Home » Blog »  පුංචි ඔබේ දැනුම පොතට

 පුංචි ඔබේ දැනුම පොතට

by thanushika
0 comment

 

දේශීය තොරතුරු

1. ශ්‍රී ලංකාවේ ඇසළ උත්සවය පවත්වනු ලබන්නේ කුමන නගරය ආශ්‍රිතව ද ?

2. දක්ෂිණ අධිවේගී මාර්ගයේ සංකේතය කුමක්ද ?

3. අවුකන බුදුපිළිමය පිහිටියේ කුමන දිස්ත්‍රික්කයේද ?

4. සෙංකඩගල රාජධානිය ලෙස ප්‍රකටව තිබෙන නගරය කුමක්ද ?

5. රතිඤ්ඤා සහ මල් වෙඩි ප්‍රසිද්ධ ප්‍රදේශය කුමක්ද ?

6. ලෝක උරුමයක් වන ශ්‍රී ලංකාවේ වනාන්තරය කුමක්ද ?

7. වන වාහිනී නදිය කුමක්ද ?

8. කිරල සංදේශය කුමන යුගයට අයත්ද?

9. ශ්‍රී ලංකාවේ ජාතික සංකේතයක් වන මැණික කුමක්ද ?

10. ව්ඍQ 7 මට්ටම යනුවෙන් හැඳීන්වෙන්නේ කුමක්ද ?

11. ශ්‍රී ලංකාවේ ජාතික සත්ත්වයා කවුරුන්ද ?

12. ශ්‍රී ලංකාවේ සංස්කෘතික ත්‍රිකෝණයන් සම්බන්ධ වන නගර තුන කුමක්ද ?

13. ශ්‍රී ලංකාවේ භාවිත කෙරෙන ප්‍රධාන සිවිල් නීති ක්‍රම දෙක කුමක්ද ?

14. ශ්‍රී ලංකාවේ ජනරජ ලාංඡනයේ නිර්මාතෘවරයා කවුරුන්ද ?

15. ජාතියේ පියා යන විරුදාවලිය ලත් අපේ අග්‍රාමාත්‍යවරයා කවුරුන්ද ?

16. පුන්කළසින් සංකේතවත් වන්නේ කුමක්ද?

17. ශ්‍රී ලංකාවේ අලුතින්ම ඉදි වූ දකුණු පළාතේ වරාය කුමක්ද ?

18. සුනාමි ඛේදවාචක හේතු කොටගෙන වැඩිම හානියක් සිදු වූ දිස්ත්‍රික්කය කුමක්ද ?

19. ශ්‍රී ලංකාවේ ප්‍රධාන භාෂා දෙක කුමක්ද ?

20. ශ්‍රී ලංකාවේ භාවිතවන මුදල් වර්ගය හඳුන්වන්නේ කුමන නමකින්ද ?

විදේශීය තොරතුරු

1. ලොව පැරැණිතම පාර්ලිමේන්තුව ඇති රට කුමක්ද ?

2. ලුවී රජ පෙළපත කුමන රටකට අයත්ද ?

3. අමෙරිකාවේ විමුක්ති සටනේ පියා ලෙස සැලකෙන්නේ කවුරුන්ද ?

4. ලොව විශාලතම සමාජවාදී රාජ්‍යය කුමක්ද ?

5. ලොව ජීවත්වන උසම සිවුපා සතා කවරෙක්ද ?

6. ලෝක ඒඩ්ස් දිනය කවදාද ?

7. ලෝක බෞද්ධ සම්මේලනය ආරම්භ කළ ශ්‍රී ලාංකිකයා කවුරුන්ද ?

8. ජාත්‍යන්තර වශයෙන් අන්ධ පුද්ගලයන් සඳහා ඇති සංකේතය කුමක්ද ?

9. ලෝකයේ වැඩිම පිරිසක් කතා කරන භාෂාව කුමක්ද ?

10. ලෝකයේ කෙටිම ජාතික ගීයේ පද පේළි කීයද ?

11. චීන මහා ප්‍රාකාරයේ දිග කොපමණද ?

12. ලෝක ආදිවාසී දිනය කවදාද?

13. ලෝකයේ පවතින ලොකුම ක්‍රීඩා සැණකෙළිය කුමක්ද ?

14. ලෝකයේ වැඩි වශයෙන්ම ස්වාභාවික ආපදා සිදුවන රට කුමක්ද ?

15. සාක් සමුළුව ආරම්භ කළේ කිනම් වසරේදී ද ?

16. නොබෙල් තෑග්ග වැඩිපුරම දිනාගත් අන්තර්ජාතික

සංවිධානය කුමක්ද ?

