Home » Blog »  පුංචි ඔබේ දැනුම පොතට

 පුංචි ඔබේ දැනුම පොතට

by lakehouse
0 comment

දේශීය තොරතුරු

1. දැනට ශ්‍රී ලංකාවේ හමු වී ඇති පැරැණිතම සෙල්ලිපිය කුමක්ද ?

2. ශ්‍රී ලංකාවේ ප්‍රථම දේශපාලන පක්ෂය කුමක්ද ?

3. ශ්‍රී ලංකාවේ පළමුවෙන්ම ළමයින් හට මුද්‍රණය කරන ලද සඟරාව කුමක්ද ?

4. ශ්‍රී ලංකාවේ සාගර විශ්වවිද්‍යාලය පිහිටා ඇත්තේ කොහේද ?

5. සිංහල මිශ්‍ර හෝඩියේ ස්වර ගණන කීයද ?

6 . ශ්‍රී ලංකාවේ නිල විදේශ සංචිතවලට අයත් වන්නේ මොනවාද ?

7. ශ්‍රී ලංකාවේ රාජ්‍ය මූල්‍ය පිළිබඳ පූර්ණ බලතල ඇති ආයතනය කුමක්ද ?

8. ඌව පළාතට අයත් දිස්ත්‍රික්ක කුමක්ද ?

9. බස්නාහිර පළාතට අයත් පුෂ්පය කුමක්ද ?

10. ශ්‍රී ලංකාවේ වාණිජ නගරය කුමක්ද ?

11. ශ්‍රී ලංකාවේ පළාත් ගණන කීයද ?

12. ශ්‍රී ලංකාවේ ප්‍රධාන භූ විෂමතා කලාප කීයද ?

13. ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ බිසව කවුරුන්ද ?

14. ශ්‍රී ලංකාව සඳහා අරාබි ජාතිකයන් යෙදූ නාමය කුමක්ද ?

15. ශ්‍රී ලංකාවේ බීරළු, රේන්ද සඳහා ප්‍රසිද්ධියක් උසුලන්නේ කුමන ප්‍රදේශයද?

16. ශ්‍රී ලංකාවේ රුපියල් සත ක්‍රමය පැමිණි වර්ෂය කුමක්ද ?

17. ශ්‍රී ලංකාවේ තුනී ලෑලි සඳහා ප්‍රසිද්ධියක් ලබන ප්‍රදේශය කොහේද ?

18. ශ්‍රී ලංකාවේ කුඩාම ජාතික වනෝද්‍යානය කුමක්ද ?

19. මහවැලි ගඟ අතීතයේ හැඳීන්වූ නම කුමක්ද ?

20. ශ්‍රී ලංකාව මුල් වතාවට ඡන්ද බලය ලැබුණේ කුමන ආණ්ඩු ප්‍රතිසංස්කරණ ව්‍යවස්ථාවෙන්ද ?

****************.

විද්‍යාත්මක හේතු

1. විශාල ජලාශවල ලවණ සාන්ද්‍රණය අවුරුදු සිය ගණනකදී වැඩි විය හැකි වන්නේ ඇයි ?

2. අකුණු ගසන විට දොර ජනෙල් වසන ලද ගෙයක් තුළ සිටින්නේ ඇයි?

3. වියළි කෝෂවලින් ක්‍රියා කරන ගුවන් විදුලි යන්ත්‍රයක් ශබ්දය අඩුවෙන් ක්‍රියා කළහොත් වියළි කෝෂ වැඩි කාලයක් භාවිත කළ හැකි ඇයි ?

4. මල් හටගන්නා කාලයේදී වගාවන්ට කෘමිනාශක යෙදීම සුදුසු නොවන්නේ ඇයි ?

5. නියපොතු කපන විට වේදනාවක් නොදැනෙන්නේ ඇයි?

6. වේළන ලද මස් ඉක්මනට නරක් නොවන්නේ ඇයි ?

