එකමත් එක නගරයක එක් නිවෙසක ලාම්පුවක් තිබුණා. මේ නිවැසියන් දිනපතාම රාත්‍රි කාලයේදී තෙල් දමා මේ ලාම්පුව දැල්වූවා. ලාම්පුවත් අලංකාර එළියක් හැමතැනටම විහිදුවමින් ආඩම්බරයෙන් සිටියා. එක දවසක් ලාම්පුව තමන්ගේ ආලෝකය ගැන පුරසාරම් දොඩන්න පටන් ගත්තා.
“බලන්න මං කොයිතරම් දීප්තිමත් එළියක් විහිදුවනවාද කියලා. මං අර අහසේ පායන ඉරටත් වඩා දීප්තිමත් නේද?”
ජනේලයෙන් පිටත හැමූ සුළඟට මෙය ඇසුණා. ආඩම්බර ලාම්පුවට හොඳ පාඩමක් උගන්වන්නට සිතූ සුළඟ ජනේලයෙන් ඇතුළට වේගයෙන් සුළං රැල්ලක් එවා ලාම්පුව නිවා දැම්මා. ලාම්පු නිවී ගිය අතර, නිවෙස පුරා දැඩි කළුවරක් පැතිරී ගියා. එවිට නිවෙසේ හිමිකරු පැමිණ සුළඟ විසින් ලාම්පුව නිවා දැමූ බව වටහා ගත්තා. ඔහු ගිනි පෙට්ටියක් රැගෙන ගිනි කූර පත්තුකර ලාම්පුව නැවත දැල්වූවා.
ඉන්පසු ඔහු ලාම්පුවට මෙසේ පැවසුවා. “ඈත අහසේ ඉර ගැන සිතන්න එපා. ඉර විතරක් නෙවෙයි තාරුකාවත් ඔයා වගේ නැවත මේ ලෙස දල්වන්න ඕනෙත් නෑ”
නැවතත් ලාම්පුවෙන් දීප්තිමත් ආලෝකයක් විහිදී ගියා. එදා සිට ලාම්පුව දැනගත්තා තමන් කරන කාර්යය නිහඬව සිදු කළ යුතු බවත් අනවශ්‍ය ලෙස පුරසාරම් නොදෙඩිය යුතු බවත්.
ආදර්ශය
බොරු පුරසාරම් පැවසීම නොකළ යුතු ය.
පරිවර්තනය – හර්ෂණී ගමගේ