17. ලෝකයේ දිගම ගඟ පිහිටා ඇත්තේ කිනම් මහද්වීපයේද ?

18. ලන්ඩන් නුවර හරහා ගමන් කරන ගංගාව කුමක්ද ?

19. වැඩිම පිරිසක් අදහන ආගම කුමක්ද ?

20. රුසියාවේ ජාතික සත්ත්වයා කවුරුන්ද ?

විද්‍යාත්මක හේතු

1. වැසි දිනවල ගංගාවල ජලය බොර පාට වන්නේ ඇයි ?

2 අහස් කූරක වෙඩි නූලකට ගිනි තැබූ විට එහි වෙඩි බෙහෙත් දැවී දුම් පිටවන දිශාවට විරුද්ධ දිශාවට අහස්කූර ගමන් කරන්නේ ඇයි ?

3. එකම ආකාරයේ පන්දුවලට සමහර අයට වඩා දුරක් විසි වන සේ පහර දිය හැක්කේ ඇයි ?

4 ලෑල්ලකට යට වී තිබූ තණකොළ ටික දිනකින් කහ පාට වේ. එම ලෑලි ඉවත්කර තැබූ විට නැවතත් කොළපාට වෙන්නේ ඇයි ?

5. පැළෑටිවලට කෘත්‍රිම පොහොර දැමූ විට ජලය දැමිය යුත්තේ ඇයි ?

6. වී සාම්පලයක් ජල බඳුනකට දැමූ විට සමහර වී ඇට ජලයේ ගිලෙන නමුත් සමහර වී ඇට මතුපිට පාවෙන්නේ ඇයි ?

7. කොටියාගේ රදනක දත් මිනිසාගේ රදනක දත්වලට වඩා තියුණු වන්නේ ඇයි ?

8. නිතර නිතර නිරාහාරව සිටින්නන්ගේ ආමාශයේ ප්‍රදාහය ඇතිවන්නේ ඇයි?

9. ලුණු අධික ආහාර ගත්විට වැඩිපුර පිපාසය දැනෙන්නේ ඇයි ?

10 ධීවරයන් බීමට ජලය ගොඩබිමේ රැගෙන යන්නේ ඇයි ?

11 වෘත්තාකාර තණපිටියක් වටේ ඒකාකාර ප්‍රවේගයෙන් බයිසිකලයක් පැදගෙන යන අයකුගේ ප්‍රවේගය නිතරම වෙනස් වන්නේ ඇයි ?

12. රේල් පාරක පීලි ඈතට යන විට ළංව ඇති ලෙස පෙනෙන්නේ ඇයි ?

13. කන්දක් ඉදිරියේ සිට තැබූ වෙඩිල්ලක හඬ ටික වෙලාවකට පසු නැවත ඇසෙන්නේ ඇයි ?

14. ඵභනඥපඵධදඪජ යානයක් තුළ ගමන් කරන්නාට එහි ශබ්ද නොඇසෙන්නේ ඇයි ?

15. බිම දිගේ වැඩෙන වැලක් ආධාරකයක් හමුවූ විට එහි එතී වැඩෙන්නේ ඇයි ?

කලා තොරතුරු

1. නිසඳැස් කාව්‍ය සම්ප්‍රදාය අපට හඳුන්වා දෙන ලද්දේ කවරකු විසින්ද ?

2. ඇඩොල්ෆ් හිට්ලර් විසින් රචනා කළ කෘතිය කුමක්ද ?

3. 2005 වසරේ රාජ්‍ය සාහිත්‍ය උලෙළේ හොඳම නවකතාවට හිමි සම්මානය හිමි වූයේ කාටද ?

4. සිංහලයේ කෙටිම සංදේශ කාව්‍ය කුමක්ද ?

5. පංච තන්ත්‍රයෙහි කතුවරයා කවුරුන්ද ?

6 The Wall Street Journal  පුවත්පත පළවන රට කුමක්ද ?

7. සුප්‍රසිද්ධ ඉන්දීය ලේඛක ආර්.කේ. නාරායන් මහතා අභාවප්‍රාප්ත වූයේ කවදාද ?

8. සාහිත්‍යය යුග වශයෙන් බෙදා දැක්වූ විට අනුරාධපුර සමය සැලකෙන්නේ කවර වර්ෂය අතර කාලයේද ?

9. මත්පැන් පානයේ ආදීනව දැක්වීමේ පරමාර්ථයෙන් පියදාස සිරිසේන ලියූ නවකතාව කුමක්ද ?

10. නීලකොබෝ සංදේශයේ කතුවරයා කවුරුන්ද ?

