Home » Blog » ළමා ගීත

ළමා ගීත

by lakehouse
0 comments

ළමා ගීතයක් යනු සංගීතයට සැකසූ ළමා ගීතයකි. මෙම ළමා ගීත මඟින් ළමා ලෝකය විවරණය කරයි. ළමා ගීතයක වචන, එයින් කියවෙන අදහස සහ ගීතවත් කිරීමට යොදාගන්නා සංගීත ස්වර ඉතාමත් සරල සුගම විය යුතු ය. මෙම ගීත මඟින් දරුවන්ට නව සිතුවිලි, අලුත් වචන, නිර්මාණශීලි රංගනය සහ සංගීත උපකරණ වාදනය කිරීම වැනි බොහෝ දේ ඉගෙනීමට හැකි වේ. පුංචි දූලා පුතාලත් ළමා ගීත අහන්න කැමැතියි නේද? මෙවර මිහිර පෝස්ටරය සැකසෙන්නේ ළමා ගීත ඇසුරෙනි.

කොන්ද නමාගෙන

කොන්ද නමාගෙන
හැරමිටි ගහගෙන
ඉබි ගමනින් යන්නේ
උදේම නා ගෙන
චීත්තෙ ඇඳගෙන
ආච්චි මේ ඉන්නේ …//

මල් මඳ බිසව වගේ
ලස්සන මුහුණ ඔබේ …//
දත් නැති කට මට පෙන්නාලා
ආච්චි හිනාවෙලා

කොන්ද නමාගෙන
හැරමිටි ගහගෙන
ඉබි ගමනින් යන්නේ
උදේම නා ගෙන
චීත්තෙ ඇඳගෙන
ආච්චි මේ ඉන්නේ

ආච්චි හැඩකාරී
අපෙ ගෙදරට සීදේවී ….//
රජ කාලේ වුණු කතා කියන්නේ
ආච්චි හිනාවෙලා

කොන්ද නමාගෙන
හැරමිටි ගහගෙන
ඉබි ගමනින් යන්නේ
උදේම නා ගෙන
චීත්තෙ ඇඳගෙන
ආච්චි මේ ඉන්නේ
අපෙ ආච්චි මේ ඉන්නේ //

ගායනය – ශිරෝමි ප්‍රනාන්දු
පදරචනය – මෙල්රෝයි ධර්මරත්න
සංගීතය – ධර්මරත්න සහෝදරයෝ
——————————

දණ ගාද්දි ඇවිදින්නට මට අත දුන්න

දණ ගාද්දි ඇවිදින්නට මට අත දුන්න
ගුරුහරුකම් හොඳ නොහොඳත් කියලා දුන්න
මහලුව බැරි වුණාම ඔබහට ඇවිදින්න
අත දෙන්නම් තාත්තේ වන්දි ගෙවන්න //

ලෙඩක් දුකක් හැදුණාමත් ළඟම දැවටෙන
උකුල් තලේ උරේ තබා නටා නළවන
සුරංගනා කතා කියා කතා පවසන
අතත් හිසත් මොටද මගේ ඔබට නොවඳීන

දණ ගාද්දි ඇවිදින්නට මට අත දුන්න
ගුරුහරුකම් හොඳ නොහොඳත් කියලා දුන්න
මහලුව බැරි වුණාම ඔබහට ඇවිදින්න
අත දෙන්නම් තාත්තේ වන්දි ගෙවන්න//

වැල් ඇඳ උඩ වාඩිවෙලා රැවුල පැහෙන දා
මම තරුණෙකි කවදා හෝ එය ඉටුවෙන දා
දෙපා නැමද බුලත් අතින් තෑගි ගෙනෙන දා
ඔබෙ දෑසට කඳුළු නැඟෙයි එදා නොවරදා

දණ ගාද්දි ඇවිදින්නට මට අත දුන්න
ගුරුහරුකම් හොඳ නොහොඳත් කියලා දුන්න
මහලුව බැරි වුණාම ඔබහට ඇවිදින්න
අත දෙන්නම් තාත්තේ වන්දි ගෙවන්න//

ගායනය-සිසිර ප්‍රනාන්දු
පදරචනය- ප්‍රේමකීර්ති ද අල්විස්
සංගීතය- පුණ්‍යසිරි මහවත්ත

—————————–

හොර පූසෙක්

හොර පූසෙක් (ඤාව් ඤාව්)
බටු මීයෙක් කටස් කටස්…//
හොර පූසියි බටු මීයයි තර‍ගෙට දිවුවා
පූසි වැටිල කිරි හැළියක
මීය වැටිල පැණි හැළියක
අපට හරි හිනා//

