Home » Blog » පියදාස සිරිසේන මහතා

පියදාස සිරිසේන මහතා

by thanushika
0 comment

බොහෝ විරුවන් දේශපාලන සටන් බිමට පිවිසිලා සටන් කරන විරුවන් ය. එහෙත් සමහරු තමන්ගේ ලේඛන හැකියාව යොදා ගනිමින් රට ජාතිය ආගමට සේවයක් ඉටු කරති. මෙවැනි සේවයක් කළ විරුවකු ලෙස පියදාස සිරිසේන මහතා හැඳීන්විය හැකි ය. ඔහු සිය අසිපත කරගනු ලැබුවේ තමන්ගේ පෑනයි. 1875දී උපත ලද පියදාස සිරිසේන මහතා අප මුලින්ම හැඳීන්වූයේ කවියකු වශයෙනි. පුවත්පත් සංස්කාරකවරයකු, නවකතාකරුවකු, චතුර කථිකයකු වූ පියදාස සිරිසේන මහතා පළමුවෙන් කොළඹ ලී බඩු සාප්පුවක ලිපිකරුවකු ලෙස සිය ජීවිතය ආරම්භ කළේ ය. මේ වකවානුවේදී ඉංග්‍රීසිහු තමන්ට හා බ්‍රිතාන්‍ය රජයට විරුද්ධව සිංහලයන් සමඟ පෑන මෙහෙයවමින් සටන් කළේ ය. පියදාස සිරිසේන සිංහල ජාතිය යන පුවත්පතින් ජාතික මෙහෙයක් ඉටු කළේ ය.

රට ජාතිය, ආගම වෙනුවෙන් ජීවිතය පරදුවට තබා සටන් වැදුණු ලේඛකයන් අතර, පියදාස සිරිසේන මහතාට හිමිවන්නේ කිසිවකුට නොදෙවෙනි ස්ථානයකි. රටට වැඩක් නැති රටේ සංවර්ධනය හා සංස්කෘතිය පිරිහෙන්නට හැර තිබුණු පරණ මැති සබය අහෝසිකර දැමීම නිමිත්තෙන් වහල්මුත්තා නමින් හෙතෙම රචනා කළ පැදි පෙළ ඔහුගේ ජාති මමත්වය කදිමට කියාපාන්නකි. 1921 පෙබරවාරි මාසයේදී ලියූ එම පද්‍ය පන්තියේ මෙසේ සඳහන් වේ.

ගොඩ මඩ කුඹුරු ගොවිතැන් වැනසූය සත්තේ
ගොඩ කොට වැව් අමුණු වල් බිහි කර ගත්තේ
දඩ මුඩ මිසක් රට හැදුමක් නැත චිත්තේ
හඬමුද මෙනුඹ මළහයි මැති සබ මුත්තේ

සිංහල සිරිත් විරිත් වනසමින් ගමින් ගමට රා කඩ තිබුණු අයහපත් තත්ත්වය පිළිබඳ ද ඔහු කවියෙන් පැහැදිලි කළේ ය. බොහෝවිට සිංහල සිරිත් විරිත් මිනිසුන් කඩ කිරීම නිසා ඇති වී තිබෙන භේදකාරී තත්ත්වයන් පිළිබඳ ද විස්තර කරමින් එතුමා කවි ලියුවේ ය. සුද්දන්ගේ ක්‍රියාකලාප නිසා බොහෝ දෙනා රා බීමට ඇබ්බැහි වූහ. මේ තත්ත්වය නිසා කවිය අවියක් කරගනිමින් පහර දීමට පියදාස සිරිසේන මහතා ඉදිරියට පැමිණියේ ය. මේ නිසා ජනතාව අතර ඔහු අභීත කවියකු ලෙස ඉදිරියට පැමිණියේ ය. මොහුගේ කවි කියවන පාඨකයෝ සුරාව සූදුවෙන් ඉවත්වීමට ද කටයුතු කළහ. සෑම දෙයකටම වඩා දරුවන්ගේ විනය වඩා වැදගත් බව කී පියදාස සිරිසේන මහතා ඒ සම්බන්ධයෙන් තරුණ දරුවන් සිටින මව්පියන් දැනුම්වත් කළේ ය.

නදී


You may also like

Leave a Comment

1964 වසේ ජූලි 27 වනදා ආරම්භ කල මිහිර පුවත්පත ජාතියේ දූ පුතුන්ගේ දැනුම් තක්සලාව ලෙසින් බොහෝ කාලයක් පුරාවට ලාංකීය දූ පුතුන්ට දැනුම ලබා දෙන පුවත්පතකි.

පත්තර මහගෙදර ලේක්හවුස් පවුලේ ප්‍රකාශනයක් ලෙසින් මිහිර පුවත්පත ඔබ වෙතට පත්වේ.

All Right Reserved @2024. Designed and Developed by Lakehouse IT Department