඩා පිටියකි. මෙම අභයභූමියේ කෝලා සත්ත්වයන් 100කට අධික සංඛ්‍යාවක් ජීවත් වෙති. මෙම අභයභූමිය කැන්ගරු, වොම්බට්, කුරුල්ලන් සහ පොසම් ඇතුළු දේශීය ඔස්ට්‍රේලියානු සත්ත්ව විශේෂ 70කට ස්වාභාවික වාසස්ථානයකි. ක්වීන්ස්ලන්තයේ බ්‍රිස්බේන් ගං ඉවුරේ පිහිටි සශ්‍රීක ඔස්ට්‍රේලියානු වෘක්ෂලතා මධ්‍යයේ, එහි යන සංචාරකයන්ට කෝලා වැනි සුන්දර ලොම් සහිත සතුන් සමඟ සමීපව සිටීමට හැකියාව තිබේ.

****************

Changchill  අභයභූමිය

Changchill  අභයභූමිය උතුරු තායිලන්තයේ පිහිටා ඇත. මෙය ලොව ප්‍රථම අලි- හිතකාමී වාණිජ ස්ථානය ලෙස ප්‍රසිද්ධ වී තිබේ. Changchill  අභයභූමිය නැරැඹීමට හොඳම කාලය වන්නේ නොවැම්බර් සිට පෙබරවාරි ඇතුළත කාලයයි. මෙම අභයභූමියේ ගැහැනු අලි ඇතුන් බහුලව හමුවීමට හැකියාව තිබේ. මේ හැරුණු විට මේ මුන්, මේ යුවෙන්, මේ ටූ, මේ මොලෙකෝ, මේ මයුරා සහ මේ ගොගේ යන සතුන් ද මෙහි දැකගත හැකි වේ. Changchill  යනු තායි භාෂාවෙන් විවේකයෙන් සිටින අලි යන්නයි. මෙම අභයභූමියේ සැරිසරන අලි ඇතුන්ට ඔවුන්ගේ අභිමතය පරිදි සැරිසැරීමට නිදහස ඇත. Changchill  අභයභූමිය ලෝක සත්ත්ව ආරක්ෂණය විසින් අනුමතකර ඇත. අභයභූමියට පැමිණෙන ළමයින්ට සහ වැඩිහිටියන්ට අලි ඇතුන්ගේ ජීවන චක්‍රය, පුරුදු සහ රැකවරණය පිළිබඳ ඉගෙන ගත හැකි අතර, එහි පදිංචි අලි ඇතුන් දුසිම් භාගයක් පමණ නිරීක්ෂණය කළ හැකි ය.

****************

ඔසා අභයභූමිය ( Osa Wildlife Sanctuary)

ඔසා වනජීවී අභයභූමිය නිරිතදිග කොස්ටාරිකාවේ ඔසා අර්ධද්වීපයේ පිහිටි සත්ත්ව ගලවා ගැනීමේ මධ්‍යස්ථානයකි. මෙම අභයභූමියට ඇතුළුවීමට හැකියාව තිබෙන්නේ බෝට්ටුවලින් පමණි. ඔසා අභයභූමිය පියඩ්‍රාස් බ්ලැන්කාස් ජාතික වනෝද්‍යානයෙන් වට වී ඇත. මෙම මධ්‍යස්ථානය අපයෝජනයට ලක් වූ, තුවාල ලැබූ, අනාථ වූ සහ රාජසන්තක කරන ලද සතුන් පුනරුත්ථාපනය කිරීම සඳහා කැපවී ඇත. මෙම අභයභූමියේ වඳුරන්, කුහුඹුවන්, විදේශීය පක්ෂීන්, Sloth  සහ වල් බළලුන් වැනි විවිධ සත්ත්ව වර්ග සිටිති. ඔසා වනජීවි අභයභූමිය යනු ස්වෙච්ඡා සේවකයන්, පරිත්‍යාග සහ චාරිකාවලින් අරමුදල් ලබන ලාභ නොලබන සංවිධානයකි.

****************

කොස්ටාරිකාවේ ස්ලොත් අභයභූමිය (Sloth Sanctuary of Costa Rica)

කොස්ටාරිකාවේ ස්ලොත් අභයභූමිය යනු  Cahuita  නගරය ආසන්නයේ පිහිටි අභය භූමියකි. මෙම අභයභූමිය කැපවී ඇත්තේ තුවාල ලැබූ හෝ අනාථ වූ Sloth  සත්ත්වයන් බේරා ගැනීම, පුනරුත්ථාපනය කිරීම, පර්යේෂණ සහ මුදා හැරීම සඳහා ය. වර්ෂ 1992දී පිහිටුවන ලද, කොස්ටාරිකාවේ ස්ලොත් අභයභූමිය ලොව ප්‍රථම Sloth  ගලවා ගැනීමේ මධ්‍යස්ථානයයි. මෙම වාසස්ථානය ප්‍රධාන වශයෙන් කේන්ද්‍රගත වී ඇත්තේ කොස්ටාරිකා සශ්‍රීක නිවර්තන වැසි වනාන්තර සහ එස්ට්‍රෙල්ලා ගඟේ සුන්දර භූ දර්ශනවලට මැදි වෙමිනි.

