Troller vessels
ආදරණීය දුවේ පුතේ, අද ඔයාලාට කියන්නට සූදානම් වන්නේ ටේරාලර් යාත්‍රා ගැනයි. වේගයෙන් මුහුදේ එහා මෙහා යන මේ යාත්‍රා යොදා ගන්නේ මගී ප්‍රවාහනයට නම් නොවේ. ඉතින් දුවේ පුතේ ඔබ හිතනවා ඇති මේ යාත්‍රා මොනවගේ දේවල්වලට යොදා ගන්නේ කියලා.
මේ යාත්‍රා යොදා ගන්නේ කුමක් සඳහා ද? මේ යාත්‍රා යොදා ගන්නේ ධීවර කර්මාන්තය සඳහායි. වේගයෙන් මුහුදේ ගොස් මාළු අල්ලා ගන්න මේ යාත්‍රා යොදා ගනියි. ඒ අනුව මේ යාත්‍රා බහුලව පරිහරණය කරනු ලබන්නේ ධීවරයන් ය. ඉතින් දුවේ පුතේ, මේවා පිළිබඳ කතාව අද කියවමු නේද?
ට්‍රෝලර් යාත්‍රාවල ආරම්භය
ටේරා්ලර් යාත්‍රාවල ආරම්භය ඇති වූයේ තේම්ස් නදිය නිසා බව ඉතිහාසයේ සඳහන් වේ. මුලින්ම ටේරා්ලර් යාත්‍රා සොයා ගන්නා ලද්දේ ඇල්බට් ස්ට්‍රේන්ජ් ය. ඔහු මෙය සෑදුවේ තේම්ස් නදියේ මසුන් ඇල්ලීම සඳහා ය. ඉක්මනින් ගොස් පහසුවෙන් මසුන් ඇල්ලීමට නම් ගැඹුරු ඉඩකඩක් ඇති බෝට්ටුවක් අවශ්‍ය බව ඇල්බට් හට වැටහී ගියේ ය. මේ නිසාම ඔහු ගැඹුරු පෘෂ්ඨයක් ඇති බෝට්ටුවක් නිෂ්පාදනය කළේ ය. එහෙත් මේ බෝට්ටුව විශාල දිය සුළිවලට ඔරොත්තු දීමට නොහැකි බව ද ඔහුට පැහැදිලි වූයේ ය. ඔහු විසින් මෙහි දුර්වලතා හඳුනාගෙන සුදුසු බෝට්ටුවක් නිෂ්පාදනය කිරීමට යොමු වූයේ ය. මේ අනුව මසුන් ඇල්ලීම සුදුසු වූ තත්ත්වයකට බෝට්ටුවක් ලෙස මෙය පරිවර්තනය වූයේ 1909දී ය. ඉන්පසු මේ ටේරා්ලර් යාත්‍රාව තවත් දියුණු කරන ලද්දේ බ්රික්හැම්හි චාල්ස් හෙලියර් විසිනි.
මූලික ටේරා්ලර් යාත්‍රවල අඩු පාඩු
මේ ටේරා්ලර් යාත්‍රවල සමබර බව නොමැති වීම නිසා මේ බෝට්ටු පෙරළීමට දැක්වූ ප්‍රවණතාව ඉතා වැඩි විය. මේ නිසා ටේරා්ලර් යාත්‍රා ඉතා සමබර ලෙස නිෂ්පාදනය කිරීමට අවශ්‍ය විය. මේ වන විට නිෂ්පාදනය කරන ලද ටේරා්ලර් යාත්‍රාවේ ගැඹුරක් තිබේ. එහෙත් එහි වැඩි බඩු ප්‍රමාණයක් ගෙන යෑමට තිබෙන පහසුකම් අවම විය. මේ නිසා වැඩි ඉඩකඩක් ඇති ටේරා්ලර් යාත්‍රාවක් නිෂ්පාදනය කිරීමට අවශ්‍ය විය. ඒ නිසා මෙය තවත් වැඩිදියුණු කිරීමට චාල්ස් යොමු වූයේ ය.
