Home » Blog » සද්ධාතිස්ස රජතුමා

සද්ධාතිස්ස රජතුමා

by lakehouse
0 comment

කාවන්තිස්ස රජතුමාගේ සහ විහාර මහ දේවියගේ වැඩිමහල් පුතා වූයේ ගැමුණු කුමාරයා ය. ගැමුණු කුමරු එළාර රජතුමාගේ අවෑමෙන් රජ බවට පත් විණි. ඊට පසු දීර්ඝ කාලයක් ගැමුණු කුමරු ගැමුණු රජ නමින් අනුරාධපුර ප්‍රධාන නගරය කරගනිමින් රජ වූයේ ය. ඊට පසු එළඹුණේ සද්ධාතිස්ස රජතුමාගේ කාලපරිච්ඡේදයයි. මේ කාලයේදී සද්ධා තිස්ස රජතුමා ඉතා දැහැමින් රජකම් කළේ ය. බොහෝ කාලයක් ගැමුණු සහ තිස්ස අතර තිබූ තරහ සංඝයා වහන්සේ නිසා සමථයකට පත් විය.

තිස්ස කුමරු දිගාමඬුල්ල රාජධානිය කරගත්තේ ය. ගැමුණු රජු රුවන්මැලි සෑය සෑදුවත් වැඩ අවසන් කරගැනීමට නොහැකි වූයේ ය. ඔහුගේ සිත සතුටට පත් කිරීම සඳහා සෑය සුදු රෙදිවලින් ආවරණය කළ තිස්ස කුමරු එය ගැමුණු රජතුමාට පෙන්වූයේ ය. එයින් රජතුමා සතුටට පත් වූයේ ය. අවසානයේ දැඩි ලෙස රෝගාතුර වූ ගැමුණු රජතුමා මිය ගියේ ය. ඔහුගෙන් පසු සද්ධාතිස්ස රජතුමා වැව් 18ක් කළ බව පූජාවලියේ සඳහන් වේ.

 

 


You may also like

Leave a Comment

1964 වසේ ජූලි 27 වනදා ආරම්භ කල මිහිර පුවත්පත ජාතියේ දූ පුතුන්ගේ දැනුම් තක්සලාව ලෙසින් බොහෝ කාලයක් පුරාවට ලාංකීය දූ පුතුන්ට දැනුම ලබා දෙන පුවත්පතකි.

පත්තර මහගෙදර ලේක්හවුස් පවුලේ ප්‍රකාශනයක් ලෙසින් මිහිර පුවත්පත ඔබ වෙතට පත්වේ.

All Right Reserved @2024. Designed and Developed by Lakehouse IT Department