Home » Blog » Seokgatap  ගල් චෛත්‍යය

Seokgatap  ගල් චෛත්‍යය

by thanushika
0 comments

 

Seokgatap  දකුණු කොරියාවේ පිහිටා ඇති ගල් චෛත්‍යයකි. වර්ෂ 1962 දී දෙසැම්බර් 12 වැනි දින ජාතික නිධානයක් ලෙස නම්කර ඇත. මෙම චෛත්‍යයේ සම්පූර්ණ නම වන්නේ Sakyamuni Yeoraesangjuseolbeop Tap ය. මෙම චෛත්‍යය පැගෝඩාව ලෙස ද හඳුන්වයි ලබයි. මෙම චෛත්‍යයේ උස මීටර් 10.75ක් පමණ වේ. ඉඥඬඨචබචන චෛත්‍යය දකුණු කොරියාවේ ග්යොංජුහි බුල්ගුක්සා විහාරයේ ඉදිකර ඇත. මෙම චෛත්‍යය ඉතා සරල සහ මූලික සැලසුමකින් සාදා ඇත. Seokgatap  ගල් චෛත්‍යය 4:3:2 අනුපාතයට ඉදිකිරීමෙන් චෛත්‍යයට සමබරතාව, ස්ථාවරත්වය සහ සමමිතිය පිළිබඳ හැඟීමක් ලබා දෙයි. ඉතින් මේ සූදානම දුවේ පුතේ, පුංචි ඔයාලාට Seokgatap  ගල් චෛත්‍යය පිළිබඳ තොරතුරු රැගෙන එන්නයි.

Seokgatap  Pagoda යනු තට්ටු දෙකක වේදිකාවක් මත සිටගෙන සිටින තට්ටු 3කින් යුත් චෛත්‍යයකි. චෛත්‍යයේ මුහුණුවල කැටයම් කිසිවක් නොමැති වීම චෛත්‍යයේ සරල බව තහවුරු කරයි. චෛත්‍යයේ නෙළුම් මල් ගල් අටකින් වට වී ඇත. තරමක් විස්තීර්ණ චෛත්‍යයේ මුදුන, Seokgatap  ට වසර සියයකට පසු ඉදිකරන ලද චෛත්‍යයකට ගැළපෙන පරිදි වර්ෂ 1973දී එකතු කරන ලදි. Seokgatap හි සරලබව සහ Dabotap  හි සංකීර්ණත්වය අතර වෙනස නිර්මාණයකර ඇත්තේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය මෙනෙහි කිරීමේදි සිතෙහි ඇති වන ද්විත්ව ස්වභාවය සහ ලෝකයෙන් වෙන්වීම,ආකාශ වස්තුව සහ භෞමිකත්වය සංකේතවත් කිරීම සඳහා ය.

සරිරා යනු ගෞරවනීය භික්ෂුවකගේ හා රාජකීයයන්ගේ දේහය අඩංගු ධාතු භාණ්ඩයකි. කොල්ලකරුවන්ගේ අසාර්ථක සොරකමෙන් පසු, චෛත්‍යය ප්‍රතිසංස්කරණය කිරීමට සහ අලුත්වැඩියා කිරීමට සේවකයන්ට භාර දෙන ලදි. එම චෛත්‍යයේ සඟවා තිබූ නිදන් ප්‍රතිසංස්කරණයේදී සේවකයන්ට සොයා ගැනීමට හැකි විය. බෞද්ධ ආත්මයක ලෝකඩ රූපයක්, ලෝකඩ කැඩපතක්, කුඩා ලී චෛත්‍යයක්, සේද, සුවඳ විලවුන් සහ පබළු වැනි දෑ මෙම චෙත්‍යයේ නිදන් කරන ලදි. මේවායින් වඩාත් ප්‍රමුඛ වන්නේ නොකැළැල් පිරිසුදු ආලෝක ධර්ම සූත්‍රයයි. මල්බෙරි කඩදාසි මත මුද්‍රණයකර ඇති මෙම සූත්‍රය ලී කුට්ටි මඟින් මුද්‍රණය කරන ලද ලොව පැරැණිතම ද්‍රව්‍යය වේ. මෙම චෛත්‍යයේ අත්තිවාරමේ තිබී කඩදාසි මිටියක් හමු වී තිබූ බව ඇතැම්හු පවසති. සරිරා පෙට්ටිය නිවෙසක හැඩයෙන් යුක්ත වන අතර, කැටයම් කළ වහලක් ඇත. සෑම බිත්තියකම වහලයේ කැටයම් කළ වැල් රටාවක් ඇත. නෙළුම් මෝස්තර භාවිතකර ඇති අතර, වහලයේ මුදුනේ කොළ හැඩැති සැරසිලි දක්නට ලැබේ.

චෛත්‍යය Muyeongtap  ලෙස ද හැඳීන්වේ. එහි තේරුම වන්නේ සෙවණැල්ලක් නැති චෛත්‍යයක් යන්නයි. මෙම විකල්ප නාමය Seokgatap  Pagoda  ගොඩනැඟු Baekje හි පෙදරේරුකරුවකු වන Asadal සහ ඔහුගේ බිරියAsanyeo  ගේ දුක්ඛිත පුරාවෘත්තයට සම්බන්ධ වේ.

අසන්යෝ සිය සැමියා හමුවීමට සිල්ලාවේ අගනුවර වන සොරාබියෝල් වෙත පැමිණියේ ය. චෛත්‍ය නිමවන තුරු කාන්තාවන්ට ඇතුළු නොවිය යුතු ය යන නීතිය නිසා ඇයට ද බුල්ගුක්සා විහාරයට ඇතුළු වීම වළක්වා තිබිණි. පන්සලේ වටපිටාවේ සැරිසරන කාන්තාව ගැන කණගාටු වූ එක් හිමිනමක් අසාදල්ගේ බිරියට පැවසුවේ එය අවසන් වූ පසු පොකුණේ ඇති චෛත්‍යයේ සෙවණැල්ල තමාට දැකගත හැකි බවයි. කෙසේ වෙතත්, පොකුණ මතුපිට කිසිදු සෙවණැල්ලක් නොපෙනුණි. අසාදාල් සිල්ලා කුමරියක් විවාහ කරගැනීමට අදහස් කරන බවට කටකතා ඇසූ ඔහුගේ බිරිය පොකුණට වීසි වී දියේ ගිලී මිය ගියා ය. චෛත්‍යය නිමවා අසාදාල් පොකුණට ළඟා වන විට ඔහුගේ බිරිය මිය ගොස් සිටියා ය. කඳුළු සලමින්, අසාදාල් බෙක්ජේ වෙත ආපසු යෑමට පෙර තම බිරියගේ රූපයක් ගලක කැටයම් කළේ ය.

චතුරි ලක්ෂිකා

 


You may also like

Leave a Comment

1964 වසේ ජූලි 27 වනදා ආරම්භ කල මිහිර පුවත්පත ජාතියේ දූ පුතුන්ගේ දැනුම් තක්සලාව ලෙසින් බොහෝ කාලයක් පුරාවට ලාංකීය දූ පුතුන්ට දැනුම ලබා දෙන පුවත්පතකි.

පත්තර මහගෙදර ලේක්හවුස් පවුලේ ප්‍රකාශනයක් ලෙසින් මිහිර පුවත්පත ඔබ වෙතට පත්වේ.

All Right Reserved @2024. Designed and Developed by Lakehouse IT Department