වෘක පෝතක අංශය හෙවත් පෝතක බාලදක්ෂ අංශය ( ඒ වන විට මේ සඳහා ස්ථිර නමක් නොතිබිණි ) පරීක්ෂණාත්මක පදනමකින් යුතුව ක්‍රියාත්මක කිරීමට බ්‍රිතාන්‍ය බාලදක්ෂ සංගමයේ මූලස්ථාන කමිටුව අනුමැතිය ලබා දුන්නේය. ඒ වන විට පළමු ලෝක යුද්ධය ආරම්භ වී තිබුණ ද එහි බලපෑමකින් තොරව මෙම නව අංශය ක්‍රියාත්මක විය .
මෙම යෝජනා ක්‍රමය පිළිබඳ බේඩ්න් පවෙල් මෙසේ පවසා ඇත. “වයස අවුරුදු 11ට අඩු ළමයින් බඳවා ගැනීමට උත්සුක වූ කණ්ඩායම්වලට මෙම ක්‍රමය මඟින් ළමයින් බඳවා ගැනීමට අවස්ථාව ලැබෙන අතර, ප්‍රාථමික පාසල් ගණනාවකම මෙම කණ්ඩායම් ආරම්භ වනු ඇත. එය බාලදක්ෂයන් වීමට පෙර එහි මූලික දැනුම ලබා දෙනු පිණිස වන අතර, එමඟින් බාලදක්ෂ ආචාර්යවරයාගේ උපදේශක කටයුතු අවම වන අතරම කාර්යක්ෂමතාවයේ ප්‍රමිතිය ඉහළ නැංවීමට උපකාර වනු ඇත ”
පරීක්ෂණාත්මක යෝජනා ක්‍රමය එකිනෙකා අතර විශාල ලිපි හා අදහස් හුවමාරුවකට තුඩු දුන්නේය. කාන්තාවන් මෙම යෝජනා ක්‍රමය දුටුවේ ඔවුන්ට උපකාර කළ හැකි අවස්ථාවක් ලෙසිනි.
1914 වසර අවසන් වන විට නව යෝජනාව ක්‍රියාත්මක වන නව කණ්ඩායම් බොහෝ සංඛ්‍යාවක් බ්‍රිතාන්‍ය පුරා ආරම්භ වී තිබිණි.
මේ අවධියේදී දී බේඩ්න් පවෙල් සාමිවරයා එවරෙට්ගේ පුහුණු යෝජනා ක්රමයේ අවශ්‍යතාවක් සම්පූර්ණ කිරීමට වෘක පෝතක අත්පොත ලිවීම ආරම්භ කළ අතර, එය 1916 දෙසැම්බර් 2 දින ප්‍රකාශයට පත් විය.
එවරෙට් විසින් බාලදක්ෂ ව්‍යාපාරයට නව අදහසක් එක් කළ ද බී.පී. විසින් ඊට එක්කර ඇති දේ පිළිබඳ බොහෝ අය මවිතයට පත් විය. ඔහු ඊට එක්කර තිබුණේ කතා කරන සතුන් සම්බන්ධ කතාවකි.
බී.පී. ගේ දිගු කාලීන මිතුරකු වූ රඩ්යාඩ් කිප්ලිං විසින් ලියන ලද The Jungle Book මේ සඳහා ඇතුළත්කර තිබිණි. බේඩ්න් පවෙල් හා රඩ්යාඩ් කිප්ලිං දෙදෙනා ඉන්දියාවේ හා දකුණු අප්‍රිකාවේ සේවයේ සිටියදී මිතුරෝ වූහ. තම කාර්යය සඳහා මිතුරාගේ අවසරය ගත හැකි බවත් ඔහු කෙරෙහි විශ්වාසය තැබිය හැකි බවත් බී.පීට හැඟී යෑම පුදුමයක් නොවේ. එමෙන්ම තම කෘතිය පාලනයකින් තොරව භාවිත කිරීමට කිප්ලිං අවසරය ලබා දුණි. ඒ අනුව නව යෝජනා ක්‍රමයේදී රඩ්යාඩ් කිප්ලිංගේ the jungle book හි එන චරිත ගණනාවක්ම ඇතුළත් වූ අතර, නව යෝජනා ක්‍රමය “වෘක පෝතක -Wolf Cubing ” නමින් විය.
සර් පර්සි එවරෙට් ඉදිරිපත් කළ නව යෝජනා ක්රමයේ සංශෝධන ගණනාවකින් පසුව යම් වැඩසටහනක් කෙරෙහි බීපීට නිශ්චිත අදහසක් තිබිණි . එමෙන්ම ඔහු විසින් ලියන ලද අත්පොත සඳහා කේන්ද්‍රීය අදහස් ඔහුගේ ඒවා බවට කිසිදු සැකයක් නොමැත.
දිනය : වර්ෂ 1916 දෙසැම්බර් 16.
ස්ථානය : ලන්ඩනයේ කැක්ස්ටන් ශාලාව.
බේඩ්න් පවෙල් සාමිවරයා තමන් විසින් ලියන ලද නව අත්පොත සමඟ කැක්ස්ටස් ශාලාවට රැස්වූ අධ්‍යාපනඥයන් 200 ඉදිරියේ පෙනී සිටියේ නව යෝජනා ක්‍රමය හඳුන්වා දීම පිණිස ය . එම නව ක්රමයේ සියලු අංග එනම් නිල ඇඳුමේ සිට පුහුණු ක්‍රමය දක්වා සවිස්තරාත්මකව ඉදිරිපත් කරන ලදි. ඔහුගේ දේශනයේදී ඔහු කියා සිටියේ මෙම නව ක්රමයේ අන්තර්ගතය අධ්‍යාපනික වශයෙන් ඉහළ එකක් යැයි තමා විශ්වාස කරන බවයි .
රඩ්යාඩ් කිප්ලිංගේ වන කතාවේ එන පරිදිම ඔවුහු “වෘක පෝතකයෝ” වූහ. ඔවුන්ගේ ආචාර්යවරිය ” ආකේලා ” විය. ඔවුන් රැස්වීම “මහ ඝෝෂාව “” ( Grand Howl ) විය.
A- KE- LA we’ll do our best
Dyb – Dyb – Dyb – Dyb
We ‘ ll dob – dob – dob dob
ආ..කේ…ලා…අපි සෑම විර්ය කරම්.
කරව්…කරව්….කරව්… කරව්
අපි කරම්…කරම්…කරම්
….කරම්
ධර්මලාල් ගුණවර්ධන
බාලදක්ෂ ආචාර්ය
නාලන්දා විද්‍යාලය
කොළඹ