Home » Blog » ඕල්කට් තුමා

ඕල්කට් තුමා

by lakehouse
0 comments

ඕල්කට් තුමා අමෙරිකානු ජාතිකයෙක් වන අතර, මොවුන්ගේ මව්පියන් එංගලන්තයෙන් අමෙරිකාවට සංක්‍රමණය වී ඇත. මොහු 1832 අගෝස්තු 2 දින අමෙරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහිදී මෙලොව එළිය දුටුවේය . මොහුගේ සම්පූර්ණ නම හෙන්රි ස්ටීල් ඕල්කට් නම් විය. දරුවන් හයදෙනකුගෙන් යුත් පවුලේ වැඩිමහල් දරුවා මොහු විය. .අධ්‍යාපනය සඳහා නිව්යෝර්ක් නගරයේ විද්‍යාලයක ඉගෙනුම ලැබු මොහු වැඩිදුර අධ්‍යාපනය සඳහා කොලොම්බියා විශ්වවිද්‍යාලයට ගියේය. වැඩිදුර අධ්‍යාපනය සඳහා නීතිය ඉගෙන ඇත. පසුව ආධ්‍යාත්මික සමුළුවේ ආරම්භක සාමාජිකයා විය.
මෙතුමා මනෝවිද්‍යාව ,මෝහනය යන අංශ ද හදාරා ඇත. මොහු පසුකාලීනව අමෙරිකානු සිවිල් යුද සමයේදී එක්සත් ජනපද හමුදාවේ සේවය කළේය. මාධ්‍යවේදියකු ලෙසත් සේවය කළ මොහු ‘නිව්යෝර්ක් ට්‍රිබියුන්’ පුවත්පතේ කෘෂි කර්ම විෂය පිළිබඳ වාර්තාකරුවකු ලෙස ද කටයුතු කර තිබේ. මෙතුමා පසු කලකදී නිව්යෝර්ක් නගරයේ දක්‍ෂ නීතිඥයකු ද විය. ආධ්‍යාත්මිකවාදීන් විසින් කරන ලද ඉල්ලීම පරිදි ආගමික ව්‍යාපාරයක් ආරම්භ කළ මෙතුමා බෞද්ධ ව්‍යාපාරයන්ට මහඟු සේවාවක් ඉටු කර ඇත. පරම විඥානාර්ථ සමාගමේ සභාපති වශයෙන්ද මොහු කටයුතු කර තිබේ.
1880 ඕල්කට්තුමා ලංකාවට පැමිණීමත් සමග ප්‍රථම දහම් පාසල ආරම්භ විය. පෝය දිනය ආණ්ඩුවේ නිවාඩු දිනයක් කිරීම, පෙරහරවල් පැවැත්වීම , බෞද්ධ ලේකම්වරු පත් කිරීම ආදිය ඕල්කට්තුමා අතින් සිදුවිය. බෞද්ධයන් අතර බෞද්ධ කතිකාවතක් ද ඇති කළේය. එමෙන්ම බෞද්ධ කොඩිය නිර්මාණය සඳහා විශාල මෙහෙයක් ද මෙතුමා අතින් ඉටු විය. කොළඹ ආනන්ද විද්‍යාලය, නාලන්ද විද්‍යාලය, මහනුවර ධර්මරාජ විද්‍යාලය, බදුල්ල ධර්මදූත විද්‍යාලය, ගාල්ල මහින්ද විද්‍යාලය ඇතුළු බෞද්ධ පාසල් ගණනාවක් ශ්‍රී ලංකාව තුළ ආරම්භ වූයේ මෙතුමාගේ පුරෝගාමිත්වයෙනි.
රටකට පමණක් සීමා නොකළ ලෝකයේ පුරවැසියකු ලෙස බෞද්ධ ජනතාවගේ මතකයේ රැඳවූ ශ්‍රේෂ්ඨ පුද්ගලයකු වූ ඕල්කට්තුමා 1907 පෙබරවාරි 17 දින ඉන්දියාවේ චෙන්නායිහිදී අවසන් හුස්ම හෙළීය.

ජගත් අබේකෝන්

 


You may also like

Leave a Comment

1964 වසේ ජූලි 27 වනදා ආරම්භ කල මිහිර පුවත්පත ජාතියේ දූ පුතුන්ගේ දැනුම් තක්සලාව ලෙසින් බොහෝ කාලයක් පුරාවට ලාංකීය දූ පුතුන්ට දැනුම ලබා දෙන පුවත්පතකි.

පත්තර මහගෙදර ලේක්හවුස් පවුලේ ප්‍රකාශනයක් ලෙසින් මිහිර පුවත්පත ඔබ වෙතට පත්වේ.

All Right Reserved @2024. Designed and Developed by Lakehouse IT Department