7. දුම්බීම ශරීරයට අහිතකර විය හැක්කේ ඇයි ?

8. ජලය ආහාරයක් නොවේ. එහෙත් ජලය නොමැතිව අපට ජීවත් විය නොහැකි වන්නේ ඇයි ?

9. විද්‍යාගාරයේ අන්වීක්ෂය අඩංගු පෙට්ටිය තුළ සිලිකා ජෙල් පැකට්ටුවක් තබන්නේ ඇයි ?

10. බෝතලයකට ජලය සහ පොල්තෙල් වෙන වෙනම පුරවා කිරා බැලූ විට ජලයේ ස්කන්ධය වැඩි වන්නේ ඇයි ?

11. ගැල්වනයිස් කරන ලද බාල්දි සබන් යොදා සේදීම නුසුදුසු වන්නේ ඇයි ?

12. සුදු රෙදි සෝදා අව්වේ දමා වේළන විට නැවතත් තෙත් කර වේළීමට ඉඩ හැරීමෙන් වඩාත් සුදු පාට වන්නේ ඇයි ?

13. ඒ හා ඩී විටමින් මාගරින්, බටර්, මෝරතෙල් යනාදිවල අඩංගු කර ඇත්තේ ඇයි ?

14. සමනලයාට ඉගිල්ලීමට හැකි නමුත් පක්ෂියෙක් නොවන්නේ ඇයි ?

15. ප්‍රරෝහණය වන පොල් ගෙඩියක මදය පැණි රස වන්නේ ඇයි ?

16. බොහෝ ද්වි ලිංගික පුෂ්ප පරාගණය වළක්වන්නේ ඇයි ?

17. එකම වයසේ එකම සෞඛ්‍යය තත්ත්වයෙන් යුත් අයට පවා පැණි රස විවිධාකාරයට

දැනෙන්නේ ඇයි ?

18. හිසේ පිටුපසට පහරක් එල්ල වීමේදී භයානක වන්නේ ඇයි ?

19. සියලු සතුන්ගේ පැවැත්ම සඳහා ශාක අවශ්‍ය වන්නේ ඇයි ?

20. විසකුරු සර්පයන් අපිට ප්‍රයෝජනවත් වන්නේ ඇයි ?

****************

විදේශීය තොරතුරු

1. යුරෝපයේ විශාලතම සුසාන භූමිය කුමක්ද ?

2. ජාත්‍යන්තර සමූපකාර දිනය කවදාද ?

3. පොදු රාජ්‍යය මණ්ඩලයේ මහ ලේකම් කවුරුන්ද ?

4. මානව අයිතිවාසිකම් පිළිබඳව මැදිහත් වන මැග්නා කාර්ටා ගිවිසුම අත්සන් කළ වසර කුමක්ද ?

5. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වර්තමාන සාමාජික රටවල් ගණන කීයද ?

6. සෞරග්‍රහ මණ්ඩලයේ විශාලතම ග්‍රහලෝකය කුමක්ද ?

7. අමෙරිකා එක්සත් ජනපදයේ ජාතික කොඩියේ තරු ගණන කීයද ?

8. අලුතින් බෞද්ධයන්ට වෙන්ව බිහි වූ ඉන්දියානු ප්‍රාන්තය කුමක්ද ?

9. පුද්ගලයන් 239ක් සමඟ 2017දී අතුරුදහන් වූ මැලේසියානු ගුවන්යානය කුමක්ද ?

10. ලොව විශාලතම ගුවන් තොටුපළ කුමක්ද ?

11. ලෝකයේ ලොකුම විල ලෙස සැලකෙන්නේ කුමක්ද ?

12. ප්‍රථම මෝටර් රථ තරගය පැවැත්වූයේ කවදාද ?

13. ට්‍රැෆල්ගාර් චතුරස්‍රය පිහිටියේ කුමන රටේද ?

14. ඉන්දියානු උපමහද්වීපයේ පිහිටි දෙවැනි විශාලතම මුස්ලිම් පල්ලිය කුමක්ද ?