හොර පූසෙක් (ඤාව් ඤාව්)
බටු මීයෙක් කටස් කටස්…//

පැණි බී මත්වුණ මීයා
පරාලෙ උඩ වැනි වැනි උනි…//
මට දැන් අහුවුණොත් ඒකා
මං එළෙව්ව හොර පූසා

කීතු කීතුවලට ඉරා
වීසි කරනවයි කීවා…//

මේක ඇහිලා හොර පූසා
කිරි හැළියෙන් ඉහ උස්සා…//

බැලුවා විතරයි පූසෙක්
වහලෙන් පහළට වැටිලා
තඩි වංගෙඩියක හැපිලා…//

මහ තඩි වංගෙඩි පතයක්
කකුල ටිකක් උස්සාගෙන…//

බටු මීයට හැංගෙන්නට තැනක් කියනවා
හොර පූසී කේන්තියෙන් ඌව හොයනවා…//
හොර පූසී කේන්තියෙන් ඌව හොයනවා////

ගායනය – දමයන්ති ජයසූරිය
පදරචනය – මහාචාර්ය සුනිල් ආරියරත්න
සංගීතය – සරත් දසනායක
————————————

උදෑසනම පොඩි අපි දිව එනවා

උදෑසනම පොඩි අපි දිව එනවා
කොහේද සැඟවී එළියට එනවා
උදේ පාන්දර පාසැල් යන්නට
බසයක් ඇවිදින් කතා කරනවා//

දෙබර මුලක් ගල් වැදී සැලෙන සේ
එපා පුංචි ළමයිනි පොරකන්නට
පේළි ගැසි බසයට නැඟ ගත්විට
මුතු ඇමුණුවා වාගේ මුතු පොටකට
මුතු ඇමුණුවා වාගේ මුතු පොටකට

උදෑසනම පොඩි අපි දිව එනවා
කොහේද සැඟවී එළියට එනවා
උදේ පාන්දර පාසැල් යන්නට
බසයක් ඇවිදින් කතා කරනවා

මේ පොඩි බස් රිය ඔබේය හිතලා
කුරැටු ගෑම හොඳ නෑ ඉරි ඇඳලා
අසුන් කඩා බිඳ දමා නොයන්නේ
ඔබේය මේ බස් රිය රැක ගන්නේ
ඔබේය මේ බස් රිය රැක ගන්නේ
උදෑසනම පොඩි අපි දිව එනවා
කොහේද සැඟවී එළියට එනවා
උදේ පාන්දර පාසැල් යන්නට
බසයක් ඇවිදින් කතා කරනවා

ගල් වැලි ගසලා මුව පොඩි කරලා
එපා පුංචි ළමයිනි පොරකන්නට
පේළි ගැසී බසයට නැඟ ගත්විට
මුතු ඇමුණුවා වාගේ මුතු පොටකට
මුතු ඇමුණුවා වාගේ මුතු පොටකට

උදෑසනම පොඩි අපි දිව එනවා
කොහේද සැඟවී එළියට එනවා
උදේ පාන්දර පාසැල් යන්නට
බසයක් ඇවිදින් කතා කරනවා///

ගායනය – ලලිත් සිරිවර්ධන හා පිරිස
පදරචනය – ගාමිණී විජේතුංග
සංගීතය- සරත් දසනායක

————————————

කුරුම්බැට්ටි මැෂිමේ

කුරුම්බැට්ටි මැෂිමේ
මගෙ කුරුම්බැට්ටි මැෂිමේ //

ගවුම් පොඩිත්තක් මහලා ඕනද
කමිස පොඩිත්තක් මහලා ඕනද //

කොස් කොළයක් මෙහෙ අරගෙන ආවොත්
රැලි රැලි කපලා
ඔපනැලි තියලා

ගවුම් පොඩිත්තක් මහලා දෙන්නම්
කුරුම්බැට්ටි මැෂිමේ

මගෙ කුරුම්බැට්ටි මැෂිමේ //

ගවුම් පොඩිත්තක් මහලා ඕනද
කමිස පොඩිත්තක් මහලා ඕනද //
කූරටු ඉඳීකටුවෙන් හිල් විදලා
ලේන්සු පොඩියක්
මල් මල් සායක්
කොස් කොළ රෙද්දෙන් මහලා දෙන්නම්

