Home විශේෂාංග වේදිකා නාට්‍යයට ජීවනය ගෙනා ටවර් හෝල් යුගය

වේදිකා නාට්‍යයට ජීවනය ගෙනා ටවර් හෝල් යුගය

by thanushika
0 comment

ආදරණීය දුවේ පුතේ, අද අප නරඹන වේදිකා නාට්‍ය සෑදීමට මුල් ම පියවර ඇරැඹුණේ ටවර්හෝල් යුගයෙනි. එම නිසා ම ඒ පිළිබඳ පුංචි ඔබ දැනුම්වත් කිරීම සඳහා ඒ ගැන අපි ඔබට කියන්නෙමු.

කොළඹ අවට රංගන ශාලා බිහි වීම

1880 වසරේදී කොළඹ නගරය පුරා කුඩා රංගන ශාලා රාශියක් බිහිවෙමින් තිබිණි. සින්ක් තහඩු සෙවිලි කරන ලද මේ තාවකාලික මඩුවල නාට්‍ය රැසක් වේදිකා ගත විය. එකල කොළඹ වැසියන්ගේ එකම විනෝදාස්වාදය වූයේ නාට්‍ය බැලීම පමණි. විශාල ජන සමූහයක් මේ නාට්‍ය බැලීමසඳහා පැමිණියහ. එහෙත් මේ රංගන ශාලා තාවකාලික රංගන ශාලා විය. මේවා පැවිලියන් තියටර්, පබ්ලික් හෝල්, සරස්වතී හෝල් ආදී වශයෙන් නම් කෙරිණි.

ටවර් හෝල් රඟහල බිහි වීම

මේ සඳහා මූලික වූයේ මරදානේ විසූ ව්‍යාපාරිකයෙකි. ඔහු ජී.ඩී. හෙන්ද්‍රික් සෙනෙවිරත්න මහතා ය. අශ්ව ඉස්තාලයකට වෙන් කරන ලද ඉඩමක් මේ සඳහා පිරිනැමීමට ඔහු ඉදිරිපත් වූයේ ය. මෙය ප්‍රේක්ෂකයන් අටසීයක් පමණ ඇතුළු කළ හැකි රංගන ශාලාවකි. ප්‍රධාන ශාලාවට යාබදව ඔරලෝසු කණුවක් සැලසුම් කරන ලද්දේ ලන්ඩනයේ ඔරලෝසු කුලුන නිරූපණය කිරීමට ය.

ටවර් හෝල් රඟහලේ රඟ දැක්වූ ප්‍රථම නාට්‍ය වූයේ පණ්ඩුකාභය නාට්‍යයයි. එදින ප්‍රධාන ආරාධිත අමුත්තා වූයේ සර් හෙන්රි මැකලන්තුමා ය. පණ්ඩුකාභය නාට්‍යයේ පිටපත් රචකයා වූයේ නීතිඥ චාල්ස් ඩයස් මහතා ය. ආරම්භයේ මේ රඟහල වෙන් වූයේ නීතිඥ චාල්ස් ඩයස් මහතාගේ නාට්‍ය වේදිකා ගත කිරීම සඳහා පමණි. පසුව නීතිඥ ජෝන් ද සිල්වාගේ නාට්‍ය ප්‍රදර්ශනය කිරීමට ද අවස්ථාව උදා වූයේ ය. එකල නිෂ්පාදනය කරන ලද නාට්‍ය නූර්ති හෙවත් නෘත්‍ය නමින් හැඳීන්වීය.

එකල ටවර් හෝල් මඟින් සිදු වූ සේවය

* දියුණු නාට්‍ය සංස්කෘතියක් බිහි කිරීම.

* නාට්‍යවේදීන්ගේ විශිෂ්ට නාට්‍ය නිර්මාණ ප්‍රදර්ශනය කිරීම.

* ජනතාව අතර විනෝදාස්වාදය ඇති කිරීම.

1978 අංක 1 දරන ටවර් හෝල් රඟහල පනතින් ලබා දුන් වරප්‍රසාද

දියුණු නාට්‍ය සංස්කෘතියක් හා ගුණාත්මක නාට්‍ය පරිසරයක් ගොඩනැඟීමේ අරමුණ ඇතිව තරුණ නාට්‍යකරුවන්ගේ නිර්මාණ ඉදිරිපත් කිරීම. මේ නිසා නාට්‍ය නිර්මාණ ඉදිරිපත් කිරීමට නාට්‍යකරුවෝ පෙළ ගැසුණහ.

නව නාට්‍ය

දසවැනි ශත වර්ෂයේ ශ්‍රී ලංකාවේ සෑම ස්ථානයකම ඉතාමත් ජනප්‍රිය ලෙස නාඩගම් පැතිරුණි. රූ කඩ නැටුම් හා කෝලම් නැටුම් ද මෙකල බහුලව පැවතිණි. නාඩගම් සම්ප්‍රදායට බෙහෙවින්ම වෙනස් වූ නාට්‍ය ක්‍රමයක් මේ අවධියේ ඇති විය. එම නාට්‍ය ක්‍රමය නෘත්‍ය නමින් හැඳීන් විය. මෙහි නිර්මාතෘවරයා වූයේ ‍දොන් සෙබස්තියන් මහතා ය. සෙබස්තියන් මහතාගේ නාට්‍ය කණ්ඩායමේ

ප්‍රධානියා වූයේ සී. බර්තොලමියුස් ය. සෙබස්තියන් මහතාගේ සෑම නාට්‍යයකම ප්‍රධාන චරිතය රඟපෑවේ ද බර්තොලමියුස් ය. මේ නිසා රෝමියෝ ජුලියට් නාට්‍යයේ රෝමියෝගේ චරිතය රඟ පෑ ප්‍රථම නළුවා වීමට ද මොහුට හැකි වූයේ ය.

වන්දනා අබේසේකර


You may also like

Leave a Comment

1964 වසේ ජූලි 27 වනදා ආරම්භ කල මිහිර පුවත්පත ජාතියේ දූ පුතුන්ගේ දැනුම් තක්සලාව ලෙසින් බොහෝ කාලයක් පුරාවට ලාංකීය දූ පුතුන්ට දැනුම ලබා දෙන පුවත්පතකි.

පත්තර මහගෙදර ලේක්හවුස් පවුලේ ප්‍රකාශනයක් ලෙසින් මිහිර පුවත්පත ඔබ වෙතට පත්වේ.

All Right Reserved @2024. Designed and Developed by Lakehouse IT Department