ශ්‍රී ලංකා බාලදක්ෂිකා සංගමයේ සාමාජිකාවන්ට ජනාධිපති පදක්කම් පිරිනැමීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදී පසුගිය 31 වැනිදා පැවැත්විණි.
2022 – 2023 වසර සඳහා බාලදක්ෂිකාවන් 772ක් සඳහා ජනාධිපති පදක්කම් හා 2023 වසර සඳහා අගමැති සම්මාන 15 ක් පිරිනැමීම මෙහිදී සිදු කෙරුණු අතර, ශ්‍රී ලංකා බාලදක්ෂිකා සංගමයේ සභාපතිනි ශාන්ති විල්සන් මහත්මිය දෑතින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් ද විශේෂ සිහිවටන තිළිණයක් පිළිගැන්වූවා ය.
අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් තිලකා ජයසුන්දර, ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස්, නීතිඥ ජනප්‍රිත් ප්‍රනාන්දු, ශ්‍රී ලංකා බාලදක්ෂිකා සංගමයේ ප්‍රධාන කොමසාරිස්, ආචාර්ය කුෂාන්තා හේරත් මහත්ම මහත්මීන් සහ බාලදක්ෂිකාවන් විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
නුවන් කොඩිකාර