කුරුම්බැට්ටි මැෂිමේ
මගෙ කුරුම්බැට්ටි මැෂිමේ //

ගවුම් පොඩිත්තක් මහලා ඕනද
කමිස පොඩිත්තක් මහලා ඕනද //

කුරුම්බැට්ටි මැෂිමේ
මගෙ කුරුම්බැට්ටි මැෂිමේ //

ගායනය – එල්සි රොද්‍රිගෝ
පදරචනය – ආචාර්ය අජන්තා රණසිංහ
සංගීතය – සරත් දසනායක

——————————

ආදරේ ඇයි පොඩි හඳ මාමේ

ආදරේ ඇයි පොඩි හඳ මාමේ
ඔබට මෙතරම් දරුවෝ
හඳ මාමේ…
ආදරේ ඇයි පොඩි හඳ මාමේ
ඔබට මෙතරම් දරුවෝ
හඳ මාමේ…
කිරි පැණියි මට ගෙනැවිත් දෙන් කෝ..
හීන් සැරේ හඳ මාමේ..
කිරි පැණියි මට ගෙනැවිත් දෙන් කෝ..
හීන් සැරේ හඳ මාමේ.. හඳ මාමේ…
ගී කියා ඔබටයි අමතන්නේ..
මේ පුංචි නංගා ඔබගේ
හඳ මාමේ…
කිරි පැණියි මට ගෙනැවිත් දෙන් කෝ..
හීන් සැරේ හඳ මාමේ.. හඳ මාමේ…
ගී කියා ඔබටයි අමතන්නේ..
මේ පුංචි නංගා ඔබගේ
හඳ මාමේ…
ආදරේ ඇයි පොඩි හඳ මාමේ
ඔබට මෙතරම් දරුවෝ
හඳ මාමේ…
ඉවුර දෙසිනි තිසා වැවේ හී..
සුළඟ ඒය හමාලා…
ඉවුර දෙසිනි තිසාවැවේ හී
සුළඟ ඒය හමාලා…
එන්න යන්නට අපි හඳ මාමේ..
තිසා වැවේ වැව රවුමේ
හඳ මාමේ… හඳ මාමේ…
හඳ මාමේ…
ආදරේ ඇයි පොඩි හඳ මාමේ
ඔබට මෙතරම් දරුවෝ
හඳ මාමේ…
————————

අපෙ අම්මා කොළඹ ගිහිල්ලා

අපෙ අම්මා කොළඹ ගිහිල්ලා
මට අලුතෙන් පොත් ගෙනැවිල්ලා
මගේ පෑනේ වයිරම් වැටිලා
පැන්සලය ද ගානට කැපිලා
මගේ පෑනේ වයිරම් වැටිලා
පැන්සලය ද ගානට කැපිලා
අපෙ අම්මා කොළඹ ගිහිල්ලා

යාළුවො දෙන්නෙක් තවමත් පහළයි
හරි ඉහළයි පන්තිය මාගේ
භූ ගෝලය, ඉතිහාසය, ගණිතය
ලේසියි මට රට කජු වාගේ
ලේසියි මට රට කජු වාගේ

අපෙ අම්මා කොළඹ ගිහිල්ලා
මට අලුතෙන් පොත් ගෙනැවිල්ලා
මගේ පෑනේ වයිරම් වැටිලා
පැන්සලය ද ගානට කැපිලා
මගේ පෑනේ වයිරම් වැටිලා
පැන්සලය ද ගානට කැපිලා
අපෙ අම්මා කොළඹ ගිහිල්ලා

ගුත්තිලයේ කවි ටික කට පාඩම්
අමා වතුර මට වතුර වගේ
කතා පොත හොඳයි නින්දට යන විට
කියවන්නට එය හරිම අගෙයි
කියවන්නට එය හරිම අගෙයි

අපෙ අම්මා කොළඹ ගිහිල්ලා
මට අලුතෙන් පොත් ගෙනැවිල්ලා
මගේ පෑනේ වයිරම් වැටිලා
පැන්සලය ද ගානට කැපිලා
මගේ පෑනේ වයිරම් වැටිලා
පැන්සලය ද ගානට කැපිලා
අපෙ අම්මා කොළඹ ගිහිල්ලා

පෙර-පර දෙදිගම රසවත් පොත පත
ඉඩ ලැබු හැම විට කියවනවා
මා ලොකු වුණු පසු කවි ගී රචනා
ලියලා පොඩි අය සනසනවා
ලියලා පොඩි අය සනසනවා

අපෙ අම්මා කොළඹ ගිහිල්ලා
මට අලුතෙන් පොත් ගෙනැවිල්ලා
මගේ පෑනේ වයිරම් වැටිලා
පැන්සලය ද ගානට කැපිලා
මගේ පෑනේ වයිරම් වැටිලා
පැන්සලය ද ගානට කැපිලා
අපෙ අම්මා කොළඹ ගිහිල්ලා