****************

Tierra Del Fuego අභයභූමිය

දකුණු අමෙරිකාවේ දකුණු කෙළවරේ මෙම අභයභූමිය පිහිටා ඇත. මෙම ජාතික වනෝද්‍යානය ග්ලැසියර, තුන්ද්‍රා වැනි විවිධ භූ දර්ශනවලින් යුක්ත වන අතර, කිලෝමීටර් 220ක් දිග විස්මිත වෙරළ තීරයකින් ද යුක්ත ය. කඳු නැඟීම සහ මසුන් ඇල්ලීම සඳහා වඩාත් සුදුසු අභය භූමියකි. Tierra, culpeos, steamer ducks, Magellanic woodpeckers, albatrosses, black-chested buzzard eagles වැනි දුර්ලභ පක්ෂි වර්ග සඳහා මෙන්ම යුරෝපීය හාවන් සහ උතුරු අමෙරිකානු බීවර් වැනි විදේශීය සතුන් සඳහා මෙම තෝතැන්නකි. මෙම අභයභූමියේ ක්ෂීරපායි සතුන් විශේෂ විස්සක් පමණ ජීවත් වෙති.

****************

Woodstock Farm අභයභූමිය

Woodstock Farm අභයභූමිය වර්ෂ 2004දී ආරම්භ කරන ලදි. මෙම අභය භූමිය එක්සත් රාජධානියේ පිහිටා තිබේ. මෙම අභයභූමියේ භූමි ප්‍රමාණය අක්කර 150ක් පමණ වේ. වුඩ්ස්ටොක් ෆාම් අභයභූමිය සතුන් දහස් ගණනකගේ ජීවිත බේරාගෙන ඇත. මෙම අභයභූමියේ දැනට තාරාවන්, කුකුළන්, පාත්තයන්, ලාමා, එළදෙනුන්, ඌරන්, බැටළුවන්, එළුවන් සහ කළුකුමා ඇතුළු ගලවාගත් 380කට අධික පදිංචිකරුවන්ට දෛනික රැකවරණය සහ වෛද්‍ය ආධාර සපයයි. Woodstock Farm අභයභූමියේ මෙහෙවර වන්නේ සත්ත්ව ගොවිපළ සතුන් බේරා ගැනීම, ඔවුන්ට රැකවරණය සහ අභයභූමිය ලබාදීම, සත්ත්ව ආහාරවලින් තොර ආහාර ගැනීම සඳහා මිනිසුන් සමඟ සතුන් සම්බන්ධ කිරීම, අනෙකුත් සමාජ සාධාරණත්වයේ ව්‍යාපාර සමඟ සන්ධානගතව සත්ත්ව අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටීමයි.

****************

Verdiazul  කැස්බෑ අභයභූමිය

කොස්ටාරිකාවේ Playa Junquillal  යනු මුහුදු කැස්බෑවන් සඳහා ප්‍රධාන කැදලි ස්ථානයකි. ඔලිව් රිඩ්ලි සහ ලෙදර්බැක් කැස්බෑවන් මෙහි බෝ වන අතර, මෙම සුන්දර ජීවීන් සංරක්ෂණය කිරීම සඳහා Verdiazul  කැස්බෑ අභයභූමිය පිහිටුවන ලදි. එය දේශගුණික විපර්යාස අවම කිරීම සහ අනුවර්තනය වීම, මුහුදු කැස්බෑවන් ආරක්ෂා කිරීම, ඝන අපද්‍රව්‍ය බැහැර කිරීම, පාරිසරික දැනුම්වත් බව ප්‍රවර්ධනය කිරීම සහ ජාතික හා ජාත්‍යන්තර ස්වේච්ඡා සේවකයන් සමඟ වැඩ කිරීමට උපකාරී වේ. ඍඥපඤඪඒලභත යනු ස්වාභාවික ආරක්ෂාව සඳහා විමර්ශනය, පාරිසරික අධ්‍යාපනය සහ නායකත්වය ඒකාබද්ධ කිරීමෙන් පරිසරය සංරක්ෂණය සඳහා කටයුතු කරන ප්‍රාදේශීය සංවිධානයකි.

සැකූසුම – චතුරි ලක්ෂිකා

 


You may also like

Leave a Comment

1964 වසේ ජූලි 27 වනදා ආරම්භ කල මිහිර පුවත්පත ජාතියේ දූ පුතුන්ගේ දැනුම් තක්සලාව ලෙසින් බොහෝ කාලයක් පුරාවට ලාංකීය දූ පුතුන්ට දැනුම ලබා දෙන පුවත්පතකි.

පත්තර මහගෙදර ලේක්හවුස් පවුලේ ප්‍රකාශනයක් ලෙසින් මිහිර පුවත්පත ඔබ වෙතට පත්වේ.

All Right Reserved @2024. Designed and Developed by Lakehouse IT Department