11. ‘මා පයට තණ නිල්ල’ නම් ග්‍රන්ථය ලියූ ලේඛකයා කවුරුන්ද ?

12. බුදුගුණ අලංකාරය රචනා කළේ කවුද?

13. දැනට දකින්න ඇති පැරැණිතම සිංහල කෘතිය කුමක්ද ?

14. සීතාවක රාජධානි සමයේ පද්‍ය කෘති වැඩි ගණනක් ලියූ කවියා කවුරුන්ද ?

15. මුසලඩි වන්නමෙන් නිරූපණය කරන්නේ කවර සතකුගේ ඉරියව්ද ?

16. මහා ඇලෙක්සැන්ඩර් රජුගේ සිත් දිනා ගත් ග්‍රීක චිත්‍ර ශිල්පියා කවුරුන්ද ?

17. අතීතයේදී කැටයම් කලාවෙන් ලොව විශ්මිත නිර්මාණ කළේ කවර ජාතිකයන්ද?

18. භරත නාට්‍ය සම්ප්‍රදායෙහි මූලික මුද්‍රා කීයක් තිබේද ?

19. ගජමන් පුවත නාට්‍ය කාගේ නිර්මාණයක්ද ?

20. චිත්‍ර හා ලේඛන කලාව සඳහා ජාත්‍යන්තර ප්‍රසිද්ධියට පත් නූතන ලේඛිකාව කවුරුන්ද ?

දේශීය තොරතුරු- පිළිතුරු

1. මහනුවර

2. E 01

3. අනුරාධපුරය

4. මහනුවර

5. කිඹුලාපිටිය

6. සිංහරාජ වනාන්තරය

7. වලවේ ගඟ

8. මාතර යුගය

9. නිල් මාණික්‍යය

10. කළමනාකරණය ආරම්භක නිපැයුම්කරු

11. දඬු ලේනා

12. මහනුවර, අනුරාධපුරය, පොළොන්නරුව

13. සිවිල් හා අපරාධ

14. පුරාවිද්‍යා චක්‍රවර්ති එස්. එම්. සෙනෙවිරත්න මහතා

15. ඩී. එස්. සේනානායක මහතා

16. සෞභාග්‍යය

17. මාගම්පුර මහින්ද රාජපක්ෂ වරාය

18. අම්පාර

19. සිංහල, දෙමළ

20. රුපියල්

විදේශීය තොරතුරු- පිළිතුරු

1. අයිස්ලන්තය

2. ප්‍රංශය

3. මාර්ටින් ලූතර් කිංග්

4. සෝවියට් රුසියාව

5. ජිරාෆ්

6. දෙසැම්බර් 01

7. ගුණපාල මලලසේකර

8. සුදු සැරයටිය

9. චීන මැන්ඩරින්

10. 5යි

11. කී.මි 6400

12. අගෝස්තු 09

13. ඔලිම්පික් ක්‍රීඩා උලෙළ

14. බංගලාදේශය

15. 1985.12. 08

16. රතුකුරුස සංවිධානය

17. අප්‍රිකානු

18. තේම්ස්

19. ක්‍රිස්තියානි ආගම

20. රුසියානු වලහා

කලා තොරතුරු – පිළිතුරු

1. ජී. බී. සේනානායක මහතා

2. ර්ඥඪද ම්චථනට

3. සමරවීර විජයසිංහ මහතාට

4. සැළලිහිණි සංදේශ

5. විෂ්ණු ශර්මන්

6. අමෙරිකා එක්සත් ජනපදය

7. 2001 මැයි 13

8. ක්‍රිස්තු වර්ෂ 543-1055

9. අද්භූත ආගන්තුකයා

10. බරණ ගණිත ඇදුරු

11. ජිනදාස විජයතුංග ශූරීන්

12. වීදාගම මෛත්‍රී හිමි

13. සියබස්ලකර

14. අලගියවන්න මුකවෙටිතුමා

15. හාවා

16. ඒනඥතතඥඵ

17. රෝම ජාතිකයන්

18. මුද්‍රා 28

19. දයානන්ද ගුණවර්ධන

20. සිබිල් වෙත්තසිංහ මහත්මිය

විද්‍යාත්මක හේතු – පිළිතුරු

1 වැස්සට ජලය සමඟ සේදී එන පස් නිසා ගංගාවල ජලය බොර පාටට හැරෙයි.

2. අහස්කූර දැල්වූ විට පිටවන දුම මඟින් බලයක් ඇති කරයි. අහස්කූර සහ දුම මත සමාන බලයක් ඇතිකර ප්‍රතිවිරුද්ධ දිශාව ඇති කරයි.

