Snow Canyon State උද්‍යානය යනු අමෙරිකා එක්සත් ජනපදයේ Utah හි Red Cliffs Desert Reserve රක්ෂිතයෙහි පිහිටි රාජ්‍ය උද්‍යානයකි. මෙම උද්‍යානය වඳ වී ගිය සැන්ටා ක්ලාරා ගිනි කන්ද, ලාවා ටියුබ් සහ වැලි කඳුවලින් සමන්විත වේ. Snow Canyon State උද්‍යානයෙහි රතු සහ සුදු නවාජෝ වැලිගල්වලින් කපා සැකසූ කැනියන් කිහිපයක් අඩංගු වේ. මෙම උද්‍යානය අක්කර 7400ක් පමණ පුරා විහිදී ඇත. මෙම උද්‍යානය වසර මිලියන සිය ගණනක් පැරැණි වැලි කඳුවලින් පිරී ඇත. කාන්තාර ඉබ්බාගේ වාස භූමි ආරක්ෂා කිරීම සඳහා වර්ෂ 1960 පමණ මෙම උද්‍යානය පිහිටුවා ඇත. ඉතින් මේ සූදානම පුංචි දූලා පුතාලට සුන්දරත්වයෙන් යුතු Snow Canyon state උද්‍යානය පිළිබඳ තොරතුරු රැගෙන එන්නයි.
මෙම උද්‍යානය වසර පුරා විවෘත කර ඇත. ස්නෝව් කැනියොන් රාජ්‍ය උද්‍යානය කඳු නැඟීම, මවුන්ටන් බයිසිකල් පැදීම සහ අශ්වයන් පැදීම ආදී ක්‍රියාකාරකම් සඳහා භාවිත කරනු ලබයි. බහු කාර්යයන් සඳහා භාවිත කිරීමට කඳවුරු 17ක් සහ විනෝද ක්‍රීඩා වාහන පැදයෑම සඳහා අඩවි 14ක් මෙහි අඩංගු වේ. Utah පදිංචිකරුවන් සඳහා දිනකට භාවිත ගාස්තුව අමෙරිකානු ඩොලර් 10ක් වේ. කඳු නඟින්නන් සහ බයිසිකල් පදින්නන් සඳහා වාර්ෂික අවසරපත් ලබා ගැනීමේ ගාස්තුව වන්නේ අමෙරිකානු ඩොලර් 100කි. විශාල ආරුක්කුවකින් සමන්විත ජොන්සන් කැනියන් මාවත මුදල් නොගෙවා නැරැඹීමට යෑමට හැකි වේ. ජොන්සන් කැනියන් මාර්ගය ඔක්තෝබර් සිට මාර්තු දක්වා විවෘත වේ.
Snow Canyon State උද්‍යානය වර්ෂ 1958දී රාජ්‍ය උද්‍යානයක් ලෙස නම් කරන ලදි. මෙම උද්‍යානය රාජ්‍ය උද්‍යාන පද්ධතියේ පළමු ඇතුළත් කිරීම්වලින් එකකි. වර්ෂ 1959දී වොෂින්ටන් ප්‍රාන්තයේ සිට ප්‍රාන්ත උද්‍යාන කොමිෂන් සභාවෙන් අක්කර 296ක් පරිත්‍යාග කිරීමෙන් උද්‍යානයේ ප්‍රදේශය වර්ධනය විය. Snow Canyon State උද්‍යානය ප්‍රථම වරට මහජනතාව සඳහා විවෘත කරන ලද්දේ වර්ෂ 1962දී ය. වර්ෂ 1960 ගණන්වලදී අමතර ඉඩම් මිල දී ගෙන ෆෙඩරල් ඉඩම් අක්කර 4000කට ආසන්න ප්‍රමාණයක් ඉඩම් කළමනාකරණ කාර්යාංශයේ යූටා ප්‍රාන්තයට පැවරීමෙන් මෙම උද්‍යානය තවත් සංවර්ධනය විය.
බොහෝ හොලිවුඩ් චිත්‍රපට Snow Canyon State උද්‍යානයේදී රූගත කර ඇත. six black horses,The Apploosa ,The Flintstones සහHigh School Musical 2 යන චිත්‍රපට මෙහි රූගත කර ඇත. ඇන්ටිලොප් බිම් ලේන්නු , කිට් ෆොක්ස් නරි විශේෂ සහ බොබ්කැට් (කැලෑ බළල් විශේෂයකි) ඇතුළු ක්ෂීරපායි සත්තු මෙහි ජීවත් වෙති. කපුටන්, බෙවික් රෙන් නමැති කුරුලු විශේෂය, කැනියන් රෙන් නමැති උතුරු අමෙරිකානු කුඩා කුරුලු විශේෂය , ගැම්බල් වටුවන් යන පක්ෂීහු ද මෙම උද්‍යානයේ ජීවත් වෙති. මෙම උද්‍යානයේ සර්පයෝ සහ උභයජීවීහු ද ජීවත්වෙති. උකුස්සන්, කාන්තාර ඉබ්බන් සහ ගිලා මොන්ස්ටර්ස් නමැති විෂ සහිත කටුසු විශේෂ ඇතුළුව උද්‍යානය තුළ නීතියෙන් ආරක්ෂා කර ඇති සංවේදී සත්ත්ව විශේෂ දහතුනක් පමණ සිටිති. බිමෙහි වෙසෙන ජීවීන් අහම්බෙන් පාරේ සැරිසැරීම වැළැක්වීම සඳහා සැකසූ කුඩා වැටවල් ස්මෝව් කැනියන් උද්‍යානය හරහා දැකිය හැකි ය.
මෙම උද්‍යානයෙහි දැකගත හැකි ශාක ලෙස desert species creosote, narrow-leaf yucca, pinyon pine පයින් ශාකය, shrub live oak ඕක් ශාකය, desert almond කාන්තාර ආමන්ඩ් ශාකය, mormon tea, strawberry hedgehog cactus පතොක් විශේෂය ආදී ශාක දැක්විය හැකි ය. කාලගුණික තත්ත්වය යහපත් වසන්ත සහ සරත් ඍතුවලදී විවිධ කැලෑ මල් ද පිපී තිබෙනු දැකගත හැකි ය.
ස්මෝව් කැනියන් උද්‍යානය පිහිටා ඇත්තේ මොජවේ කාන්තාරය , මහා ද්‍රෝණිය සහ කොලරාඩෝ සානුවේ ය. මෙම උද්‍යානයට වර්ෂාපතනය අඩුවෙන් ලැබෙන අතර, ඉහළ උෂ්ණත්වයක් මෙහිදී අත්විඳීය හැකි ය. මෙය ආසන්නයේ පිහිටි අයිවින්ස් නගරයේ සාමාන්‍ය උෂ්ණත්වය සෙල්සියස් අංශක 20ක් පමණ වේ. ගිම්හානයේ අඩු උෂ්ණත්වය සෙල්සියස් අංශක 38ක් පමණ ය. ශීත ඍතුවේ දී අවම අගය සෙල්සියස් අංශක -1ක් වේ. ඉහළ අගය වන්නේ සෙල්සියස් අංශක 13ක් පමණ ය.
චතුරි ලක්ෂිකා