Home » Blog » ඉන්දියානු අභ්‍යවකාශ පර්යේෂණ සංවිධාන (ISRO) වීරයා

ඉන්දියානු අභ්‍යවකාශ පර්යේෂණ සංවිධාන (ISRO) වීරයා

නම්බි නාරායනන් NAMBI NARAYANAN

by lakehouse
0 comments

 

ආදරණීය දුවේ පුතේ, නම්බි නාරායනන් යනු ධ්ඉඅර්‍ණ (ඉන්දියානු අභ්‍යවකාශ පර්යේෂණ සංවිධානය) සාර්ථකත්වයට කැපවූ ප්‍රධාන චරිතයකි. ඔහුගේ කාර්යයන් ඉන්දියාවේ අභ්‍යවකාශ මෙහෙයුම් සිදු කිරීමට මහත් සේ උපකාරී විය. මෑත කාලීනව එළිදැක්වූ ”රොකට්‍රි” චිත්‍රපටය ඔහුගේ කතාව අලළා නිමවූවකි.

මුල් ජීවිතය සහ අධ්‍යාපනය

නම්බි උපත ලැබුවේ 1941 දෙසැම්බර් 12 වැනිදා ඉන්දියාවේ තමිල්නාඩුවේය. ඔහු විද්‍යාවට සහ ඉංජිනේරු විද්‍යාවට ප්‍රිය කළ නිසා ඔහු ඉන්දියාවේ යාන්ත්‍රික ඉංජිනේරු විද්‍යාව හැදෑරූ අතර, පසුව ප්‍රින්ස්ටන් විශ්ව විද්‍යාලයේ රොකට් විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක් සඳහා අමෙරිකා එක්සත් ජනපදයට ගියේ ය.

ISRO (ඉන්දියානු අභ්‍යවකාශ පර්යේෂණ සංවිධානය) කාර්යය

නැවත ඉන්දියාවට පැමිණීමෙන් පසු නම්බි 1960 ගණන්වලදී ISRO ණ හා සම්බන්ධ විය. Mars Orbiter Mission (Mangalyan) සහMoon missions (Chandrayan)වැනි බොහෝ ඉන්දියානු අභ්‍යවකාශ මෙහෙයුම් සඳහා භාවිත කරන ද්‍රව ඉන්ධන රොකට් එන්ජිමක් වන ඍඪඬචඵ එන්ජිම සෑදීමේදී ඔහු විශාල කාර්යභාරයක් ඉටු කළේ ය. මෙම එන්ජිම ඉන්දියාවේ අභ්‍යවකාශ වැඩසටහනට ඉතා වැදගත් වේ.

නිර්දෝෂී බව

1994 දී නම්බිගේ වෘත්තීය ජීවිතය විශාල අභියෝගයකට මුහුණ දුන්නේ ය. ඔත්තු බැලූ බවට බොරු චෝදනා එල්ල කර ඔහුව අත්අඩංගුවට ගන්නා ලදි. 1998 දී ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය ඔහු නිර්දෝෂී බව තීරණය කළ අතර, සියලු චෝදනාවලින් නිදහස් විය. ඔහු නිර්දෝෂී බව ඔප්පු වුවද, ඔහු බොහෝ දුක් වේදනාවලට මුහුණ දුන්නේ ය.

දුෂ්කර කාලයන් මධ්‍යයේ වුවද, ධ්ඉඅර්‍ණ හි නම්බිගේ කාර්යය වටිනා ලෙස පවතී. 2019 දී, ඔහු අභ්‍යවකාශ පර්යේෂණ සඳහා කළ දායකත්වය වෙනුවෙන් ඉන්දියාවේ ඉහළම සිවිල් සම්මානවලින් එකක් වන පද්ම භූෂන් සම්මානයෙන් පිදුම් ලැබී ය. ඔහුගේ කතාව බොහෝ ළමයින්ට උද්‍යෝගයක් ලබා දෙයි. කිසි විටෙකත් අත් නොහැර සත්‍යය වෙනුවෙන් පෙනී සිටීමේ වැදගත්කම පෙන්වයි. මේ අනුව නම්බි නාරායනන්ගේ ජීවිතය ධෛර්යය, බුද්ධිය සහ විද්‍යාව සහ ඔහුගේ රට වෙනුවෙන් කළ කැපවීමේ කතාවකි. ඉතින් ආදරණීය දුවේ පුතේ, ශ්‍රී ලාංකේය අභිමානය ගොඩනැංවීමට ඔයාලත් කුමන හෝ විෂයකින් දායකත්වය දක්වන්න.

රුසින් තත්සර

මොරටුව විශ්වවිද්‍යාලය

 


You may also like

Leave a Comment

1964 වසේ ජූලි 27 වනදා ආරම්භ කල මිහිර පුවත්පත ජාතියේ දූ පුතුන්ගේ දැනුම් තක්සලාව ලෙසින් බොහෝ කාලයක් පුරාවට ලාංකීය දූ පුතුන්ට දැනුම ලබා දෙන පුවත්පතකි.

පත්තර මහගෙදර ලේක්හවුස් පවුලේ ප්‍රකාශනයක් ලෙසින් මිහිර පුවත්පත ඔබ වෙතට පත්වේ.

All Right Reserved @2024. Designed and Developed by Lakehouse IT Department