3. යම්කිසි කාර්යයක් කිරීම සඳහා ශක්තිය අවශ්‍ය ය. සියලු දෙනාම එක ප්‍රමාණ ශක්තිය යොදවන්නේ නැත. ශක්තිය වැඩි අයට ඉහත කාර්යයන් ඉක්මනින් සිදු කිරීමට හැකි ය.

4 කොළපාට තණකොළවල ඇත්තේ හරිතප්‍රද ය. හරිතප්‍රද සෑදීමට හිරු එළිය අවශ්‍ය ය. තණකොළවලට යට වූ ලෑල්ලට හිරු එළිය නොලැබෙන නිසා හරිතප්‍රද නොසෑදෙයි. ලෑලි ඉවත් කළ පසු නැවතත් හරිතප්‍රද සෑදෙන හෙයින් කොළ පාට ගැනේ.

5. පොහොර ශාකයට උරා ගැනීම සඳහා එම ලවණ ජලය දිය විය යුතු ය. එම නිසා පොහොර දමාගත් පසු ජලය යෙදීමක් සිදුකරයි.

6 ජලයේ ඝනත්වයට වඩා වැඩි ඝනත්වයක් සහිත වී ඇට ජලයේ ගිලෙන නමුත් ජලයේ ඝනත්වයට වඩා අඩු

ඝනත්වයක් සහිත වී ඇට ජලය පාවෙයි.

7. කොටියා මාංස භක්ෂක සත්ත්වයෙකි. එම නිසා ගොදුර ඉරාගෙන අනුභව කිරීම සඳහා උගේ රදනක දත් තියුණුව වැඩි වී ඇත.

8 බඩගිනි දැනෙන විට ආමාශයේ බිත්තිවලින් ආමාංශික යුෂ ශ්‍රාවය වේ. මෙහි හයිඩ්‍රොක්ලෝරික් අම්ලය ද ඇත. ආහාර නොමැති නිසා ආමාශයේ බිත්තිවල තුවාල ඇති විය

හැකි ය. එම නිසා නිරාහාරව සිටින්නන්ගේ ආමාශ ප්‍රදාහය ඇති වේ.

9 ලුණු අධික ආහාර ගත් විට රුධිරය වැඩිපුර ලුණු අවශෝෂණය කරයි. එම ලුණු රුධිරයෙන් අඩුවීම සඳහා මූත්‍රා බවට හැරී ශරීරයෙන් ඉවත් වේ.

10. මුහුදු ජලය අධික ලවණ සහිත නිසා බීමට ගැනීම අපහසු ය. එම නිසා බීමට ලබා ගන්නා ජලය ගොඩබිමට රැගෙන යයි.

11. ප්‍රවේගයට විශාල මෙන්ම නිශ්චිත දිශාවක් ඇත . වෘත්තාකාර තණපිටිය වටා ඒකාකාර ප්‍රවේගයෙන් බයිසිකලයක් පැදගෙන යන විට සෑම දිශාවක්ම වෙනස් වේ. එම නිසා එම ප්‍රවේගය ද වෙනස් ය.

12. මිනිසාගේ ආසන්නව පිහිටි පෘෂ්ඨයේ කෝණය විශාල වන නමුත් මිනිසා ඈතට යන විට දෘෂ්ටිකෝණය කුඩා වේ. එම නිසා රේල් පාරේ පීලි ඈතට ළංව පෙනේ .

13. එම වෙඩිල්ල කන්දේ හැපී පරාවර්තනය වේ. එම නිසා වෙඩිල්ලේ හඬ දෙවරක් ඇසේ.

14. එම යානය ගමන් කරන වේගය, ශබ්දය ගමන් කරන වේගයට වඩා වැඩි ය. එම නිසා යානයේ යන අයට ශබ්දය නොඇසේ.

15. බිම වැඩෙන වැලකට ආධාරකයක් යෙදීමෙන් එම වැලේ ස්පර්ශක කොටස් ආධාරකයෙහි එතී වැඩෙනු දැකගත හැකි ය.

ජගත් අෙබිකෝන්

 


You may also like

Leave a Comment

1964 වසේ ජූලි 27 වනදා ආරම්භ කල මිහිර පුවත්පත ජාතියේ දූ පුතුන්ගේ දැනුම් තක්සලාව ලෙසින් බොහෝ කාලයක් පුරාවට ලාංකීය දූ පුතුන්ට දැනුම ලබා දෙන පුවත්පතකි.

පත්තර මහගෙදර ලේක්හවුස් පවුලේ ප්‍රකාශනයක් ලෙසින් මිහිර පුවත්පත ඔබ වෙතට පත්වේ.

All Right Reserved @2024. Designed and Developed by Lakehouse IT Department