දේශීය තොරතුරු
1. ශ්‍රී ලංකාවේ කජු වගාව සඳහා ප්‍රසිද්ධියක් උසුලන ප්‍රදේශය කුමක්ද ?
2. වලවේ ගඟ මුහුදට වැටෙන්නේ කුමන ස්ථානයෙන්ද ?
3. වඩිග පටුන කවර නැටුම් සාම්ප්රදායක්ද ?
4. ශ්‍රී ලංකාවේ ප්‍රථම අගමැති ධුරය දැරූ මැතිනිය කවුරුන්ද ?
5. ශ්‍රී ලංකාවේ තේ වැඩිපුරම ආනයනය කරන රට කුමක්ද ?
6. ශ්‍රී ලංකාවේ මධ්‍යම අධිවේගී මාර්ගයේ තෙවැනි අදියර ක්‍රියාත්මක වන්නේ කොහෙද ?
7. ශ්‍රී ලංකාවේ ඇති රැම්සා තෙත් බිම් ගණන කීයද ?
8. රුවන්මැලි මහා සෑය ඉදිකරනු ලැබුවේ කවුරුන්ද ?
9. තිසර සංදේශය රචනා කරනු ලැබුවේ කුමන යුගයේද ?
10. ව්ඍQ 5 මට්ටම කියැවෙන්නේ කුමක්ද ?
11. සීතාවක යනුවෙන් හඳුන්වන්නේ කුමන ප්‍රදේශයද ?
12. ශ්‍රී ලංකාවේ පිහිටි විශාලතම කළපුව කුමක්ද ?
13. ශ්‍රී ලංකාව ජනරජයක් බවට පත් වූයේ කවදාද ?
14. වයඹ පළාතට අයත් පුෂ්පය කුමක්ද ?
15. ශ්‍රී ලංකාවේ රාජ්‍ය ලාංඡනයේ දැක්වෙන සිංහයාගේ අර්ථය කුමක්ද ?
16. ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රථම අධිපති කවුරුන්ද ?
17. රේගු දිනය කවදාද ?
18. ආසියාවේ රිදී සීනුව ලෙස හැඳීන්වූ ශ්‍රී ලාංකික අගමැතිවරයා කවුරුන්ද ?
19. සබරගමුව පළාතට අයත් දිස්ත්‍රික්ක කුමක්ද ?
20. ශ්‍රී ලංකාවේ පවතින පක්ෂ ක්‍රමය කුමක්ද ?
විදේශීය තොරතුරු
1. මලක්කා සමෘද්ධි සන්ධිය පිහිටා ඇත්තේ කොහේද ?
2. සූවස් ඇළ සම්බන්ධ මුහුද කුමක්ද ?
3. ලිබියාවේ භාවිත වන මුදල් ඒකකය කුමක්ද ?
4. චීනයේ භාවිතා වන භාෂාව කුමක්ද ?
5. ලොව දැනට ඇති වටිනා හා දුර්ලභ මුද්දරය කුමක්ද ?
6. ලොව මහා පියස ලෙස නම් කරන්නේ කුමක්ද ?
7. ඊජිප්තුවේ ජාතික පුෂ්පය කුමක්ද ?
8. ලෝකයේ ලොකුම ගුවන් හමුදාව අයත් රට කුමක්ද ?
9. අමෙරිකා එක්සත් ජනපදයේ පිහිටි සුප්‍රකට ප්‍රතිමාව කුමක්ද ?
10. රුසියාවේ ජාතික ක්‍රීඩාව කුමක්ද ?
11. නේපාලයේ අගනුවර කුමක්ද ?
12. යුරෝපයේ කුකුල් කොටුව ලෙස හඳුන්වන රට කුමක්ද ?
14. සත්ත්ව ලෝකයේ විශාලතම ශාක භක්ෂකයා කවුද ?
15. පෙට්රා නගරය පිහිටියේ කොහෙද ?
16. ලෝකයේ වැදගත් ස්ථානයක් වන ලූවර් කෞතුකාගාරය පිහිටියේ කොහෙද ?
17. හයිඩ්රජන් බෝම්බයේ පියා කවුරුන්ද ?
18. නෙදර්ලන්තයේ ජාතික සත්ත්වයා කවුරුන්ද ?
19. ලෝකයේ වැඩිම ආයුෂ ඇති සත්ත්වයා කවුරුන්ද ?
20.ලෝකයේ විශාලතම වනාන්තරය කුමක්ද ?
