Home » Blog » වලිසිංහ හරිස්චන්ද්‍රතුමා

වලිසිංහ හරිස්චන්ද්‍රතුමා

by lakehouse
0 comment

1876 ජූලි මස 09 වැනි දින වලිසිංහ හෙන්රික් ද සිල්වා හා පේහැන්දි මර්තිනා ද සිල්වා ගුණසේකර දෙපළට දාව එඩ්වඩ් ද සිල්වා නමින් මොහු උපත ලැබුවේ ය. කුඩා කාලයේ සිට වැඩිවියට පත් වන තෙක් හොඳීන් අධ්‍යාපනය ලැබූ එඩ්වඩ් බෞද්ධ ධර්මය පිළිබඳ ඇල්මක් දැක්වූයේ ය.

ශත වර්ෂ ගණනාවක් සිට අතහැර දමා තිබූ භූමියක් වූ අනුරාධපුර, මිහින්තලය නැවත ප්‍රතිස්ථාපනය කිරීමට ඉංග්‍රීසි අධිරාජයන් වෙත සැල කිරීම හා බෞද්ධයන් තුළ ආකල්ප ඇති කිරීමට මෙතුමා කටයුතු කළේ ය. සිංහල බෞද්ධයන් වෙනුවෙන් ඉංග්‍රීසීන්ට විරුද්ධව පෙනී සිට එඩිතර නායකත්වය ගෙන මෙතුමා කටයුතු කළේ ය.

ප්‍රදේශයේ විහාරස්ථාන මෙන්ම විවිධ තරාතිරමේ ගැමියන් ද මුණගැසීමට මෙතුමා කටයුතු කළේය. පූජ්‍යස්ථානය ආසන්නව තිබූ සුරාසැල්, සූදු පොළවල් වසා දමන ලෙසත් පුරාවස්තු තිබෙන භූමියේ රජය ගොඩනැඟිලි ඉදිකිරීම තහනම් කරන ලෙසත් එම භූමි බෞද්ධයන් හට ලබා දෙන ලෙසත් ඉංග්‍රීසීන්ට දැනුම් දුන්නේය. එහෙත් ඔවුහු ඒ පිළිබඳ නොසලකා හැරියහ. පසුව ඉංග්‍රීසි කීරීටයේ මහා රජු වූ හත්වැනි ඩේවිඩ් රජු වෙත මේ පිළිබඳ සැල කිරීමට තීරණය විය. පසුව බෞද්ධයන් හට වන්දනාමාන කටයුතු කිරීමට ඉඩ ලබා දෙන ලෙස ලිපියක් මඟින් ඉංග්‍රීසි ආණ්ඩුව දැනුම්වත් කර ඇත. මෙතුමා මේ වන විටත් අනුරාධපුර මිහින්තලය පූජා භූමි බේරා ගැනීමේ සටන ක්‍රියාත්මක කරමින් තිබිණි. මුඩුබිම් පනත යටතේ ප්‍රයෝජනයට නොගත් භූමි රාජ්‍ය ඉඩම්වලට පවරා ගන්නා ලෙස ඉංග්‍රීසීහු සිංහලයන් හට දැන්වූහ. එම පනත අහිමිකර පූජා භූමි බේරා ගැනීමට මෙතුමා අප්‍රමාණ සේවයක් කළේය.

අනගාරික ධර්මපාලතුමාගේ ජාතික නිදහස ඔවුන්ගේ ආභාසය දැනුම නිරන්තරයෙන් මෙතුමාට ලැබිණි. මෙතුමා බුද්ධගයාවේ අරගලයේ ක්‍රියාකාරී සාමාජිකයෙක් විය. මහා බෝධි සංගමයේ යාවජීව සාමාජිකයකු වූ වලිසිංහ හරිස්චන්ද්‍රතුමා වරින් වර ඉන්දියාවට යමින් බුද්ධගයාව හින්දුන්ගෙන් බේරා ගැනීමේ සටනට සහාය ලබා දී ඇත. මෙතුමා 1899 සිට 1913 දක්වා කාලයේ මහා බෝධි සංගමයේ ලේකම් ධුරය ද දරා බෞද්ධයන්ගේ උන්නතිය උදෙසා කටයුතු කළේ ය.