15. මානව හිමිකම් දිනය කවදාද ?

16. අප්‍රිකාවේ විශාලතම රට කුමක්ද ?

17. සංඛ්‍යාත්මකව ලොව වැඩිම බෞද්ධ ජනගහනයක් ජීවත් වූ රට කුමක්ද ?

18. රුමේනියාවේ ජාතික සත්ත්වයා කවුරුන්ද ?

19. ග්‍රීන්ලන්තය පිහිටි මහද්වීපය කුමක්ද ?

20. තායිලන්තයේ භාවිත කරන මුදල් ඒකකය කුමක්ද ?

**************

කලා තොරතුරු

1. සිංහල ජාතිය පුවත්පත ආරම්භ කරනු ලැබුවේ කවුරුන්ද ?

2. ලොව ප්‍රකට රුසියානු කෙටිකතාකරුවා කවුරුන්ද ?

3. සිංහල සාහිත්‍යයේ සීතාවක අවධිය ලෙස සැලකෙන්නේ කවර කාලයද ?

4. කෑරගල පද්මාවතී පිරිවෙනේ නිර්මාතෘවරයා කවුරුන්ද ?

5. අලගියවන්න මුකවැටිතුමා උපන් ගම කුමක්ද ?

6. කාල් මාක්ස් ලියූ විප්ලවීය ග්‍රන්ථය කුමක්ද ?

7. ‘සාරාර්ථ සංග්‍රහය’ කාගේ කෘතියක්ද ?

8. පළමුවෙන්ම රචිත සිංහල නාඩගම ලෙස සැලකෙන්නේ කුමන නාඩගමද ?

9. ලොව ධනවත්ම චිත්‍ර ශිල්පියා කවුරුන්ද ?

10. ලෝකයේ පැරැණිතම රඟහල පිහිටියේ කොහේද ?

11. ‘මෝදර මෝල ‘ නාට්‍යය කාගේ නිර්මාණයක්ද ?

12. කුස පබාවතී නාට්‍යය කාගේ නිර්මාණයක්ද ?

13. අපේ ජාතික කොඩියේ සිංහ රූපය සිතුවම් කළ ශිල්පියා කවුරුන්ද ?

14. ඇම්බැක්කේ දේවාලය ඉදිකරන ලද්දේ කවර යුගයකද ?

15. ලෝකයේ දිගුම චිත්‍රපටය ලෙස ගිනස් වාර්තා තැබුවේ කුමන චිත්‍රපටයද?

16. දෙගල්දොරුවේ චිත්‍ර නිර්මාණය කළ ශිල්පියා කවුරුන්ද ?

17. ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට වේදිකාගත වූ කලාත්මක නාට්‍ය කුමක්ද ?

18. ලෝකයේ වඩාත් ප්‍රචලිත නර්තන විලාස අතර ප්‍රමුඛස්ථානයක් ගන්නේ කුමන නර්තන වර්ගයද? 19. වැඩිම චිත්‍රපට සංඛ්‍යාවක් නැරැඹීමේ වාර්තා තැබූ පුද්ගලයා

කවුරුන්ද ?

20. කාටූන් චිත්‍රපටය මුලින්ම නිපදවූයේ කවුරුන්ද ?

***************

නව සොයාගැනීම්

1. විභාග සංකල්පය ලොවට හඳුන්වා දුන්නේ කවුද?

2. ගල් අඟුරු ගෑස් ලාම්පුව නිපදවූයේ කවුරුන්ද ?

3. සබ්මැරීනය පළමු වරට නිපදවූයේ කවුද?

4. පළමු වරට පහසුවෙන් එහා මෙහා ගෙන යා හැකි කැමරාවක් නිපදවූයේ කවුරුන්ද ?

5 ජිග්සෝ පස්ල් නිර්මාණය කළේ කවුරුන්ද ?