කලා තොරතුරු
1. 2005 වසරේදි නිපදවන ලද චාලි සහ චොකලට් කම්හල චිත්‍රපටයේ විලී වොන්කාගේ චරිතය රඟපෑ ලොව ප්‍රකට රංගන ශිල්පියා කවුද?
2. ලොව ප්‍රකට විකට නළුවා කවුරුන්ද ?
3. මුද්‍රා නාට්‍ය මුලින්ම ආරම්භ වූයේ කුමන රටකද ?
4. ජපානයේ පැරැණිතම නාට්‍ය කලාව හැඳීන්වෙන්නේ කුමන නමකින්ද ?
5. එංගලන්තයේ පුවත්පත් කලාවට ප්‍රසිද්ධ වීදිය කුමක්ද ?
6. එස්. පණීභාරත කලාකරුවා මියගියේ කවදාද ?
7. ලෝකයේ ප්‍රථම චිත්‍රාගාරය කුමක්ද ?
8. රෝමියෝ ජුලියට් නමැති නාට්‍ය කාගේ කෘතියක්ද ?
9. දෙගල්දොරුවේ චිත්‍ර නිර්මාණය කළ ශිල්පියා කවුරුන්ද ?
10. රාජ්‍ය චිත්‍රපටි සංස්ථාවේ පළමු සභාපතිවරයා කවුරුන්ද ?
11. උඩරට මහ කැරැල්ල නමැති ග්‍රන්ථය ලියන ලද්දේ කවුරුන්ද ?
12. දොන් නදිය නිහඬව ගලා බසී යන කෘතියේ කතුවරයා කවුරුන්ද ?
13. 2003 වසරේ සාහිත්‍යය නොබෙල් තෑග්ග හිමි වූයේ කාටද?
14. හෙළ හවුල ආරම්භ කරන ලද්දේ කවරකු විසින්ද ?
15. ලොව සුපතළ සිද්ධාර්ථ කෘතිය රචනා කළේ කවුරුන්ද ?
16. ඉලියඩ් සහ ඔඩිසි කෘතිය කාගේද ?
17. ගැහැනු ළමයි නවකතාව රචනා කළේ කවුරුන්ද ?
18. සිය ජීවිත කතාව මුල් කරගෙන මාර්ටින් වික්‍රමසිංහ මහතා ලියූ කෘතිය කුමක්ද ?
19. දෙවැනි පරාක්‍රමබාහු රජතුමා විසින් රචිත ජනප්‍රිය කෘතිය කුමක්ද ?
20. හුණුවටයේ කතාව වේදිකා නාට්‍යයේ රචකයා කවුරුන්ද ?
විද්‍යාත්මක හේතු
1. ආභරණ සෑදීමට රන් භාවිත කරනුයේ ඇයි?
2. නිසරු බිම්වල තෝර වැනි ශාක හොඳීන් වැඩෙන්නේ ඇයි ?
3. ජලාශයක පතුලේ සිට ඉහළට එන වායු බුබුළක් ක්‍රමයෙන් මහත් වන්නේ ඇයි ?
4. වැල්ලේ ගමන් කරන බල්ලකුගේ පා සටහන් මිනිසුන්ගේ පා සටහනට වඩා හොඳීන් සලකුණු වන්නේ ඇයි ?
5. පරීක්ෂණ නළයකට ජලය පුරවා ඒ මත කඩදාසියක් තබා යටිකුරු කළ විට ජලය නොවැටෙන්නේ ඇයි ?
6. බර වාහනවල රෝද පළල් වනසේ යොදාගෙන ඇත්තේ ඇයි ?
7. ජල නළයක් දිගේ ඉහළ මට්ටමට ජලය ගෙන යා හැක්කේ ජල ටැංකියේ ජල මට්ටමට පමණක් වන්නේ ඇයි?
8. සපත්තුවල පතුල පළල් වන සේ සෑදීමෙන් ගෙවීම අඩුවන්නේ ඇයි ?
09 සෙමින් වීසි කරන ක්‍රිකට් පන්දුවකට පහර දීමට පහසු වුවත් වීසිකරන පන්දුවට පහර දීම අපහසු වන්නේ ඇයි ?
10. දොරක ලෝහ කොටස් ලී කොටසට වඩා සිසිල් ලෙස අතට දැනෙන්නේ ඇයි ?
11 පැහැදිලි අහස ඇති රෑකට පසු එළඹෙන උදෑසන වඩා සිසිලසක් දැනෙන්නේ ඇයි ?
