උඩරට නර්තන සම්ප්‍රදාය වන්නම් 18 කින් සමන්විත වේ. මහනුවර යුගයේ රජකම් කළ ශ්‍රී වීරපරාක්‍රම නරේන්ද්‍රසිංහ රජුගේ කාලයේදී මෙම වන්නම් රචනා වූ බව කියෑ වේ. උඩරට වන්නම් නර්තනයේදී ප්‍රථමයෙන්ම තානම සඳහා එකම ඉරියව්වකින් හිඳ හස්ත චලනය කිරීම පමණක් සිදු කරන ලදි. පසුව තානමට පද නැටීම උඩරට වන්නම්වල සාම්ප්‍රදායික ලක්ෂණයකි. මෙම වන්නම් ගායනය, නර්තනය කිරීම සඳහා ගැටබෙරය, තාලම්පට යොදා ගනියි. සත්ත්ව, සිද්ධි, අවස්ථා පාදක කොටගෙන වන්නම් රචනා
වී ඇති බව පෙනේ. මෙවර මිහිර පෝස්ටරය සැකසෙන්නේ උඩරට නර්තන සම්ප්‍රදායේ වන්නම් ඇසුරෙනි.
සිංහරාජ වන්නම
ඉබ්බකුගේ උපායට හසු වී ළිඳකට පැන මරණයට පත් සිංහරාජයෙක් පිළිබඳ මෙම වන්නම තුළින් කියෑ වේ. සිංහයාගේ ගමන් විලාසය අනුව තාල රූපය යොදා ඇත.
තිත = 4+ 4 ( මහ තනි තිත)
බෙරපදය = දොදොංත තකුදොං
තානම = තනත් තනෙන තම් දනත් තනෙන තම්
දනත් තනෙන තම් දන තානා තන
තනත් තනෙන තම් දනත් තනෙන තම්
දනත් තනෙන තම් දන තානා
කවිය = පෙරත් කලෙක සිහ රජෙක් වැටුණි මහ
ළිඳක් තුළේ ඉබි ලෙඩෙක් කරපු වැඩ
අරුත් මෙහෙම යස වැඩක් වුණේ නැත
චිරත් කලෙක පැවතුමත් යසයි හැඩ
දුරත් බැලුම නොව ළඟත් බලන අය
හටත් මෙලෙස වෙයි කැටත් තබමි දඩ
වටත් අයට දැනෙනටත් කියමි මම
රටක් වටින සිහරජ වන්නෙම හැඩ
කස්තිරම = රුංතක ජිංතක තරිකිට කුංදත් ///
තාග්ග ජිංතක තරිකිට කුංදත් ///
රුංතක ජිං ජිං තකු තක ජිං ජිං
රුංතක ජිංතක තරිකිට කුඳ කුඳ
තාග්ග ජිංතක තරිකිට කුංදත්
රුංතක ජිංතක තරිකිට කුංදත් තා
සීරුමාරුව = තකු තක ජිජි කුඳ ගජිත ගජිත කුඳ ගජිං ගත
කුඳ කුඳ තා ( කඩතක ) //
කුඳ කුඳ තාකු ජිත්ත ගත දොමිකිට
තරිකිට කුංදත් තා
අඩව්ව = තාම් දොමිති ගත
දොමිකිට කඩතක තරිකිට
කිතක දොමිති ගත
කිත් තත් කුඳ කුඳ
තාකුජිත්ත ගත
දොමිකිට තරිකිට කුංදත් තා
———————-
කිරලා වන්නම
කිරලකුගේ ඉරියවු හා නැටුම් විලාසය මෙම වන්නමෙන් ඉස්මතු වේ. කරුණා රසය මවයි.