6. ඩෙනිම් නිර්මාණය වෙනුවෙන් පේටන්ට් බලපත්‍ර ලැබුවේ කවුරුන්ද ?

7. උත්තර කාන්දම් ධ්‍රැවය සොයාගත්තේ කවුරුන්ද ?

8 හොකී ක්‍රීඩාවේ පියා ලෙස හඳුන්වන්නේ කවුරුන්ද ?

9. අත් කාචය ප්‍රථම වරට නිපදවූයේ කවුරුන්ද ?

10. නයිලෝන් නිෂ්පාදනය මුලින්ම හඳුන්වා දුන්නේ කවුරුන්ද ?

11. අස්වනු නෙළන යන්ත්‍රය ප්‍රථමයෙන් නිෂ්පාදනය කළේ කවුරුන්ද ?

12. ආලෝකයේ වේගය සොයා ලොවට ප්‍රකාශ කළේ කවුරුන්ද ?

13. රොකට් යන්ත්‍රවල ප්‍රායෝගිකත්වය ලොවට හෙළි කළේ කවුරුන්ද ?

14. අයඩින් සොයාගත්තේ කවුරුන්ද ?

15. රේඩියම් හා පොලෝනියම් මූල ද්‍රව්‍ය සොයාගත්තේ කවුරුන්ද ?

16. ක්ෂුද්‍ර ජීව විද්‍යාවේ පියා ලෙස හඳුන්වන්නේ කවුරුන්ද ?

17. පරමාණු බෝම්බයේ පියා කවුරුන්ද ?

18. නූතන ෆවුන්ටන් පෑන නිපදවූයේ කවුරුන්ද ?

19. පළමුවරට ඒඊර් යන්ත්‍රය නිර්මාණය කළේ කවුරුන්ද ?

20. කාබන් ෆිලමන්ට් එක නිපදවූයේ කවුරුන්ද ?

——————————————————————————————-

කලා තොරතුරු පිළිතුරු-

1. පියදාස සිරිසේන

2. ඇන්ටන් චෙකෝෆ්

3. 1521-1592

4. ශ්‍රී රාජගුරු වනරත්න හිමි

5. සියනෑ කෝරළේ හිස්සැල්ලේ

6. දාස් කැපිටාල්

7. වැලිවිටියේ ශ්‍රී සරණංකර සංඝරාජ හිමියන්

8. හරිස්චන්ද්‍ර නාඩගම

9. පැබ්ලෝ පිකාසෝ

10. ග්‍රීසියේ ඇතැන්ස් නුවර

11. රංජිත් ධර්මකීර්ති මහතා

12. විජය නන්දසිරි

13. එස්.ජී. චාර්ල්ස් මහතා

14. ගම්පොළ යුගය

15. The Cure for Insomnia” (1987)

16. දෙවරගම්පොළ සිල්වත් තැන

17. මනමේ නාට්‍යය

18. බැලේ

19. Zachariah Swope

20. වෝල්ට් ඩිස්නි

දේශීය තොරතුරු පිළිතුරු

1. තෝනිගල සෙල්ලිපිය

2. සම සමාජ පක්ෂය

3. බාල ප්‍රදීප

4. තංගල්ල

5. 18

6. ශ්‍රී ලංකාවේ මහ බැංකුව හා විදේශ විනිමය

7.පාර්ලිමේන්තුව

8. බදුල්ල, මොනරාගල

9. සුදු නෙළුම් මල

10. කොළඹ

11. 09

12. 03

13. රංගම්මා

14සෙරන්ඩිබ්

15. ගාල්ල ප්‍රදේශය

16. 1910

17. ගාල්ල ගිංතොට

18.හොරගොල්ල ජාතික වනෝද්‍යානය

19. මහා වාලුකා නදිය

20. ඩොනමෝර් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව

නව සොයා ගැනීම් පිළිතුරු

1. අමෙරිකානු-ජර්මානු සම්භවයක් ඇති මහාචාර්යවරයකු වූ හෙන්රි ෆිෂෙල් Henry Fischel

2. විලියම් මර්ඩෝක් (William Murdoch)

