Home විශේෂාංග  පුංචි ඔබේ දැනුම පොතට

 පුංචි ඔබේ දැනුම පොතට

by thanushika
0 comment

දේශීය තොරතුරු

1. ශ්‍රී ලංකාව සඳහා ඉංග්‍රීසින් විසින් යෙදූ නම කුමක්ද ?

2. ශ්‍රී ලංකාවේ ප්‍රථම අධිවේගී මාර්ගය කුමක්ද?

3. ශ්‍රී පාදය පිහිටා ඇත්තේ කුමන දිස්ත්‍රික්කයේද ?

4. ශ්‍රී ලංකාවේ ජාතික වීර දිනය කවදාද?

5. ජාතික රූපවාහිනී සම්ප්‍රේ්ෂණාගාරය පිහිටා ඇත්තේ කොහෙද ?

6. ශ්‍රී ලංකාවේ උසම වේල්ල කුමක්ද ?

7. ශ්‍රී ලංකාවේ දෙවැනි අන්තර්ජාතික ගුවන් තොටුපළ කුමක්ද ?

8. මිහි පිට ඇති අංග සම්පූර්ණ ආහාරය කුමක්ද ?

9. අනුරාධපුර රාජධානිය ජනවාස වූයේ කවර ගංගාවක් මුල්කරගෙනද ?

10. ශ්‍රී ලංකාවේ විශාලතම දිස්ත්‍රික්කය කුමක්ද ?

11. ශ්‍රී ලංකාවේ පළමු වරට පිහිටුවන ලද ජාතික වනෝද්‍යානය කුමක්ද ?

12. ශ්‍රී ලංකාවේ අගනගරය කුමක්ද ?

13. ශ්‍රී ලංකාවේ ජනතාව හඳුන්වන නම කුමක්ද?

14. ශ්‍රී ලංකාවේ වැඩිම සෙල් ලිපි ප්‍රමාණයක් ලියා ඇත්තේ කුමන රාජධානී සමයකද ?

15. මුළු ලක්දිවම ඉංග්‍රීසින්ට යටත් වූයේ කුමන වර්ෂයේද ?

16. සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කළ වර්ෂය කුමක්ද ?

17. ශ්‍රී ලංකාවේ උසම දිය ඇල්ල කුමක්ද ?

18. ශිව රාත්‍රී දිනය පවත්වන්නේ කුමන ආගමකින්ද ?

19. උතුරු පළාතට අයත් ප්‍රධාන නගරය කුමක්ද ?

20. බදුල්ල ප්‍රධාන නගරය වන පළාත කුමක්ද ?

කලා තොරතුරු

1. අමාවැස්ස කෘතිය ලිව්වේ කවුරුන්ද ?

2. සද්ධර්මරත්නාවලිය කාගේ කෘතියක්ද ?

3. පියදාස සිරිසේන ලියූ රහස් පරීක්ෂක නවකතා පෙළේ අවසාන නවකතාව කුමක්ද ?

4. ඉරානය විසින් මරණ දඬුවම පැනවූ ප්‍රසිද්ධ ලේඛකයා කවුරුන්ද ?

5. මළවුන්ගේ අවුරුදු දා කෘතිය රචනා කළේ කවුරුන්ද ?

6. ඩිංගිරි අම්මා නවකතාව රචනා කළේ කවුරුන්ද ?

7. බැද්දේගම නව කතාවට පසුබිම් වූ දිස්ත්‍රික්කය කුමක්ද ?

8. මාර්ටින් වික්‍රමසිංහ ජනකලා කෞතුකාගාරය විවෘත වූයේ කවදාද ?

9. රුසියානු විප්ලවයට මුල් වූ මැක්සිම් ගෝර්කි ලියූ ප්‍රකට කෘතිය කුමක්ද ?

10. චරිතා දර්ශකතා නමැති කෙටි කතා සංග්‍රහය ලියූ කතුවරයා කවුරුන්ද ?

11. සීගිරි කැටපත් පවුරේ ලියා ඇති කුරුටු ගී සංඛ්‍යාව කීයද ?

12. වැඩිම ජගත් සම්මාන ගණනක් දිනාගත් ලාංකික චිත්‍රපටය කුමක්ද?

13. ලොව ජනප්‍රියතම ගීතය කුමක්ද ?

14. ඤඪඵජධ සංගීත කලාව ලොවට හඳුන්වා දුන් රට කුමක්ද ?

15. අපරදිග සංගීත ලෝකයේ අමරණීය ගායකයා කවුරුන්ද ?

16. ඉංග්‍රීසි චිත්‍රපටයක රඟපෑ ප්‍රථම සිංහල නළුවා කවුරුන්ද ?

17. සංගීතයේ සප්ත ස්වර අංකය සොයාගත්තේ කවුරුන්ද ?

