ජීවිතයට මිහිර ගෙනෙන සාහිත්‍යය
“සාහිත්‍යය” යන වචනය ඇසූ පමණින්ම එහි අරුත යම් කෙනකු නොදන්නවා විය හැකි ය. “සාහිත්‍යය” යන වචනය විසන්ධි වූ විට ‘ස + හිත්ය’ ලෙස වර නැඟේ. මෙහිදී ‘ස’ යනු සමීප හා සම්පූර්ණ යන අරුත් ගෙන දේ. ‘හිත්ය’ යනු හිත නැතහොත් මනස යන අරුත ගැබ් වෙයි. ඒ අනුව සාහිත්‍යය යනු, සහෘද මිනිසාගේ මනසට සමීප වී මනස සම්පූර්ණ කරන ගද්‍ය, පද්‍ය ආදී නිර්මාණ ලෙස විග්රහ කළ හැකි ය.
ඒ අනුව මිනිස් මනස සම්පූර්ණ කරන මෙම විවිධාකාර නිර්මාණ ඔස්සේ එහි රසය විඳගැනීම වූ කලී, ‘සාහිත්‍යය + රස + ආස්වාදය’ හෙවත් *සාහිත්‍ය රසාස්වාදය* නම් වේ.
මානවයාගේ ආස්වාදය උදෙසාම පවතින මෙම සාහිත්‍ය නිර්මාණ විටෙක මානසික ක්‍රියාවලියක් ලෙස හට ගන්නා චමත්කාර වූ විපර්යාසයක මහා පෙරළියක් වන අතර, තවත් විටෙක අප සිත් ආනන්දයෙන් ප්‍රඥාව කරා ගෙන යෑමකි. ගද්‍ය, පද්‍ය, නාට්‍ය, කෙටිකතා, නවකතා, නිසැඳැස් හා සිනමා යන සාහිත්යාංගයන්හිදී යෙදෙන වචන හා යෙදුම් ඒ ආකාරයෙන්ම වටහාගැනීමට අපහස ුය. “දිසි අරුත” හෙවත් පිටතට පෙනෙන අරුතක් නොමැති කලාවක් ද, “වැසි අරුත” හෙවත් සැඟවී ඇති අර්ථයක් ද වූ කලාවක් මෙහි පෙන්නුම් කිරීම විශේෂම ගුණාංගයකි. එයින් සහෘදයාගේ සිතීමේ ශක්තියට ඉඩහසර සලසා දෙයි. මෙම විශේෂ නිර්මාණයන්හි රසවිඳගැනීම, එම නිර්මාණය බිහි කිරීමටත් වඩා අපහසු කාර්යයක් බව හා ඉතා වටිනා බවත් මහාකවි පැරකුම්බාවන් අතිශයෝක්තියෙන් පැහැදිලිකර තිබේ. විශිෂ්ට සාහිත්‍යය නිර්මාණකරුවකු බිහිවීමට නම් සිංහල භාෂාව හා සාහිත්‍යය පිළිබඳ මනා දැනුමක් ප්‍රගුණ කළ අයකු විය යුතු ය.
සත්ත්ව ලෝකය තුළ රසාස්වාදයක අවබෝධයක් හා රස වින්දනයක් ලබා ගත හැක්කේ උසස් මනසකින් යුත් මනුසතාට පමණි. මිනිසා තම පැවැත්ම සඳහා මූලික අවශ්‍යතා ඉටුකර ගනිමින් ආර්ථික හා සංවර්ධන දියුණුව පළමු පිළිගැනීම යැයි සිතා එක එල්ලේ ඒ පසුපස දිව ගිය ද මිනිසාගේ මානසික සෞඛ්‍ය අසතුටුදායක නම් එකී සංවර්ධනය අර්ථවත් නොවන බව කිව යුතු ය. සාහිත්‍යාවබෝධය හා රසවින්දනය නොමැති මිනිසාට ජීවිතාවබෝධයක් ද නොමැති අතර, ඔවුන්ගේ ජීවිත අසම්පූර්ණ ජීවිතයැයි ද පැහැදිලිවම කිව හැකි ය. සාහිත්‍ය අංග රසවිඳීමෙන් හා එහි නියැළී සිට එහි ඇසුර ලැබීම වර්තමානයේ සමාජයෙන් ගිලිහීයෑමෙන් කෝපය හා අනවබෝධයෙන් විවිධ මත ගැටුම් පැන නඟියි. මෙකී සියලු කාරණා පහකර, ජීවිතාවබෝධය ලබා දෙමින් සුන්දර දිවියක් කරා “සාහිත්‍ය රසාස්වාදය” මිනිසා රැගෙන යනු ඇත.