3. 17 වැනි සියවසේ මුල් භාගයේදී ලන්දේසි ජාතික Cornelis Drebbel

4. Johann Zahn

5. John Spilsbury

6. Davis සහ Levi Strauss

7. James Clark Ross

8. Captain James Sutherlan

9. Franciscan friar සහ scholar Roger Bacon

10. Wallace Hume Carothers

11. සයිරස් මැක්තෝර්මික්

12. ඩෙන්මාර්ක් ජාතික තාරකා විද්‍යාඥයකු වූ Ole Roemer

13. රොබට් එච් . ගොඩාර්ඩ්

14. ප්‍රංශ ජාතික රසායන විද්‍යාඥයකු වූ Barnard Courtois

15. මාරි කියුරි

16. Antonie Phillips van Leewenhoek

17. ආචාර්ය ජූලියස් රොබට් ඔපන්හයිමර්

18. Lewis Waterman

19. John Shepherd-Barron

20. Lewis Latimer

විදේශීය තොරතුරු

1. ඉරාකයේ නජාෆ්හි Wadi al-Salam සුසාන භූමිය

2. ජූලි මාසයේ පළමු සෙනසුරාදා දිනය

3. පැට්‍රීෂියා ස්කොට්ලන්ඩ් මැතිනිය

4. 1215

5. 193

6. බ්‍රහස්පති ග්‍රහලෝකය

7. 50

8. ලඩාක්

9. MH 370

10. සවුදි අරාබියේ King Fahd International Airport

11. කැස්පියන් මුහුද

12. 1894 ප්‍රංශය

13. එංගලන්තයේ ලන්ඩන් නුවර

14. ජූමා මස්ජිඩ් (Jama Masjid)

15. දෙසැම්බර් 12

16. සූඩානය

17. චීනය

18. Eurasian lynx

19. උතුරු අමෙරිකානු මහාද්වීපය

20. බාත් (baht)

විද්‍යාත්මක හේතු පිළිතුරු

1. වර්ෂාව සමඟ ගොඩබිමේ සිට ලවන වර්ග සේදී යයි. ලවන වාෂ්ප නොවී ජලය ඉතිරි වෙන නිසා අවුරුදු ගණනක් සාන්ද්‍රනය තිබෙන නිසා වැඩිවීමක් වෙයි.

2. කුහර සහිත වස්තුව රඳා පවතින්නේ පිටත පෘෂ්ටයේ ය. එම නිසා ගෙයක දොර ජනෙල් වැසූවිට කුහරයක් නොමැති වේ. එම නිසා අනතුරු රහිත වේ.

3. විද්‍යුත් ශක්ති ප්‍රමාණය අඩුවෙන් වැය වන අතර, වියළි කෝෂය වැඩි කාලයක් භාවිත කළ හැකි ය.

4. එම පුෂ්පවලට එන කෘමීන් විනාශ වේ. එම නිසා අස්වැන්න අඩු වේ. මල් හටගන්නා කාලයේදී කෘමිනාශක ඉසීම සිදු නොකළ යුතු ය.

5. නියපොතුවල ස්නායු සම්බන්ධ වී ඇත්තේ මුල කොටසට පමණයි. ස්නායු සම්බන්ධ නොවෙන නිසා වේදනාවක් නොදැනේ.

6. මස් වේළනවිට තෙතමනය ඉවත්වීම නිසා ක්ෂුද්‍ර ජීවීන් නොවැඩේ. එම නිසා මස් නරක් නොවේ.

7. දුම් කොළවලින් එන නිකොටින් ශරීරයට අහිතකර ය. මේවා පෙණහලු පිළිකා හා ශ්වසන මාර්ගයට ආබාධ ඇති කරන නිසා දුම්බීම ශරීරයට අහිතකර ය.

