ඉමාෂාගේ සිහිනය
බොහෝ දුවලා පුතාලාට සිහින තිබෙන්නට පුළුවන්. ඒ සිහින නිසාම ඔවුන් තමන්ගේ අරමුණ කරා යන්නඋත්සහා දරනවා. ඒ අනුව අප හැමෝම ක්‍රියාකරනවා. මේ කතාවේ සඳහන් ඉමාෂාටත් සුන්දර ලෝකයක් තිබුණා. එනිසා ඇය හැමතැනකම ඇවිදලා සුන්දරව ජීවත් වෙන්න ආසා කළා. ඇය දවසක් කැලෑවකට ඇවිදගෙන ගියා. ඒ කැලෑවේ සතුටින් කාලය ගත කළා. ඒ අතරතුරේ ඇයට හොඳටම නින්ද ගියා. ඒ නින්ද නිසාම ඇගේ සිතේ ලස්සන සිතිවිලි අවදි වුණා. ඉතින් දුවේ පුතේ දම්මිකා සුදර්ශනී නැන්දා ලියාලා තියෙන්නේ එවැනි ලස්සන කතා පුවතක්
————————–
වර්තමානයට ගැළපෙන රොබෝ තාක්ෂණය
ඩිෂාන්ට් යාපා
රොබෝ තාක්ෂණය යොදා ගැනීම මඟින් ක්‍රියාවලින් ස්වයංක්‍රීයකරණයට, ඵලදායීතාව ඉහළ නැංවීමට, ගුණාත්මක භාවය වැඩි කිරීමට සහ මිනිසුන් අතින් සිදුවන දෝෂ අඩුකර ගැනීමට හැකියාව ලැබෙනු ඇත. මෙම රොබෝ තාක්ෂණික අධ්‍යාපනය අප ලක් දූ දරුවන්, ගුරුවරුන්, ආචාර්යවරුන් මෙන්ම සියලු වැඩිහිටි බාල මහලු සියලු තරාතිරම්වල අයට ලබාදීම පෙරදැරි කරගනිමින් විද්‍යා ලේඛක ඩිෂාන්ට් යාපා මහතා විසින් රචනා කරනු ලැබූ මෙම ග්‍රන්ථය ඔබ සැමගේ නවෝත්පාදන චින්තන හැකියාවන් හෙවත් සැඟවුණු දක්ෂතා කල එළි දැක්වීමට, ඒවා දිරිගැන්වීමට සහ ඇගයීමට ලක් කරගැනීමට කදිම අවස්ථාවක් උදා කරදෙනු ඇත. තවද මෙමඟින් අප රටේ සිසුන් හා ගුරුවරුන් යන දෙපිරිසම 21 වන සියවසේ අභියෝගවලට සාර්ථකව විසඳුම් සෙවිය හැකි මානව ප්‍රාග්ධනයක් බවට පත් කිරීමට මහඟු පිටිවහලක් වන බවට මහත් බලාපොරොත්තු තැබිය හැකි වනු ඇත.