කොළඹ යුගයේ පද්‍ය කෘතියක් වූ “සුදෝසුදු” නම් අව්‍යාජ පාරිසරික සෞන්දර්යාත්මක නිර්මාණය අදටත් අපව සුන්දර ගමකට රැගෙන යන අතර, වසර ගණනාවක සිට විවිධ තර්ක විචාරයන්ට ලක් කිරීමට “මනමේ” නාටකය අති උසස් ලෙස යොවුන් හදවත් පොළඹවා ඇත. මෙකී හා සමාන තව තවත් නිර්මාණ අපව වසර ගණනාවක් ඉදිරියට ගෙන ගොස් ජීවත් කරවනවා මෙන්ම විටෙක තවත් නිර්මාණ අප සෝ සුසුම් නිවාලන්නේ ඒවාට පිළිතුරු ද ලබා දෙමින් ය. යම් ව්යංගාර්ථවත්වූ ගීත අප දුක්බර හිත සනසන අතර විඩාව නිවාලන්නේ ද ඖෂධ මෙන් ය.
රූපවාහිනිය හා සමාජ මාධ්‍යවලට පමණක් නෙත් යොමමින් මළවුන් මෙන් ජීවත් නොවී සාහිත්‍යාංග ඇසුරින් මනස පෝෂණය කරගෙන මිනිසාගේ ‘මනුසත් බව’ පලායෑමට ඉඩ නොතබා සමාජීය ප්‍රිය උපදවන හොඳ මිනිසුන් බවට අපි පත්වෙමු.
මෙතුම්ලි මුදලිගේ ,
11 ශ්‍රේණිය,
මධ්‍ය විද්‍යාලය,
පිළියන්දල.
*******************
නාවා
දේශීය ශාක විශේෂයක් වන නවා ර්චතමචජඥචඥ කුලයට අයත් ශාකයකි. නාවා මීටර් 20ක් පමණ උසට වැඩෙයි සෙ.මී. 12ක් දක්වා දිගට වැඩෙන පත්‍ර සියුම් බවක් සහිත ය. පුෂ්ප මංජරියක හට ගන්නා කුඩා කොළ පැහැති මලින් යුතු ය. බූව සහිත ළා කොළ පැහැති ගෙඩි පොකුරු වශයෙන් පිහිටයි. එක් පොකුරක ගෙඩි 4-5ක් දැකිය
හැකි ය. මේරූ ගෙඩි තැඹිලි පාටට හුරු රතු පාටක් ගනියි. ඒවා කුහරමය වන අතර, ගෙඩියක් තුළ කළු පැහැති බීජ හට ගනියි. ගෙඩිය පැලී, පිටතට පෙනෙන සේ දර්ශනය වන විට අලාංකාරවත් ය. නාවා ගෙඩි පැලුණු පසු ඉතිරි වන ඵලාවරණ පහන් දැල්වීමට යොදා ගනියි. නාවා ශාකයේ පොත්ත නාවා පට්ටය ලෙස හඳුන්වයි. එයින් වෙන් කරගත් කෙඳි කඹ ඇඹරීමටත්, විසිතුරු භාණ්ඩ සෑදීමටත්, ගවයන්ට නාස්ලණු දැමීමටත් සුලභව යොදා ගනියි. මෙම කෙඳි වර්ගය කෘෂිකර්මික කටයුතු සඳහා ඉතා ප්‍රයෝජනවත් ය. නාවා ගසෙහි පොත්ත සියුම්ව තැලීමෙන් හෝ ජලයෙහි බහා තැබීමෙන් කෙඳි වෙන්කරගත හැකි ය.
“ පරිසරය අපි රකියි – රකිමු අපි පරිසරය” යන තේමාව යටතේ පරිසරයට හිතැති, පරිසරය සුරකින පාසල් පරිසර නියමුවන් වශයෙන් අපි මෙම වටිනා ශාක හඳුනා ගැනීමටත්, අනාගත පරපුර උදෙසා
සංරක්ෂණය කිරීමටත් කටයුතු කරමු.
ර්.ර්ථ තෙනුරි නවින්මා කීර්තිසේන
7 ශ්‍රේණිය
කු/ මලියදේව බාලිකා විද්‍යාලය
කුරුණෑගල
**************
සුන්දර බඩල් කුඹුර
බදුලු ඉඳන් අපි මොනරාගල යනවා
ගමේ වෙලෙන් බෑවුම් ටික ඇරඹෙනවා
සුන්දර නගරයකි බෑවුම් නිමවෙනවා
වෙහෙස නිවන්නට පොඩ්ඩක් නවතිනවා
නමින් බඩල්කුඹුරයි මේ නගරෙ නම
බෝගවලින් සශ්‍රීකයි නගරෙ ගම
මැණික්,කුඹුක්කන් ගංගා සහිත ගම
හරිම ප්‍රසිද්ධයි ලංකාවේ ම ගම
සුන්දර පරිසරයක් ඇති සේම
ආසියාවේ විශාලම අටමුණි සෑය
මෙහේ ඉඳන් අපි දැක්කා සියැසින්ම
බඩල්කුඹුර සුරපුරයකි දිවියේම
ඩී.එම්.හසිත කල්හාර දිසානායක
12 වැනි ශ්‍රේණිය,
මො/නිශ්ශංක මධ්‍ය මහා විද්‍යාලය,
බඩල්කුඹුර.