පසුව මෙතුමා පෑන බලවත් කරගෙන සිංහල ජාතිය හා බෞද්ධාගම පිළිබඳ ලිවීමට පටන් ගත්තේය. ඔහුට ආවේණික ලේඛන කලාවක් තිබිණි. ඔහු පොත් 13ක් පමණ එළි දක්වා ඇත. මහා බෝධි සඟරාවේ මෙතුමා සංස්කාරකවරයා වශයෙන් ද කටයුතුවල නිරත විය. පුරාවිද්‍යා හා රුවන්මැලි චෛත්‍ය වර්ණනාව යන කෘතීන් දෙකක් ද එළි දක්වා ඇත. මහා බෝධි සිරි අනුරාධපුර යන සඟරා ආදිය සකස් කොට එළිදක්වා ජනතාව අතර බෞද්ධ දර්ශනය ඉස්මතු කළේය. සිතියම් සහිත පුරාණ විද්‍යාව සහ ඉංග්‍රීසි බසින් රචිත ” ඉචජපඥඤ ඛ්ඪබර ධට ඒදභපචඤඩචනභපච” සහ ඊඩඥ ඨපඥචබ ඵබධපර ධට ච්භබභඨඥථභදභ ” යන ඉංග්‍රීසි ග්‍රන්ථ ද මෙතුමා රචනාකර එළිදක්වා ඇත.

එවකට පැවති ජාතික අභිලාෂයන් මුදුන් පමුණුවා ගැනීමට බෞද්ධ සංස්කෘතික සමාජීය පුනරුදය ඔප් නැංවීමට තම කාලය ශ්‍රමය වැය කළ ශ්‍රේෂ්ඨ උත්තමයෙකි මෙතුමා.

1902 දී අතිපූජ්‍ය නාරන්විට සුමනසාර හිමි සමඟ ස්වර්ණමාලී චෛත්‍යය සංවර්ධන සමිතියක් පිහිටුවන ලදි. එම සමිතියේ මෙතුමා සභාපතිත්වය දරමින් රුවන්මැලි මහා සෑය ප්‍රතිසංස්කරණය හා ආරක්ෂා කිරීමට මහත් මෙහෙයක් ඉටුකිරීමට වෙහෙස මහන්සි විය. අනගාරික ධර්මපාලතුමාගේ මඟ පෙන්වීම යටතේ අමද්‍යප ව්‍යාපාරයේ ද පුරෝගාමියකු වූ මෙතුමා රට පුරා ගමන් කරන්නට විය. සිංහලයා සුරා පානයෙන් බේරා ගැනීමේ දේශන රට පුරා යමින් පැවැත්වීය.

ඉංග්‍රීසි පාලකයන්ට යටත්ව සිටි සිංහල ජාතිය හා බෞද්ධයන් එයින් නඟා සිටුවීම අවදි කිරීමට මොහු දරන ලද වෑයමේදී මෙතුමාගේ දේශනවලට ඉංග්‍රීසීහු දැඩි විරෝධීව කටයුතු කළහ. ඉංග්‍රීසි පාලකයන්ගේ වධ හිංසාවලට ලක් වූ අතර, කිහිප වතාවක්ම සිරගතවීමට ද සිදු විය. එම ක්‍රියාවලිය අඩපණ කිරීමට ඉංග්‍රීසින් දැඩි සේ උත්සාහ දරා ඇත. එහෙත් ඉංග්‍රීසීන්ට ඔවුන්ගේ අරමුණ වෙත ළඟා වීමට නොහැකි විය. මෙතුමාගේ සේවාවන් වන බෞද්ධයන්ගේ උන්නතිය උදෙසා සූදු පොළවල්, තැබෑරුම්, ගව මස් අනුභව නොකිරීම, ඝාතනාගාර වසා දැමීමට හැකි විය. පන්සල්වල දහම් පාසල් ඇති කිරීම, බෞද්ධ පෙරහරවල් පැවැත්වීම, බෞද්ධ පාසල් ආරම්භ කිරීම, පන්සල් ඉදිකිරීම, බෞද්ධ නම් ගම් භාවිත කිරීම සඳහා මෙතුමා උනන්දු වූයේ ය. දැයට ඉමහත් සේවයක් කළ වලිසිංහ හරිස්චන්ද්‍ර මහතා 1913 සැප්තැම්බර් මාසයේදී දිවියෙන් සමු ගත්තේ ය.

 

ජගත් අබේකෝන්


You may also like

Leave a Comment

1964 වසේ ජූලි 27 වනදා ආරම්භ කල මිහිර පුවත්පත ජාතියේ දූ පුතුන්ගේ දැනුම් තක්සලාව ලෙසින් බොහෝ කාලයක් පුරාවට ලාංකීය දූ පුතුන්ට දැනුම ලබා දෙන පුවත්පතකි.

පත්තර මහගෙදර ලේක්හවුස් පවුලේ ප්‍රකාශනයක් ලෙසින් මිහිර පුවත්පත ඔබ වෙතට පත්වේ.

All Right Reserved @2024. Designed and Developed by Lakehouse IT Department