මේ කාලය අනුරාධපුර රාජධානි සමයයි. එහිදී මෙරට පැමිණි ද්‍රවිඩයෝ අනුරාධපුර රාජධානිය පාලනය කළහ. මේ අනුව පුලහත්ථ, භිගිය, පනයමාර, පිළියමාර, දාඨිය පාලනය කිරීම ඇරැඹූහ. එයින් පසු නැවතත් වළගම්බා රජු රට පාලනය කළේ ය. මේ රජතුමාගෙන් පසු මහාචූලි මහා තිස්ස රජතුමා පාලනය කළේ ය. වළගම්බා රජුගෙන් පසු පාලකයා වූයේ මේ රජු ය. මහසිළු මහතිස් නමින් ද මේ රජතුමා හඳුන්වනු ලැබුවේ ය. මේ රජතුමා වසර තුනක් වෙස්වලාගෙන ස්වර්ණගිරි ප්‍රදේශයේ දාසයකු ලෙස රැකියාවක්කර එයින් ලබාගත් මුදලින් භික්ෂූන් වහන්සේලාට උක් හකුරු සහ සිවුරු දන් දුන්නේ ය. කුඹුරුවල ගොයම් කපා ලැබූ මුදලින් භික්ෂූන් වහන්සේලාට දන් දුන්නේ ය. මොහු මහානාග කුමරුගේ සොහොයුරා ය. මේ රජතුමාගෙන් පසු මහානාග රජතුමා රජ වූයේ ය. මොහු මහාවංශයේ කතුවරයා විසින් චෝර නාග ලෙසින් හඳුන්වාදී තිබේ. මොහු වළගම්බා රජුගේ පුත්‍රයා ය. මහාචූලි මහා තිස්ස රජු සමයේ ඔහු ඉතා දාමරික කුමරකු ලෙස හැසිරුණු බව ද සඳහන් වේ. ඔහු වෙහෙර විහාර විනාශ කරමින් ඉතා නපුරු ලෙස හැසිරුණු බව ද සඳහන් වේ. ඒ නිසාම ඔහුට චෝර නාග යනුවෙන් ද ප්‍රසිද්ධ වූයේ ය. කුඩා කාලයේ මොහු නොයෙක් වැරැදි කිරීම නිසාම සැඟවී සිටියේ ය. මේ රජතුමාගේ මව වූයේ සිංහල ඉතිහාසයේ ප්‍රබල රැජනක් වූ සෝමා දේවියයි. මහා නාගගේ රාජ්‍ය සමයේදී මහා විහාරික භික්ෂූහු ඔහුට බෙහෙවින් විරුද්ධව කටයුතු කළහ. මහා විහාරයට රජතුමා ගිය එක් අවස්ථාව භික්ෂුන් වහන්සේලා රජතුමා මඟහැර සිටියහ. මේ අයුරින් ප්‍රසිද්ධ ස්ථානවලදී මෙතුමා කොන් විය.
283