12. කම්මලේ යකඩ රත් කිරීම සඳහා ගිනි අවුළන විට මයිනහම භාවිත කරන්නේ ඇයි ?
13. ජල භාජනයකට අත දැමූ විට ජලය වාතය වෙන් කරන පෘෂ්ඨයේදී නැවී පෙනෙන්නේ ඇයි ?
14 බාබර් සාප්පුවක වාඩිවෙන මිනිස්සුට ඉදිරියේ ඇති කණ්ණාඩිවලින් තමාගේ ප්‍රතිබිම්බ රාශියක් දැක ගන්නේ කොහොමද ?
15. ඉර බැසගෙන යන විට අහස රතු පාට වන්නේ ඇයි ?
16. නයිලෝන් ලණුවකින් ගැට ගැසූ පාර්සලයක් ඉක්මනින් ලිහෙන්නේ ඇයි?
17. බයිසිකලයක හැඬලය බොහෝවිට කෙටි වුවහොත් හැරවීම අපහසු වන්නේ ඇයි?
18 ගිනිකූරක් ගිනිපෙට්ටියේ පිට පැත්තේ ගැසීමෙන් දැල්විය හැක්කේ ඇයි ?
————————
පිළිතුරු
විදේශීය තොරතුරු පිළිතුරු
1. මැලේසියා අර්ධද්වීපය සහ සුමාත්‍රා දූපත්
2. මධ්‍යධරණී මුහුද සහ රතු මුහුද
3. ඩිනාර්
4. මැන්ඩරින්
5. ඕපඪබඪඵඩ ට්භඪචදච 1ජ ථචඨඥදබච මුද්දරය
6. පාමීර් තැන්න
7. නෙළුම් මල
8. අමෙරිකා එක්සත් ජනපදය
9. නිදහස් ප්‍රතිමාව (ලිබර්ටි ප්‍රතිමාව)
10. චෙස්
11. කත්මණ්ඩු
12. බෙල්ජියම
14. අප්‍රිකානු අලියා
15. ජෝර්දානය
16. ප්‍රංශය
17. එඩ්වඩ් ටෙලර්
18. සිංහයා
19. තල්මසා
20. ඇමසන්
දේශීය තොරතුරු පිළිතුරු
1. පුත්තලම
2. අම්බලන්තොට
3. පහතරට නැටුම් සම්ප්රදාය
4. සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය
5. තුර්කිය
6. පොතුහැර සිට ගලගෙදර
7. 6කි
8. දුටුගැමුණු රජතුමා
9. ගම්පොළ යුගය
10. මධ්‍යම කළමනාකරණ මට්ටමේ පද්ධති සුපරීක්ෂකවරුන්
11. අවිස්සාවේල්ල
12. යාපනය කළපුව
13. 1972 මැයි 22
14. ඇට්ටේරියා
15. එඩිතර බව
16. එන්. යූ. ජයවර්ධන මහතා
17. ජනවාරි 26
18. එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මැතිතුමා
19. රත්නපුර/ කෑගල්ල
20. බහු පක්ෂ ක්‍රමය
කලා තොරතුරු පිළිතුරු
1. අමෙරිකානු ජාතික ජොනී ඩෙප්
2. චාලි චැප්ලින්
3. ඉතාලිය
4. නෝ නාට්‍ය කලාව
5. ෆ්ලීට් වීදිය
6. 2006-02-20
7. බ්ලැක් මරියා චිත්‍රාගාරය
8. විලියම් ශේක්ස්පියර්
9. දෙවරගම්පොළ සිල්වත් තැන
10. ඩී.බී. නිහාල්සිංහ මහතා
11. ආචාර්ය තෙන්නකෝන් විමලානන්ද
12. මිහායිල් ෂෝලහොව්
13. ජෝන් මැක්සිවෙල් කොඑට්සි
14. මුනිදාස කුමාරතුංග
15. ජර්මන් ජාතික හර්මන් හෙසර්
16. හෝමර් කවියාගේ
17. කරුණාසේන ජයලත්
18. උපන්දා සිට
19. කව්සිළුමිණ
20. හෙන්රි ජයසේන
විද්‍යාත්මක හේතු පිළිතුරු
1. වාතයේ වෙනත් දේවල් සමඟ ප්‍රතික්‍රියා නොකරන නිසා ඒවායේ දීප්තිය අඩු නොවෙන නිසා රන් භාවිතය ආභරණ සඳහා ගනු ලබයි.