18. චිත්‍රපට ගත කරන ලද ප්‍රථම සිංහල නවකතාව කුමක්ද ?

19. ලොව පාවෙන සිනමාහල තිබෙන්නේ කොහේද ?

20. සිනමා සක්විති ගාමිණී පොන්සේකා දැයෙන් සමුගත්තේ කවදාද ?

විදේශීය තොරතුරු

1. සෝමාලියාවේ ජාතික සත්ත්වයා කවුරුන්ද ?

2. මහා බාධක පරය පිහිටා ඇත්තේ කොහේද ?

3. අජන්තා ගල් ගුහා පිහිටියේ කොහේද ?

4. හොංකොංවල භාවිත කරන මුදල් වර්ගය කුමක්ද?

5. සුළං නගරය යනුවෙන් හඳුන්වන්නේ කුමන නගරයද ?

6. භූතානයේ ජාතික ක්‍රීඩාව කුමක්ද ?

7. මධ්‍යම රාත්‍රියේ හිරු පායන රට කුමක්ද ?

8. මාෂල් සැලැස්ම (Marshall Plan) යනු කුමක්ද ?

9. චීනයේ ජාතික පුෂ්පය කුමක්ද?

10. චාල්ස් කුමාරයාගේ සම්පූර්ණ නම කුමක්ද ?

11. ලොව ගිලෙන නගරය කුමක්ද ?

12. පෘතුගාලයේ ජාතික සත්ත්වයා කවුද?

13. ලෝකයේ පැරැණිතම ලී ගොඩනැඟිල්ල කුමක්ද ?

14. කඩදාසි නිෂ්පාදනය සඳහා ලොව ප්‍රමුඛ රටවල් මොනවාද?

15. ග්‍රීසියේ ජාතික සත්තවයා කවුද?

16. ලොව කුඩාම අශ්ව විශේෂය කුමක්ද?

17. ලොව පැරැණිම පුස්තකාලය කුමක්ද ?

18. දිගම ජාතික ගීතය අයත් රට කුමක්ද?

19. දේදුනු රට යනුවෙන් හඳුන්වන රට කුමක්ද?

20. කබුකි රංගකලාව දැකගත හැකි රට කුමක්ද?

විද්‍යාත්මක හේතු

1. සිසිල් බීම බෝතලයක මූඩිය ගැලවූ විට පෙණ දමන්නේ ඇයි ?

2. ඇපල් ගස ශ්‍රී ලංකාවේ නොවැඩෙන්නේ ඇයි ?

3. විශාල යන්ත්‍රයක් සිසිල් කිරීම සඳහා ජලය භාවිත කරන්නේ ඇයි ?

4. රබර් ගස්වල අවුරුද්ද පුරා කිරි කපන්නේ නැත්තේ ඇයි ?

5. උරහිසෙහි අත කැරකැවිය හැකි නමුත් වැළමිටින් අත නැවීම පමණක් කළ හැක්කේ ඇයි ?

6. තට්ටු දෙකේ බස් රථයක ඉහළ තට්ටුවේ මගීන් වැඩිපුර ගෙනියන්නේ නැත්තේ ඇයි ?

7. ඇතැම් පලතුරු වවන විට අඩුම වශයෙන් එක් වර්ගයකින් පැළ දෙකක් තිබිය යුත්තේ කියන්නේ ඇයි ?

8. අඬන විට නාසය ඇතුළත තෙත් වන්නේ ඇයි ?

9. අපේ රටේ තේ කඳුකර ප්‍රදේශයේ හැදෙන්නේ ඇයි ?

10. කොණ්ඩය කපන විට වේදනාවක් නොදැනෙන්නේ ඇයි ?

11. ෆොස්පරස් ඇල් ජලයේ ගබඩාකර තබන්නේ ඇයි ?

12. මාළු ඉක්මනට නරක් වීම වැළැක්වීමට අයිස් කැට මිශ්‍ර කරන්නේ ඇයි ?

13. හයිඩ්‍රජන් වායුව පිරවූ බැලුනයක් උඩ යන නමුත් ශ්වසන වාතය පිර වූ බැලූනයක් උඩ යන්නේ

නැත්තේ ඇයි ?

14. කොළයක ඔතන හුනු වියළී යන නමුත් පොලිතින් කඩදාසියේ ඔතන හුනු වියළී නොයන්නේ ඇයි ?

15. බඩු ගෙන යෑම සඳහා කඩදාසි බෑග්වලට වඩා පොලිතින් බෑග් පහසු වූ නමුත් පරිසරයට හිතකර නොවන්නේ ඇයි ?

16. වැද්දන් විසින් මස් කල් තබා ගැනීමට මී පැණි භාවිත කරන්නේ ඇයි ?

17. ශීතකරණයක අධිශීතකරණය ඉහළ කොටසේ තිබෙන්නේ ඇයි ?