තිත = මැදුම් මහ දෙතිත ( 3 + 4 )
බෙරපදය = දෝං ජිං ජිං තකට දොංතක
තානම් = තම්දන තාන තනා තන තම්දන
තම්දන තාන තනා
තෙයිතන තාන තනා තන තම්දන
තෙයිතන තාන තනා
කවිය =
සන්න සොලෝ පෙළ දන්න ලෙසින් උප
තින්න බලා සකලා
ඉන්න තිරින් ඉගිලෙන්න පලින්පල
කින්න බොජුන් සොයලා
දන්න හඬින් තුඩගින්න නැඟුම් ස්වර
යෙන්න ඉසින් දැකලා
ඔන්න මෙදැන් පවසන්න සිරින් යුතු
වන්නමයි කිරලා
කස්තිරම = රුඳග ජිත් තක තකට කුංදත්
තග්ගජිං තක තකට කුංදත්
රුඳග ජිං ජිං රුදග ජිං ජිං
රුඳග ජිත් තක තකට කුඳ කුඳ
තග්ගජිං තක තකට කුංදත්
රුඳග ජිත් තක තකට කුංදත්
දොං තා
සීරුමාරුව = තකුඳ තකු තක තකට කුංදත්
තග්ග ජිං තක තකට කුංදත්
තකුද තකු තක තකට කුංදත්
දොං තා
අඩව්ව = තත්ත තරි තරි තතරි තරිතරි
රුදක ජිමි ජිමි තිතිත් තෙයි
තතත් ජිත් ජිත්
තොතොන් නම් නම්
රුදක ජිමි ජිමි තිතිත් තෙයි
————————–
නෛයඩි වන්නම
බෝසතාණන් වහන්සේ නාගයකුව උපන් ආත්මයක් ගැන මෙම වන්නමෙන් කියෑ වේ. නාගයකුගේ ගමන් විලාසය දැක්වෙන මෙහි මුද්‍රා විලාසයක් නැත. කරුණා රසය මවයි.
තිත = මැදුම් මහ දෙතිත (3 + 4)
බෙරපදය = දෝං ජිං ජිං තකට දොංතකු
තානම =
තෙම් තෙනෙ නම් තෙනෙ නම් තෙනෙ නා නා
තෙනක තෙ නම් තෙනෙ නම් තෙනෙ නා නා
කවිය =
ඉපිද ඒ බෝසත් නා ලොවෙ වාරෙක
පැහැද රකිති සිල් නරලොව වනයක
බොවද දෙමින් අල්ලා අහිකුණ්ටික
පැසද ලමිම් නටවා දුක් දී නෙක
අන්දමකින් ඉඳ පෙනය නඟායේ
සන්දම මෙන් දැහැනින් වකලායේ
රන්දම මෙන් ගත වටින් දිලීයේ
පන්දම ලෙස දන දී නටවායේ
බෝ කොළ අන්දම් පෙනය නඟායේ
නා කොළ අන්දම් පෙන හකුලායේ
ලෝ තුළ රන්දම් සිරිනි දිගායේ
ඒ කුල සතරක් පෙර සිට ආයේ
දිගා සිරුර කොටසක් හකුලා මුඩි
නඟා ගතය ලෙලවා කරමින් දැඩි
රඟා සිරිත් පිඹිමින් නදයෙන් වැඩි
වහා අසන් මෙම වන්නම නෛයඩි
කස්තිරම = රුඳ ගජිත් තක තකට කුංදත්
තග්ගජිත් තක තකට කුංදත්
රුඳග ජිං ජිං රුඳග ජිං ජිං
රුඳගජිත් තක තකට කුඳ කුඳ
තග්ගජිත් තක තකට කුංදත්
රුඳගජිත් තක තකට කුංදත් දෝං තා
සීරුමාරුව = රොමිත රොමිතත් රොමිත රොමිතකු දා
තක්කඩ තකට කුංදත්
රොමිත රොමිතත් රොමිත රොමිතකු දෝං තා
අඩව්ව = තත්ත තරි තරි තතරි තරි තරි
රුඳග ජිමි ජිමි තිතිත් තෙයි
තතත් ජිත් ජිත් තොතොං නං නං
රුඳග ජිමි ජිමි තිතිත් තෙයි
————————
උදාර වන්නම
උදාර වන්නම ඉතාමත් මිහිරි නාද මාලාවකින් සහ ප්‍රශස්ත පද රචනයකින් යුක්ත වූ වන්නමකි. මෙහි තේමාව වන්නේ සිව් සැටක් වූ රාජාභරණයෙන් සැරසී මංගල හස්තිරාජයා පිට නැඟී පංච තූර්ය නාද සහිතව පෙරහරින් පෙර ගමන් යනෙන , මහත් හරසරින් යුතුව වීදි සංචාරයෙහි යෙදෙන්නා වූ රජතුමාගේ උදාර ලීලාවයි.
