ආදරණීය දුවේ පුතේ, මිහිරයි පාසලයි විශේෂාංගයෙන් අපි දුවලා පුතාලා අධ්‍යාපනය ලබන පාසල් පිළිබඳ ඔබට ගෙන ආවෙමු. මෙවර අප ඔබට ගෙන එනු ලබන්නේ වේයන්ගොඩ බණ්ඩාරනායක මධ්‍ය විද්‍යාලය පිළිබඳයි. එහි විදුහල්පති සමීර දේනුක සෝමරත්න මහතා පුංචි ඔබට කියන මේ කතාව හොඳීන් සිතට ගන්න.
අපි ඉස්කෝලෙ ගිය කාලෙ වගෙ නෙවෙයි. අද කාලෙ ළමයින්ට ඕනේ අලුත් වෙන්න. ඒ වගේම ලෝකයේ අනෙකුත් ළමයින් කරන දේවල් අත්හදා බලන්න. ඒ නිසා ළමයින් බොහෝ වෙලාවට අන්තර් ජාලය ඔස්සේ අලුත් දේවල් හොයනවා. ඒත් මම නම් හිතන්නේ ලෝක
යේ තියෙන සෑම දෙයක්ම දරුවන් අනුකරණය කිරීම යහපත් නැහැ. දැනුම අවබෝධය අවශ්‍යයි. ඒත් ඒ හැම දෙයකම විනයක් තියෙන්න ඕනේ. විනය කියන්නේ තමන් ලබා ගත් අධ්‍යාපනය මනා ලෙස කළමනාකරණය කරන එක් ක්‍රමයක් කියලා කියන්න ඕනේ. එසේ කළමනාකරණය කිරීමට හැකියාව නැතිනම් ඒක ප්‍රශ්නයක්. ළමයින් හිතන්නේ අපි ඔවුන්ව පාසලේදී සීමා කරනවා කියලා. ඒත් එහෙම දෙයක් නැහැ. යම් විනය නීති මාලාවකට අනුව දරුවන්ට අධ්‍යාපනය ලබා දීම තමයි අපි කරන්නේ. විනයක් නැති අධ්‍යාපනය වැඩක් නැහැ කියලායි මම හිතන්නේ. විනය නැති අධ්‍යාපනය පමණක් දරුවකු ලබා දීමෙන් කිසිදු පලක් වන්නේ නැහැ. වර්තමානයේ බොහෝ දරුවන් අන්තර්ජාලයට යොමු වෙලා දැනුම සම්බන්ධ කරුණු එකතු කරනවා. ඒත් ඒ සම්බන්ධයෙන් මගේ විරෝධයක් නැහැ. ඒත් මම කියන්නේ දැනුම ලබා දෙන ගමන්ම දරුවන්ගේ විනයත් හදන්න ඕනේ.”
” දඬුවමින් බොහෝ දේවල් හදන්න බැහැ. දරුවන්ට දේවල් කියලා දෙන්න ඕනේ ආදරයෙන් කරුණාවෙන්. එහෙම කියලා දුන්නහාම තමයි ඒ අය කියලා දෙන දේවල් ඔළුවට ගන්නේ. නැත්නම් ඒ අය අකීකරු වෙනවා. දරුවකු හදන්න ඕනේ පැළයක් හදනවා වගේ ඉතා කල්පනාවෙන්.
මේ නිසා නිරන්තරයෙන් ගුරුවරයා දරුවාට සංවේදී වෙන්න අවශ්‍යයි. පාසලේ දරුවකුට දැනුම ලබා දෙන්න අවශ්‍යයි. ඒ වගේ දරුවකුට විනය ගැන පෙරහුරුවක් ලබා දෙන්නත් අවශ්‍යයි. විනය නැතිනම් කෙතරම් දැනුම තිබුණත් වැඩක් වෙන්නේ නැහැ. පන්ති කාමරයකට සීමා වෙලා දැනුම ලබන්න අවශ්‍යමයි කියලා මම කියන්නේ නැහැ. දරුවන් පරිසරයේ රස විඳීන්න ඕනේ. පරිසරයට ආදරය කරන දරුවන් වෙන්න ඕනේ.
” මේ වන විට අපේ පාසලේ දරුවන් තුන්දහස් හත්සිය විසිපහක් ඉන්නවා. ඒ වගේම ගුරුවරු එකසිය හැත්තෑවක් ඉන්නවා. ම
ම අපේ පාසලේ ගුරුවරුන්ට උපදෙසන් දීලා තියෙන්නේ හැම දරුවකුටම සංවේදී වෙලා ඔවුන් ළං කරගෙන තමන්ගේ දැනුම ඔවුන්ට ලබා දෙන්න කියලයි. එහෙම දැනුම ලබලා දෙන එක තමයි සාර්ථක වෙන්නේ. දැනුමෙන් පෝෂිත දරුවකු විතරක් නෙවෙයි විනයෙන් පිරිපුන් දරුවකු සෑදීමත් පාසලක වගකීමක්. මේ වගකීම වෙනුවෙන් සෑම ගුරුවරයකුම කැපවෙන්න අවශ්‍යයි. මේ කැපවීම දරුවන්ගේ අනාගතය බබළවන්න හේතුවක් වෙනවා.”
පාසල වෙනුවෙන් ඔවුන් කරන සියලුම කාර්යයන් සාර්ථක වේවා යැයි අපි මිහිර වෙතින් සුබ පතමු.
රූපාන්ති බුලත්සිංහල