18. අයිස් මඟින් බීම බෝතල් සිසිල් කිරීම සඳහා බෝතලය අයිස් කැට මත තබන්නේ ඇයි ?

19. සබන් සෑදීමේදී ලුණු ස්වල්පයක් එකතු කරන්නේ ඇයි ?

20. ඉන්ධන වර්ග ප්‍රවාහනයේදී බිම ගෑවෙන සේ දම්වැලක් යොදන්නේ ඇයි ?

********************************

පිළිතුරු

විදේශීය තොරතුරු පිළිතුරු

1. දිවියා

2. ඔස්ට්‍රේලියාව

3. ඉන්දියාව

4. යූ ආන්

5. චිකාගෝ

6. දුනු ශිල්පය

7. නෝර්වේ

8. දෙවැනි ලෝක යුද්ධයේදී විනාශයට පත් වූ යුරෝපා රටවල් පුනරුත්ථාපනය කිරීම සඳහා දියත්කර සංවිධානය

9. ප්ලම් මල

10. චාල්ස් පිලිප් ආතර් ජෝර්ජ් මවුන්ට්බැටන් වින්ඩ්සර් ( Charles Philip Arthur George Mountbatten-Windsor)

11. වැනීසිය

12.  Iberian wolf

13. හොරුයු පන්සල – ජපානය

14. චීනය, ජර්මනිය, අමෙරිකා එක්සත් ජනපදය, ඉන්දියාව, ජපානය

15. ඩොල්ෆින්

16. Falabella

17. Library of Ashurbanipal

18. ග්‍රීසිය

19. දකුණු අප්‍රිකාව

20. ජපානය

දේශීය තොරතුරු පිළිතුරු

1. සිලෝන්

2. දක්ෂිණ අධිවේගී මාර්ගය

3. රත්නපුර

4. මැයි 22

5. පිදුරුතලාගල

6. වික්ටෝරියා වේල්ල

7. මත්තල රාජපක්ෂ ගුවන්තොටුපළ

8. මව්කිරි

9. මල්වතු ඔය

10. අනුරාධපුර

11. යාල වනෝද්‍යානය

12. ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ

13. ශ්‍රී ලාංකිකයන්

14. පොලොන්නරුව

15. 1815 මාර්තු 12

16. 1956

17. බඹරකන්ද දිය ඇල්ල

18. හින්දු

19. යාපනය

20. ඌව පළාත

කලා තොරතුරු පිළිතුරු

1. ජයසේන ජයකොඩි

2. ධර්මසේන හිමි

3. 1936 පළමු මහේෂ්වරි

4. සල්මන් රුෂ්ඩි

5. එදිරිවීර සරච්චන්ද්‍ර

6. පියදාස සිරිසේන

7. හම්බන්තොට

8. 1991.11.28

9. අම්මා

10. මාර්ටින් වික්‍රමසිංහ

11. 1645

12. සරෝජා

13. happy birthday to you  සුබ පැතුම් ගීතය

14. අමෙරිකා එක්සත් ජනපදය

15. එල්විස් ප්‍රෙස්ලි

16. ලැඩී රණසිංහ

17. පයිතගරස්

18. කැලෑහඳ

19. ප්‍රංශයේ පැරිස් නුවර

20. 2004 සැප්තැම්බර් 30

විද්‍යාත්මක හේතු පිළිතුරු

1. බෝතලේ ද්‍රාවණයෙහි අධික පීඩනයෙන් යුත් කාබන්ඩයොක්සයිඩ් වායුව ඇත. මූඩිය ගැලවූ විට දියවී ඇති කාබන්ඩයොක්සයිඩ් බුබුළු වශයෙන් පිටවෙයි.

2. ඇපල් ගස සඳහා සුදුසු දේශගුණ තත්ත්වයක් නොමැති වීම නිසා එය හොඳීන් වැඩෙන්නේ නැත.

3. සිසිල් කිරීම සඳහා ජලය භාවිත කළ විට එම යන්ත්‍රයේ ඇති තාපයෙන් වැඩි කොටස් ජලයෙන් සිසිල් කරනු ලබයි.

4. යම්කිසි කාලයක රබර් ගසේ පත්‍ර හැලී යයි. එම නිසා රබර් ගසේ ආහාර නිපදවීම අඩුවේ. පත්‍ර තිබෙන විට රබර් ගසේ කිරි කැපීම සිදුකරනු ලබයි.

5. උරහිසෙහි ඇත්තේ ගෝල කුහර සන්ධියක් නිසා විවිධ දිශාවලට කරකැවිය හැකි ය. වැළමිටේ එවැනි සන්ධි නැති නිසා එක් දිශාවකට නැවීම පමණක් කළ හැකි ය.