2. රනිල කුලයේ ශාක නිසා පසෙහි ඇති නයිට්රජන් ගසට එක්කර පැළෑටිය හොඳීන් වැඩේ.
3. ජලාශයක ඉහළ සිට පහළට පීඩනය වැඩි ය. ජලය මඟින් ඇති කරන පීඩනය අඩුවන නිසා උඩට එන වායු බුබුළ මහත් වෙයි.
4. බල්ලාගේ පාදයේ වර්ගඵලය මිනිසාගේ පාදයේ වර්ගඵලයට වඩා අඩු ය. එම නිසා වැල්ලේ ගමන් කරන විට පා සටහන් හොඳීන් සලකුණු වෙයි.
5. කඩදාසිය මත යටි පැත්තේ වාතයේ පීඩනය බලපාන නිසා ජලය නොවැටී පවතී.
6. රෝද පළලින් අඩු වූ විට පොළොව මතට ඇති කරන පීඩනය වැඩි වෙයි. පොළොව මත පීඩනය අඩු කිරීම සඳහා පළල් රෝද යොදා ගැනේ.
7. ද්‍රවයක එක මට්ටමේදී සමාන පීඩනයක් ඇත. ජල නළයක් දිගේ ඉහළට ජලය ගෙන යෑම සඳහා වැඩි පීඩනයක් අවශ්‍ය වේ. එම නිසා ඉහළට ජලය ගෙන යා හැක්කේ ටැංකිය ඇති ජල
මට්ටමට පමණි.
8. සපත්තුවේ පතුල පළල් වූ විට බර ක්‍රියා කරන පෘෂ්ඨයේ වර්ගඵලය වැඩි වේ. එම බර මතින් ඇතිකරන පීඩනය
අඩු වේ. එම නිසා ගෙවීම අඩු වීමක් වේ.
9 සෙමින් වීසි කරන පන්දුවේ අඩංගු චාලක ශක්තිය වඩා අඩු ය. එම නිසා වේගයෙන් වීසි කරන පන්දුවට පහරදීම අපහසු ය.
10. ලෝහ කොටස තාප සන්නායකයක් නිසා ඉක්මනින්ම සන්නයනය වේ. එම නිසා සිසිලසක් දැනේ.
11 පොළොවේ විකිරණ මඟින් තාපය හොඳීන් ඉවත් වේ. අහස පැහැදිලි නිසා පොළොවේ තාපය විකිරණය වන නිසා උදේට වඩා සිසිලසක් දැනේ.
12. මයිනහම ක්‍රියාත්මක කරන විට ගින්නට හොඳීන් වාතය ලැබේ. එවිට දහනය සම්පූර්ණ වේ. යකඩය හොඳීන් රත් කිරීම සඳහා මයිනහම භාවිත කරගනියි.
13. ජලයේ සිට වාතය ගමන් කරන ආලෝක කිරණ ජලය සහ වාතය වෙන් කරන පෘෂ්ඨයේදී අභිලම්බයේ බැහැරට හැරෙයි. එම නිසා ජලයට ඇතුළු වූ විට අතේ ප්‍රතිබිම්බය කෙටි වී නැවී පෙනෙයි.
14. බාබර් සාප්පුවේ දර්පණ තබා ඇත්තේ සමාන්තර ලෙස ය. එම දර්පණ දෙකක් පිහිටි වස්තුවක ප්‍රතිබිම්බ රාශියක් දැකගත හැකි ය.
15. ඉර බැසගෙන යන විට සූර්යාලෝකය වාතය හරහා වැඩි දුරක් ගමන් කරයි. එසේ ගමන් කරන විටදී රතු වර්ණය හැර අනිත් වර්ණ අපගමනය සිදුවේ. එම නිසා ඉර බැහැගෙන යන විට රතු පාටට පෙනෙයි.
16. නයිලෝන් ලණුපොට අතර ඝර්ෂණය අඩු ය. එම නයිලෝන් ලණු පොටවල් දෙක එකින් එකට ඇතිල්ලීම නිසා පහසුවෙන් ලිහෙයි.
17 හැඬලය දිග වූ විට ආයාසය අඩු වේ. එවිට ක්‍රියාකරවීම පහසු ය. හැඬලය බොහෝවිට කෙටි වූ විට හැරවීම අපහසු ය.
18 පිට පැත්තේ ඇති ඝර්ෂණය නිසා තාපය උපදී. ගිනිකූරේ ඇති හිසේ වෙඩි බෙහෙත්වලට ගිනි ඇවිළේ.
ජගත් අෙබිකෝන්