8. ජලය මඟින් සිරුරට ක්‍රියාකාරීත්වයන් රැසක් සිදු වේ. එම නිසා ජලය නැතිවීමෙන් මෙම ක්‍රියාවන් අඩපණ වී යෑම නිසා ජලය අත්‍යවශ්‍ය වේ.

9. සිලිකා ජෙල් මඟින් ජල වාෂ්ප තෙතමනය උරා ගනියි. එම නිසා පුස් සෑදීම වැළැක්වේ.

10. ජලයේ ඝනත්වය පොල්තෙල්වල ඝනත්වයට වඩා වැඩි නිසා සමාන පරිමාවක් ගත් විට ජලයේ ස්කන්ධය වැඩි වේ.

11. ගැල්වනයිස් කරන ලද බාල්දිවල තුත්තනාගම් ලෝහය ආලේප කර ඇත. එම නිසා සබන් සමඟ ප්‍රතික්‍රියා කරන නිසා සබන්වලින් සේදීම නුසුදුසු වේ.

12. තෙත සුදු රෙදි අව්වේ දැමූ විට සූර්යාලෝකය නිසා ජලය හයිඩ්‍රජන් ෆෙරොක්සයිඩ්වලට හැරේ. එහි ඇති විජනක ගුණය නිසා තෙත සුදු පාට රෙදි වඩාත් සුදු පාට වේ.

13. A හා D විටමින් දියවන්නේ තෙල්වල ය. එම නිසා විටමින් ඒවායේ දියකර ඇත.

14. පක්ෂියෙක් යනු පිහාටුවලින් සෑදුණු පෘෂ්ඨ වංශියෙකි. එම නිසා ඉගිල්ලීමට හැකි නමුත් සමනලයා පක්ෂියකු නොවෙයි.

15. පොල් ගෙඩියේ මදය ප්‍රරෝහණය වන විට ග්ලූකෝස් බවට සෑදේ. එම හේතුව නිසා මදය පැණිරස වේ.

16. පුෂ්ප පරාගණයෙන් ලැබෙන බීජවල ඇතැම්විට වඳ බවක් දක්වයි. බීජවලින් පැළ හටගන්නා විට සමහරක් ඒවා සරු බවක් නොදනී. මෙම හේතු නිසා පරාගණය වළක්වයි.

17. පැණි රසවල උත්තේජනයක් හා තීව්‍රතාවකින් යුක්ත ය. උත්තේජනය නිසා පැණි රස විවිධ ආකාරයට දැනෙයි.

18. මොළයේ වැදගත්ම ක්‍රියාකාරී කොටස හිසේ පිටුපස ය. එම කොටසට පහරක් වැදුණු විට ශරීරයේ ක්‍රියාකාරීත්වය අඩු වේ. මරණය පවා සිදුවිය හැකි ය.

19. සත්ත්ව ලෝකයේ ආහාර නිපදවනු ලබන්නේ ශාකවලින් ය. එම නිසා ශාක නොමැතිව සතුන්ට ජීවත් විය නොහැකි ය.

20. වගාවන්ට එන විසකුරු කෘමීන් මෙම සර්පයන් මඟින් පාලනය වෙයි. එම නිසා වගාවට හානි වන සතුන් මොවුහු ආහාරයට ගනිති.

 

ජගත් අෙබිකෝන්


You may also like

Leave a Comment

1964 වසේ ජූලි 27 වනදා ආරම්භ කල මිහිර පුවත්පත ජාතියේ දූ පුතුන්ගේ දැනුම් තක්සලාව ලෙසින් බොහෝ කාලයක් පුරාවට ලාංකීය දූ පුතුන්ට දැනුම ලබා දෙන පුවත්පතකි.

පත්තර මහගෙදර ලේක්හවුස් පවුලේ ප්‍රකාශනයක් ලෙසින් මිහිර පුවත්පත ඔබ වෙතට පත්වේ.

All Right Reserved @2024. Designed and Developed by Lakehouse IT Department