ගායනය – එස්. ලියනගේ
පදරචනය – කරුණාරත්න අබේසේකර
සංගීතය – ඩී.ඩී.ඩැනී
——————————

ටක් ගානවා ටික් ගානවා

ටක් ගානවා ටික් ගානවා
ටිකක් කනවා දොර වහනවා
හුනු කිල්ලොටයක් අරගෙන
සීයා බුලත් විට හපනවා

අනේ සීයෙ අමල් බිසෝ
කතන්දරේ කියන්නකෝ ….//

ටක් ගානවා ටික් ගානවා
ටිකක් කනවා දොර වහනවා
හුනු කිල්ලොටයක් අරගෙන
සීයා බුලත් විට හපනවා

අනේ සීයෙ අමල් බිසෝ
කතන්දරේ කියන්නකෝ ….//

ජැන්ඩි පහට සරම ඇඳලා
ඉන වට හවඩියක් බැඳලා
පුංචි අපට ආස හිතෙන
ඉස්සර රස කතා කියලා

ගෙයි පිල උඩ පැදුර එළන්
සීයා හරි සැපට නිදන්

ටක් ගානවා ටික් ගානවා
ටිකක් කනවා දොර වහනවා
හුනු කිල්ලොටයක් අරගෙන
සීයා බුලත් විට හපනවා

අනේ සීයෙ අමල් බිසෝ
කතන්දරේ කියන්නකෝ ….//

පෝය දාට සිල් අරගෙන
තිස්සෙම බණ පද අහන්න
රෑට රෑට දොම් දොමිකිට
පුංචි රබන් පද කියන්න
ගෙයි පිල උඩ පැදුර එළන්
සීයා හරි සැපට නිදන්

ටක් ගානවා ටික් ගානවා
ටිකක් කනවා දොර වහනවා
හුනු කිල්ලොටයක් අරගෙන
සීයා බුලත් විට හපනවා

අනේ සීයෙ අමල් බිසෝ
කතන්දරේ කියන්නකෝ ….//

ගායනය – පේෂලා මෙන්ඩිස්
පදරචනය – ඇ. ලයනල් ද සිල්වා
සංගීතය – වික්ටර් රත්නායක

—————————–

කොටු වැටිච්ච පුංචි සරම

කොටු වැටිච්ච පුංචි සරම ඇඳන් නටන මල්ලියා//
ගෙදර නිතර දබර කරන පුංචි මල්ලියා

මගේ මල්ලියා හුරතලා චණ්ඩියා
මගේ මල්ලියා හුරතලා චණ්ඩියා //

සෙල්ලම් ගෙයක් මා විනෝදයෙන් හදයි
ඒවා කඩා පෙරළලා දමා දුවයි//
සීනිබෝල කන්න සල්ලි ඉල්ලලා හඬයි
වසයි හරි දඟයි මල්ලියා හරි හොඳයි//

කොටු වැටිච්ච පුංචි සරම ඇඳන් නටන මල්ලියා
ගෙදර නිතර දබර කරන පුංචි මල්ලියා

මගේ මල්ලියා හුරතලා චණ්ඩියා//

පාසැල් ගොසින් බෑගයක් අතින් අරන්
ගල්කූරයක් අරන් ඇවිත් ළඟින් ඉඳන්//

පුංචි ගීත පුංචි කමට කියයි ආදරෙන්
නටයි සන්තොසින් මල්ලියා රත්තරන්//

කොටු වැටිච්ච පුංචි සරම ඇඳන් නටන මල්ලියා
ගෙදර නිතර දබර කරන පුංචි මල්ලියා//

මගේ මල්ලියා හුරතලා චණ්ඩියා//

ගායනය – ශිරෝමාලා ප්‍රනාන්දු
පදරචනය – ක්ලෝඩ් ද සොයිසා

චතුරි ලක්ෂිකා


You may also like

Leave a Comment

1964 වසේ ජූලි 27 වනදා ආරම්භ කල මිහිර පුවත්පත ජාතියේ දූ පුතුන්ගේ දැනුම් තක්සලාව ලෙසින් බොහෝ කාලයක් පුරාවට ලාංකීය දූ පුතුන්ට දැනුම ලබා දෙන පුවත්පතකි.

පත්තර මහගෙදර ලේක්හවුස් පවුලේ ප්‍රකාශනයක් ලෙසින් මිහිර පුවත්පත ඔබ වෙතට පත්වේ.

All Right Reserved @2024. Designed and Developed by Lakehouse IT Department