Home » Blog » සුන්දරත්වයෙන් පිරුණු ඔස්ට්‍රේලියාවේ Perth නගරය

සුන්දරත්වයෙන් පිරුණු ඔස්ට්‍රේලියාවේ Perth නගරය

by lakehouse
0 comments

පර්ත් (Perth) යනු බටහිර ඔස්ට්‍රේලියාවේ අගනුවරයි. මෙය ඔස්ට්‍රේලියාවේ සිව්වැනි වැඩිම ජනගහනය සහිත නගරය වේ.ඉන්දියන් සාගරය සහ ඩාලිං ස්කාර්ප් අතර Swan  වෙරළ තැන්නෙහි perth  නගරයෙහි වැඩි ජනගහනයක් ජීවත් වෙති. වර්ෂ 1829 දී කපිතාන් ජේම්ස් ස්ටර්ලින් විසින් ඉඹචද ගංගා ජනපදයේ පරිපාලන මධ්‍යස්ථානය ලෙස perth  ආරම්භකර ඇත. මෙම නගරය පිහිටා ඇත්තේ වාඩ්ජුක් නූන්ගාර් ජනයාගේ සාම්ප්‍රදායික ඉඩම්වල ය. ආදිවාසී ඔස්ට්‍රේලියානුවන් අවම වශයෙන් වසර 45,000ක් ජීවත් වී ඇත්තේ මෙම නගරයේ ය. වර්ෂ 1856දී වික්ටෝරියා රැජන විසින් perth  නගරයක් ලෙස ප්‍රකාශයට පත් කරන ලදි . වර්ෂ 2021 වන විට perth  තදාසන්න ප්‍රදේශ 350කට අධික ප්‍රමාණයකින් සමන්විත පළාත් පාලන ප්‍රදේශ 30කට බෙදා ඇත. ඉතින් මේ සූදානම පුංචි දූලා පුතාලට perth  නගරය පිළිබඳ තොරතුරු රැගෙන එන්නයි.

Perth නගරයෙහි පොදු ගොඩනැඟිලි හා සංස්කෘතික උරුම තිබෙන ස්ථාන පිහිටා තිබේ. එනම් නගරයේ පාර්ලිමේන්තු මන්දිරය, රජයේ මන්දිරය , ශ්‍රේෂ්ඨාධිකරණ ගොඩනැඟිලි සහ පර්ත් මින්ටි ඇතුළු විවිධ ගොඩනැඟිලි මෙහි දක්නට ලැබේ. මෙම නගරයට ෆ්‍රමන්ටල් වරාය සහ perth  ගුවන්තොටුපළ සේවා සපයනු ලබයි. එය දෙවැනි ලෝක යුද සමයේදී මිත්‍ර පාක්ෂිකයන් සඳහා නාවික කඳවුරක් වූ අතර, අද වන විට රාජකීය ඔස්ට්‍රේලියානු නාවික හමුදාවේ Fleet Base West පිහිටා ඇත්තේ Garden  දූපතේ ය . බටහිර ඔස්ට්‍රේලියාවේ විශ්වවිද්‍යාල පහම perth  හි පිහිටා ඇත.

බටහිර ඔස්ට්‍රේලියාවේ ප්‍රාථමික හා ද්විතීයික පාසලට අනුරූපව වයස අවුරුදු හයත් දාහතත් අතර අධ්‍යාපනය අනිවාර්ය වේ. තෘතීයික අධ්‍යාපනය විශ්වවිද්‍යාලවලින් ද, තාක්ෂණික දැනුම හා වැඩිදුර අධ්‍යාපනය විද්‍යාල මඟින් ද ලබා ගත හැකි ය. බටහිර ඔස්ට්‍රේලියානු අධ්‍යාපන සහතිකය යනු ඔවුන්ගේ ද්විතීයික පාසල් අධ්‍යාපනයේ 11 සහ 12 වසර සම්පූර්ණ කර ඇති සිසුන්ට ලබා දෙන අත්පත්‍රයයි. perth  නගරයේ විශ්වවිද්‍යාල හතරක් තිබේ. එනම් බටහිර ඔස්ට්‍රේලියා විශ්වවිද්‍යාලය, කර්ටින් විශ්වවිද්‍යාලය, මර්ඩොක්

විශ්වවිද්‍යාලය සහ එඩිත් කෝවන් විශ්වවිද්‍යාලයයි. ඔස්ට්‍රේලියාවේ Notre Dame විශ්වවිද්‍යාලය සහ මෙල්බර්න් පදනම් කරගත් දේවත්වය පිළිබඳ විශ්වවිද්‍යාලයේ දේශීය මණ්ඩපයක් ද ඇත. වර්ෂ 1911දී ආරම්භ කරන ලද බටහිර ඔස්ට්‍රේලියාවේ විශ්වවිද්‍යාලය ඔස්ට්‍රේලියාවේ ප්‍රමුඛතම පර්යේෂණ ආයතනයක් ලෙස ප්‍රසිද්ධ වේ.