තිත = මැදුම් තනි තිත (3+3)
බෙරපදය = ජිං ගත ගො ගො
තානම = තම් දන තම් දාන තම්ද නා නා-
තන
තෙයි තන තම් දාන තම්ද නා නා
කවිය =
සදා බරණ පලඳා සිව් සැට කී -පුර
සඳා ලෙසින් නැඟි වාහන ඇතෙ කී
බෙදා සිව් රඟින් පාබල පෙළ කී-පුර
නදා හඬ ගිගුම් පසතුරු නොයෙ කී
විදා යන ගමන් පුද පෙරහැර කී-රඟ
පුදා පෙර ගමන් විසිතුරු නොයෙ කී
එදා ගරු සිතින් වැඩි පුරවර කී- යෙදූ
උදාර වන්නම පෙර කී ලෙස කී
කස්තිරම=
රුඳ ගත ගත ගත කුකුදත් ///
ගජිංත ගත් ජිත් කුංදත්
තකුඳ ගජිං – තකුඳ ගජිං
තකු තක තරිකිට කුඳ කුඳ
ගජිංත ගත්ජිත් කුං දත්
තකු තක තරිකිට කුං දත් තා
සීරුමාරුව= තකට දොදොම් තා- කුංදත් තරිකිට
තකට දොදොම් තා
අඩව්ව = තත්ත තෙහිඟු තකට තකුඳ
තක්කඩ ජික්කඩ කඩ තක – තකට තකුඳ
ගතකු තෙහිඟු තකට තකුඳ
තත්- තත්කඩ කඩ තක
ජිත් – ජික්කඩ කඩ තක
තොං- තොංකඩ කඩතක
තොං තොං කඩ කඩ තක නං
———————-
සැවුලා වන්නම
සැවුලා වන්නමෙන් කියැවෙන්නේ සැවුලාගේ උපත් කතාවයි. සුර අසුර යුද්ධයේ දී කඳ කුමරුන් අසුර සෙන්පතියකු කඩුවෙන් ගසා දෙපළු කළ බවත් ඉන් පළුවකින් සැවුලා උපන් බවත් මෙම වන්නමේ ගායනයෙන් කියැවේ.
තිත = සුළු මහ දෙතිත (2+4)
බෙරපදය = දොං දොං ජිං ජිං ගජිගත
තානම = තම් තම්දන තානම් – දන තම්ද තානම්
තම් තම්දන තානත්
තෙයි තම් ද නා තම්ද නා නා
කවිය = සුරිඳුන් පෙර සිටන් – බලයුත් සැවතිඳුන්
සහගොස් කළ යුදෙන් – අසුරන් ජය නොලදින්
බර අත් ගෙන කගින් – ඇන කොන්තවිවලින්
අසුරන් කළ යුදෙන් – ජය ගෙන කඳ කුමරුන්
ගසමින් කග පතින් – දෙපළුව අසුර සෙන්
දැරුපා අතළුවෙන් – පළු දෙක ගෙන සැණෙකින්
එම වන් පළුවකින් – එ උපන් සැණයකින්
සැවුලා නම එයින් – ලොව පළ කළ උපතින්
කස්තිරම = කුඳ ගජිගත ///කුඳ තා
කුඳ ගජිගත ///කුඳ තා
කුඳ ගජිත කුඳ තා //
කුඳ තා //
කුඳ ගජිගත /// කුඳ තා
සීරුමාරුව = තකු තක තරිකිට කුංදත්
ගත් ජිත් තක ජිත් කුංදත්
තකු තක තරිකිට කුංදත් දොං තා
අඩව්ව = ජෙන් තත් තත් ///ජෙන් තා
ජෙනු තත් තත් ///ජෙනු තා
ජෙන් තත් තත් ජෙන් තා
ජෙනු තත් තත් ජෙනු තා
ජෙන් තා ජෙනු තා
දොහොකඩ තා
දොහොකඩ ගත කුඳ දොහොකඩ තා
චතුරි ලක්ෂිකා