අප මීට පෙර විවිධ රජවරු පිළිබඳ විවිධ කතා ඔබ වෙත ගෙන ආවෙමු. අද අප ඔබට ගෙන එන්නෙ වළගම්බා රජතුමා පිළිබඳ කතා පුවතයි.
වළගම්බා රජතුමාගේ පියා වූයේ සද්ධාතිස්ස රජතුමා ය. ඔහුගේ ලොකු තාත්තා වූයේ දුටු ගැමුණු රජතුමා ය. වළගම්බා රජතුමාගේ කාලයේදී දෙමළ ආක්‍රමණිකයන් සත් දෙනකුගේ බලපෑම් අනුරාධපුර රාජධානියට එල්්ල විය. ඒ කාලයේදී වළගම්බා රජතුමා සතුරු ආක්‍රමණවලින් බේරී පලා ගියේ ය. මෙය දුටු ගිරි නම් නිගණ්ඨයා එය දැක “මහ කළු සිංහලයා පලා යනවෝ” යැයි කෑගැසුවේ ය. මේ කාලයේදී වළගම්බා රජතුමා සිතට ගත් සිතිවිල්ලක් මේ ආකාර ය. එනම් ගිරි කියන නිගණ්ඨයා සිහිවීම පිණිස තමා නැවත රජවූ පසු ගිරි නිගණ්ඨයාගේ නම යොදමින් අභයගිරිය සෑදුවේ ය.
එක් අවස්ථාවක රජතුමා ද්‍රවිඩයන්ගෙන් බේරෙන්නට සෝමා දේවියත් තම සොහොයුරා වූ ඛල්ලාට නාග රජුගේ පුත් වූ මහා චූලිත කුමරුත් ඛල්ලාටනාග රජුගේ බිසව වූ අනුලා දේවියත් තම පුත් මහානාග කුමරුත් රැගෙන රථයෙන් සැඟවී පලා ගියේ ය. ඒ අවස්ථාවේදී ද්‍රවිඩයන් රජතුමා පසුපස ලුහු බැඳගෙන එන බව සෝමා දේවිය දුටුවා ය. රථයේ බර වැඩි නිසා සෝමා දේවිය රථයෙන් බැස්සා ය. මේ උතුම් පරිත්‍යාගය නිසාම සෝමා දේවිය ඉතිහාසයට එකතු වූවා ය. වළගම්බා රජු ශ්‍රී ලංකාවට ආගමික හා දේශපාලනික වශයෙන් විශාල සේවයක් කළේ ය. වළගම්බා රජතුමාගේ කාලයේදී වරින් වර සොලී ආක්‍රමණ අපේ රටට පැමිණියේ ය. එහෙත් ඒවා විටෙක පරාජය කිරීමටත්, විටක ඒවා පසු බා යෑමටත් එතුමා සමත් වූයේ ය. මේ කාලයේ වළගම්බා රජතුමා කළ ශාසනික මෙහෙවර අතිවිශාල වූ අතර, කටපාඩමින් ඉදිරියට ගෙන ආ ත්‍රිපිටකය මාතලේ අලුවිහාරයේදී ග්‍රන්ථාරූඨ කරවන ලදි. වළගම්බා රජතුමා රාජ්‍යයට පත් වූ මුල් වකවානුවේදී තී නම් බමුණෙක් රජුට විරුද්ධව කැරලි ගැසුවේ ය. මේ කාලයේදී දරුණු සාගතයක් ද ඇති වූයේ ය. එය බැමිණිටියා සාගතය නමින් ප්‍රසිද්ධ වූයේ ය. මේ කාලවකවානුවේ ශාසනික දේශපාලනික ප්‍රබෝධයක් ද ඇති වූයේ ය.