Home » Blog » ලෝකයේ සංගීත ශිල්පීන්ගේ කතාව

ලෝකයේ සංගීත ශිල්පීන්ගේ කතාව

යුරෝපයේ සංගීත ශිල්පීන්

by lakehouse
0 comment

වෝල්ෆ්ගැන්ග් අමඩියස් මෝසාට්

වෝල්ෆ්ගැන්ග් අමඩියස් මෝසාට් ((Wolfgang Amadeus Mozart)  යනු ප්‍රවීණ යුරෝපීය සංගීත ශිල්පියෙකි. ඔහුගේ කුඩා වියේදීම ඔහුගේ සංගීත දක්ෂතා පැහැදිලි විය. මෝසාට් විසින් රචිත සින්ෆනි (symphonies) සහ ඔපෙරා කෘති (operas)සංගීත ලොවේ මූලික කොටස් ලෙස සලකනු ලබයි. ඔහුගේ සංගීතය, අපූරු කුසලතාවන් සහ ගැඹුරු සංවේදන මඟින් විශාල ජනප්‍රියත්වයක් ලබා ගත්තේ ය.

අමෙරිකාවේ සංගීත ශිල්පීන්

බොබ් මාර්ලි

බොබ් මාර්ලි (Bob Marley) යනු රැගේ (reggae) සංගීතයේ ප්‍රධාන ශිල්පියෙකි. ඔහුගේ ගීත, නිර්මාණාත්මකත්වය ජනප්‍රිය විය. මාර්ලි, රැගේ සංගීතයේ පියා ලෙස සැලකේ. ඔහුගේ ගීත, සාමය, එකමුතුව සහ ආත්ම සංවේදනය පිළිබඳ මහත් ආන්දෝලනයක් ඇති කළේ ය.

ජෝන් ලෙනන්

ජෝන් ලෙනන් (John Lennon)  යනු බීට්ල්ස් (The Beatles) සංගීත කණ්ඩායමේ සාමාජිකයකු ලෙස ප්‍රසිද්ධියට පත් වූ ප්‍රවීණ සංගීත ශිල්පියෙකි. ඔහුගේ ගීත, සමාජයට විශාල බලපෑමක් ඇති කළේ ය. “Imagine” වැනි ගීත, ලෙනන්ගේ සාමාජික හා සාමය සම්බන්ධ කුසලතා ප්‍රකාශ කළේ ය.

ආසියාවේ සංගීත ශිල්පීන්

රවි ශංකර්

රවි ශංකර් (Ravi Shankar) යනු ඉන්දියානු සීතාර් වාදන ශිල්පියෙකි. ඔහුගේ වාදන ශෛලිය, නැඟෙනහිර සහ බටහිර සංගීතය එකතු කරමින් විශාල ජනප්‍රියත්වයක් ලබා ගත්තේය. ශංකර්, සීතාර් වාදනය මඟින් ලෝකය පුරා ප්‍රසිද්ධියට පත් විය.

ලතා මංගේශ්කාර්

ලතා මංගේශ්කාර් (Lata Mangeshkar)  යනු ඉන්දියානු චිත්‍රපට සංගීතයේ ප්‍රධාන ගායිකාවකි. ඇයගේ මිහිරි හඬින් චිත්‍රපට ගීත ලොව විශේෂ තැනක් දිනා ගත්තා. ලතා මංගේශ්කාර්ගේ ගීත, ඉන්දියානු සංගීතයේ ආත්ම සංවේදනය සංකේතවත් කරයි.

ලෝකයේ සංගීත ශිල්පීහු විවිධාකාර දක්ෂතා සහ ශෛලීන් මඟින් සංගීත ලොවට විශාල දායකත්වයක් ලබාදී ඇත.

ලෝෂිතා රිවිසදී රත්නප්‍රිය


You may also like

Leave a Comment

1964 වසේ ජූලි 27 වනදා ආරම්භ කල මිහිර පුවත්පත ජාතියේ දූ පුතුන්ගේ දැනුම් තක්සලාව ලෙසින් බොහෝ කාලයක් පුරාවට ලාංකීය දූ පුතුන්ට දැනුම ලබා දෙන පුවත්පතකි.

පත්තර මහගෙදර ලේක්හවුස් පවුලේ ප්‍රකාශනයක් ලෙසින් මිහිර පුවත්පත ඔබ වෙතට පත්වේ.

All Right Reserved @2024. Designed and Developed by Lakehouse IT Department