6. බස් රථයේ ඉහළ තට්ටුවේ මගීන් වැඩිපුර ගමන් කළොත් බස් රථය ඇලවූ විට පෙරළීමට ඉඩ ඇත. ගුරුත්ව කේන්ද්‍රය පහළට සිටීම නිසා වැඩිපුර මගීන් ගෙන යා නොහැකි ය.

7. පැළ දෙක අතර පරාගණය සිදුවීම පල හට ගැනීමට යෝග්‍ය වේ. එම නිසා පැළ දෙකක් වත් සිටුවිය යුතුය.

8. ඇසේ සිට නාසය වෙත නාසා අශ්‍රැ ප්‍රනාලය නම් නාළයක් ඇත. එම නිසා අඬන කඳුළු නාසය දිගේ පහළට ඇතුළු වී තෙත් වේ.

9. තේ වැවීමට සුදුසු දේශගුණ තත්ත්වයක් තිබිය යුතු ය. තේ වැවීමට අවශ්‍ය සාධක කඳුකර ප්‍රදේශයේ තිබේ.

10. කෙස්වල ස්නායු සම්බන්ධ වී ඇත්තේ මුල කොටසට පමණයි. කෙස් කැපීමේදී මුල කොටස සම්බන්ධ නොවෙන නිසා වේදනාවක් නොදැනෙයි.

11. ෆොස්පරස් වාතයට නිරාවරණය වූ විට ගිනි ගනී. එම නිසා උෂ්ණත්වය විජලනය අංකයට වඩා පහත් කරලීම සඳහා එය ජලයේ ගබඩා කරනු ලබයි.

12. මාළු තුළට අයිස් එක් කිරීමේද ක්ෂුද්‍ර ජීවීන්ගේ ක්‍රියාකාරීත්වය අඩපණ වේ. එම නිසා මාළු නරක් නොවේ.

13. හයිඩ්‍රජන් වායුවේ ඝනත්වය අඩු නිසා බැලුනය උඩ යයි. එහෙත් ශ්වසන වාතයේ ජලවාෂ්ප නිසා එම වාතයේ ඝනත්වය වැඩි ය. ඒ නිසා බැලුනය ඉහළ නොයයි.

14. කොළයක තිබෙන සිදුරුවලින් හුනුවල ඇති ජලවාෂ්ප වියළී යන නමුත් පොලිතින් කඩදාසියේ ජලවාෂ්ප නොයන නිසා වියළෙන්නේ නැත

15. පොලිතින් බෑග් පරිසරයට එක් වූ පසු දිරාපත් වීමට කාලයක් ගත වේ. කඩදාසි බෑග් දිරාපත් වීම නිසා පරිසරයට හිතකර ය.

16. මී පැණි තුළ සීනි ද්‍රාවණයක් අඩංගු නිසා ආහාර ගිල්වා තැබූ විට ක්ෂුද්‍ර ජීවීන් නොවැඩීම නිසා මස් නරක් නොවෙයි.

17. අධි ශීතකරණය ඉහළ කොටසේ තිබෙන විට සිසිලස පහළට යයි. මේ නිසා ශීතකරණයේ සෑම කොටසක්ම සිසිල් වේ. එම නිසා ශීතකරණයේ ඉහළ කොටසේ අධිශීතකරණය පිහිටා ඇත.

18. අයිස් මත තැබූ විට ස්පර්ශ වී ඇති කොටස සිසිල් වී සිසිලස උඩට ගමන් කරයි. එහෙත් අයිස් කැට ඉහළින් තබන විට අයිස් කැට දිගේ සිසිලස පහළට ගමන කර හොඳීන් සිසිලසක් ලබාගත හැකි ය.

19. ලුණුවල කැටි ගැසීමේ ගුණයක් ඇති නිසා සබන් සෑදීමේදී ලුණු භාවිත කරයි.

20. වාහනය යන විට වාතය සමඟ ගැටේ . එම නිසා විද්‍යුත් රෝපණ ඇතිවිය හැකි ය. එම විද්‍යුත් රෝපණ පොළොවට ගමන් කිරීම සඳහා දම්වැලක් භාවිත කරයි.

 

ජගත් අෙබිකෝන්


You may also like

Leave a Comment

1964 වසේ ජූලි 27 වනදා ආරම්භ කල මිහිර පුවත්පත ජාතියේ දූ පුතුන්ගේ දැනුම් තක්සලාව ලෙසින් බොහෝ කාලයක් පුරාවට ලාංකීය දූ පුතුන්ට දැනුම ලබා දෙන පුවත්පතකි.

පත්තර මහගෙදර ලේක්හවුස් පවුලේ ප්‍රකාශනයක් ලෙසින් මිහිර පුවත්පත ඔබ වෙතට පත්වේ.

All Right Reserved @2024. Designed and Developed by Lakehouse IT Department