Home » Blog » සොබාදහමේ සුන්දරත්වයෙන් පිරුණු තුර්කියේ කපු මාලිගාව

සොබාදහමේ සුන්දරත්වයෙන් පිරුණු තුර්කියේ කපු මාලිගාව

by thanushika
0 comments

Pamukkale තුර්කි භාෂාවෙන් කපු මාලිගාව ලෙස හඳුන්වනු ලබයි. මෙය නිරිතදිග තුර්කියේ ඩෙනිස්ලි පළාතේ ස්වාභාවික අඩවියකි. Pamukkale ටෙරස් සෑදී අත්තේ උණු දිය උල්පත්වලින් ලැබෙන ඛනිජ ජලය මඟින් තැන්පත් වූ අවසාදිත පාෂාණයක් වන ට්‍රැවර්ටයින්වලිනි. මෙය පිහිටා ඇත්තේ තුර්කියේ ඒජියන් කලාපයේ සෞම්‍ය දේශගුණයක් ඇති Menderes ගංගා නිම්නයේ ය. පුරාණ ග්‍රීක නගරයක් වන හයිරාපොලිස් ඉදිකර ඇත්තේ ට්‍රැවර්ටයින් සැකැස්ම අනුව ය. එය මීටර් 2700ක් පමණ දිග ය. පළල මීටර් 600ක් සහ උස මීටර් 160ක් පමණ වේ. කඳු බෑවුමෙන් සෙමින් ගලා බසින, ඛනිජ බහුල ජලය එකතු වී ඛනිජ ටෙරස් පහළ තටාකවලට ගලා බසියි. මෙය වර්ෂ 1988 ඩ්ඪඥපචනධතඪඵ සමඟ යුනෙස්කෝ ලෝක උරුම අඩවියක් ලෙස එකතුකර ඇත. ඉතින් මේ සූදානම පුංචි දූලා පුතාලට නචථභඬඬචතඥ පිළිබඳ තොරතුරු රැගෙන එන්නයි.

Pamukkale ප්‍රදේශයේ සෙල්සියස් අංශක 35 සිට සෙල්සියස් අංශක 100 දක්වා උෂ්ණත්වයන් සහිත උණු දිය උල්පත් 17ක් පමණ පිහිටා තිබේ. උල්පතෙන් ගලා යන ජලය මීටර් 320ක් ට්‍රැවර්ටයින් ටෙරස්වල හිසට එකතු කරයි. මීටර් 24ක් පමණ භූමි ප්‍රමාණයක් ආවරණය කරමින් කැල්සියම් කාබනේට් තැන්පත් කරයි. මීටර් 30ක් පමණ දක්වා කැල්සියම් කාබනේට් සමඟ අධි සංතෘප්ත ජලය මතුපිටට ළඟා වූ විට, කාබන්ඩයොක්සයිඩ් වායුව ඉවත්කර කැල්සියම් කාබනේට් තැන්පත් වේ. කැල්සියම් කාබනේට් මෘදු ජෙල් ලෙස ජලයෙහි තැන්පත් වන අතර, එය අවසානයේ ට්‍රැවර්ටයින් බවට පත් කරයි.

Pamukkale විවිධ ක්‍රියාකාරකම්වලින් සමන්විත වේ. එනම් Karahayıt  තාප ජලයේ පිහිනීම,විස්මය ජනක ගෘහ රෙදිපිළි නිෂ්පාදනය, Hierapolis  පැරැණි නගරය නැරැඹීම සහ ඡායාරූප ගැනීම, කඳු නැඟීම හා පාවහන් නොමැතිව ඇවිදීම ආදියයි. ඩෙනිස්ලිහි විනෝදාස්වාදය සඳහා හොඳම කලාපය වන්නේ ඛ්චථතඪඬ යි. මෙහි අවන්හල්,කැෆේ,සාප්පු සවාරි සහ විනෝදාස්වාද මධ්‍යස්ථාන පිහිටා ඇත. මෙම ප්‍රදේශයේ නිරන්තරයෙන් සංගීත ඉසව් සංවිධානය කරනු ලබයි.

Pamukkale පැවැත්වෙන ප්‍රධාන උත්සවයක් වන්නේ හොනාස් චෙරි උත්සවයයි. මෙය මැයි හෝ ජූනි මාසවල පැවැත් වේ. නගරයේ පැවැත්වෙන තවත් ප්‍රසිද්ධ උත්සවයක් වන්නේ ජාත්‍යන්තර පාමුක්කලේ සංගීත හා සංස්කෘතික උත්සවයයි. මෙය සැප්තැම්බර් මාසයේ

පැවැත් වේ. ජූනි 2 සහ 8 දිනවලදී බීජ රහිත මිදි උත්සවය පැවැත් වේ. ඩෙනිස්ලිහි අලංකාර ගෘහ රෙදිපිළි නිෂ්පාදන සොයා ගත හැකි ය. ලෝගු,තුවා,ඇඳ ඇතිරිලි සහ අත් පිස්නා වැනි සියලු වර්ගවල නිෂ්පාදන නචථභඬඬචතඥ දැකිය හැකි ය. වීදුරු සහ මැටිවලින් ආභරණ සාදනු ලබයි.

Pamukkale නැරැඹීම සඳහා දෙස් විදෙස් සංචාරකයෝ පැමිණෙති. ඔවුන් මෙහි පැමිණ විනෝද වීමට කැමැති ය. විවේකීව ජීවිතය ගත කිරීමට හොඳම ස්ථානක් වන්නේ Pamukkale ය. අලංකාරබවින් යුතු මෙම Pamukkale කාගෙත් නෙත් වසඟ කරගනියි.

චතුරි ලක්ෂිකා


You may also like

Leave a Comment

1964 වසේ ජූලි 27 වනදා ආරම්භ කල මිහිර පුවත්පත ජාතියේ දූ පුතුන්ගේ දැනුම් තක්සලාව ලෙසින් බොහෝ කාලයක් පුරාවට ලාංකීය දූ පුතුන්ට දැනුම ලබා දෙන පුවත්පතකි.

පත්තර මහගෙදර ලේක්හවුස් පවුලේ ප්‍රකාශනයක් ලෙසින් මිහිර පුවත්පත ඔබ වෙතට පත්වේ.

All Right Reserved @2024. Designed and Developed by Lakehouse IT Department