මෙම විශ්වවිද්‍යාලයේ ස්මාරකයේ ගෘහනිර්මාණ සුදු හුනුගල්වලින් කැටයම්කර ඇත. Curtin  විශ්වවිද්‍යාලය බටහිර ඔස්ට්‍රේලියානු තාක්ෂණ ආයතනය සහ Curtin University of Technology  ලෙස හඳුන්වනු ලැබුවේ බටහිර ඔස්ට්‍රේලියාවේ ශිෂ්‍ය ජනගහනය අනුව විශාලතම විශ්වවිද්‍යාලය නිසා ය.

Perth නගරයෙහි සංස්කෘතික උත්සව ඇත. වර්ෂ 1953 වසරේ සිට වාර්ෂිකව පවත්වනු ලබන perth  උලෙළ ඔස්ට්‍රේලියාවේ දීර්ඝතම වාර්ෂික සංස්කෘතික උත්සවය වේ. මෙම උත්සවයට Perth Writers Festival  සහ Winter Arts Festival  ද ඇතුළත් වේ. Fringe World Festiva 2012 වසරේ සිට perth  හි ජනවාරි සහ පෙබරවාරි මාසවල වාර්ෂිකව පවත්වනු ලැබේ. Listen Out, Origin  සහ St Jerome’s Laneway Festival ඇතුළු වාර්ෂික සංගීත උත්සව ද Perth නගරයෙහි පවත්වනු ලබයි. Cottesloe Beach  වෙරළ තීරය ඔස්සේ දේශීය සහ ජාත්‍යන්තර මූර්ති ශිල්පීන්ගේ නිර්මාණ රැසක් ප්‍රදර්ශනය කරනු ලැබේ.

Perth නගරයට අධික ශීත වර්ෂාපතනයක් ලැබේ. ගිම්හානය සමයේ සාමාන්‍යයෙන් උණුසුම්, අව්ව සහ වියළි කාලගුණයක් පවතින අතර, එය දෙසැම්බර් සිට මාර්තු දක්වා පවතී. සාමාන්‍ය මුහුදු උෂ්ණත්වය ඔක්තෝබර් මාසයේ සෙල්සියස් අංශක 18.9 සිට මාර්තු මාසයේදී සෙල්සියස් අංශක 23.4 දක්වා පරාසයක පවතී. perth හි දිනකට පැය 8ක් පමණ හිරු රශ්මියක් ඇත. එය වසරකට පැය 3200ක් පමණ හිරු රශ්මියකට සහ පැහැදිලි දින 138කට පමණ සමාන වේ. මෙය ඔස්ට්‍රේලියාවේ හිරු රශ්මියෙන් වැඩිම නගරය වේ. වර්ෂ 1991 පෙබරවාරි 23 වැනි දින perth  හි වාර්තා වූ ඉහළම උෂ්ණත්වය සෙල්සියස් අංශක 46.2ක් වුවද, perth  ගුවන්තොටුපළ එදිනම සෙල්සියස් අංශක 46.7ක උෂ්ණත්වයක් වාර්තා කරන ලදි.

චතුරි ලක්ෂිකා

 


You may also like

Leave a Comment

1964 වසේ ජූලි 27 වනදා ආරම්භ කල මිහිර පුවත්පත ජාතියේ දූ පුතුන්ගේ දැනුම් තක්සලාව ලෙසින් බොහෝ කාලයක් පුරාවට ලාංකීය දූ පුතුන්ට දැනුම ලබා දෙන පුවත්පතකි.

පත්තර මහගෙදර ලේක්හවුස් පවුලේ ප්‍රකාශනයක් ලෙසින් මිහිර පුවත්පත ඔබ වෙතට පත්වේ.

All Right Reserved @2024. Designed and Developed by Lakehouse IT Department