දෙවැනි ලෝක යුද්ධය සහ ටේරා්ලර් යාත්‍රා
දෙවැනි ලෝක යුද්ධයේදී වේගයෙන් පලා යෑම සඳහා ටේරා්ලර් යාත්‍රා අවශ්‍ය වූයේ ය. මෙයට හේතුව වූයේ මේ යාත්‍රාවලට වේගයෙන් දිය මත යෑමේ හැකියාවයි. ඒ වගේම තමන්ගේ පෞද්ගලික අවශ්‍යතා සඳහා ද බොහෝ දෙනා මේ කාලයේ ටේරා්ලර් යාත්‍රා යොදා ගත්තේ ය. 1967දී නවසීලන්ත ජාතික ජිම් ලූඩන් එංගලන්තයේ සිට පැනමා ඇළ ඔස්සේ තම නිවෙසට යෑමට ටේරා්ලර් යාත්‍රා යොදා ගන්නා ලදි. එමෙන්ම වාණිජමය කටයුතු සඳහා ද මොහු ටේරා්ලර් යාත්‍රා යොදා ගන්නා ලදි. මේ කාලයේදී ජිම් ( Hervy Islands) දූපතේ සිට කොප්පරා ටොන් විස්සක් ගෙන ඒම සඳහා ටේරා්ලර් යාත්‍රා යොදා ගත්තේ ය. මෙවැනි තරමක් බරින් වැඩි භාණ්ඩ ගෙන යන විටදී බෝට්ටු පෙරළීමට උත්සාහ ගත්තේ ය. එසේ නැතහොත් බෝට්ටුව ගල් පරවල වැදීමෙන් පෙරළීමට පටන් ගෙන තිබේ. මේ තත්ත්වය තවත් මඟහරවා ගැනීමට වඩාත් ශක්තිමත් ලෙස ටේරා්ලර් යාත්‍රා නිෂ්පාදන කිරීමට අවශ්‍ය විය.
ටේරා්ලර් යාත්‍රා වර්ග
Seiners – සීනර්ස්
Trawlers – ට්‍රෝලර් යාත්‍රා
Trap Setters – උගුල් තබන්නන්
Line Vessels – රේඛීය යාත්‍රා
Gillnetters – ගිල්නෙටර්ස්
Dredgers – ඩ්රෙජර්ස්
Lift Netters – ලිෆ්ට් නෙටර්ස්
Handliners – හෑන්ඩ්ලයිනර්
ටේරා්ලර් යාත්‍රාවල දියුණුව සහ ශ්‍රී ලංකාව
1950 දශකයට පෙර ධීවර බෝට්ටු සඳහා එතරම් සවිමත් අමුද්‍රව්‍ය නොයෙදූ අතර, මේ නිසා නිතර නිතර ඒවා අබලන්වීම සිදු විය. මේ නිසා වඩාත් වේගවත් පහසු වර්ගයේ යාත්‍රා යොදා ගැනීමට අවශ්‍ය විය. මේ නිසා විදේශ රටවල මෙන්ම ශ්‍රී ලංකාවේ ද ධීවර කර්මාන්තය සඳහා ටේරා්ලර් යාත්‍රා යොදා ගන්නා ලදි. ඉක්මනින් ධීවර යාත්‍රා විනාශ වී යන නිසා ටේරා්ලර් යාත්‍රා යොදා ගන්නා ලදි. දියේ ගමන් කරන වේගය නිසාම මේවා ශක්තිමත්ව නිර්මාණය කරන ලදි. මුල්කාලයේදී විශාල දුරක් ගමන් කිරීමට හැකියාවක් නොමැති වූ බැවින් අධික වේගයක් ඇති කිරීම සඳහා නවතම ආකාරයෙන් සෑදුවේ ය. ධීවර කර්මාන්තයට ටේරා්ලර් යාත්‍රා යොදා ගනු ලැබුවේ ද එහි ඇති වේගවත් බව සහ ඉක්මනින් මාළු අල්ලා ගැනීමට ඇති හැකියාව නිසා ය.
වන්දනා අබේසේකර