ආදරණීය හර්ෂි නැන්දේ,
මිහිර පුවත්පතේ 60 වැනි උපන් දිනයට මං සුබ පතන අතරේ මිහිර පුවත්පතට දීර්ඝායුෂ ද පතනවා
දිල්නුක සිල්වා
9 ශ්‍රේණිය
මහරගම මධ්‍ය මහ විදුහල
ගොඩක් ස්තූතියි පුතේ
-හර්ෂි නැන්දා
*********
දයාබර හර්ෂි නැන්දේ,
මිහිර පුවත්පතේ උපන් දිනයට මං එව්ව මල් පොකුර ඔයාට හමු වුණා නේද?
අනුසස්වි තෙන්නකෝන්
9 ශ්‍රේණිය
උසස් බාලිකා විදුහල, මහනුවර
ඔව් ඔව් නුවර කෝච්චියේ මාමලා උදෙන්ම මට ඒ මල් පොකුර පත්තර කන්තෝරුවටම ගෙනත් දුන්නා
-හර්ෂි නැන්දා
*********
ආදරණීය හර්ෂි නැන්දේ
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට වර්ණ රූපවාහිනිය භාවිත කිරීම ආරම්භ කළ වර්ෂය මොකක්ද?
ගඟුල් සමරසිංහ
8 ශ්‍රේණිය
මහරගම මධ්‍ය මහ විදුහල
ශ්‍රී ලංකාවට 1979 දී රූපවාහිනිය ලැබුණත් මුලින්ම තිබුණේ කළු සුදු රූපවාහිනී යන්ත්‍ර පමණයි. මා දන්නා තරමින් වර්ණ රූපවාහිනී යන්ත්‍ර භාවිතය මෙරට ඇරැඹී තිබෙන්නේ 80 දශකයේ මුල් භාගයේදීයි
-හර්ෂි නැන්දා
*********
ආදරණීය හර්ෂි නැන්දේ,
සම්ප්‍රදායන් යන්නෙහි තේරුම මොකක්ද?
කවීෂා කාවින්දි
10 ශ්‍රේණිය
මහමායා බාලිකා විද්‍යාලය, නුගේගොඩ
කිසියම් සමාජයක හෝ කණ්ඩායමක පුද්ගලයන් දීර්ඝ කාලයක් තිස්සේ අඛණ්ඩව අනුගමනය කර ඇති විශ්වාසයන්, චාරිත්‍ර ආදිය සම්ප්‍රදායන් ලෙස සරලව හඳුන්වන්න පුළුවන්
-හර්ෂි නැන්දා