Home විදෙස් පුවත් දේදුනු කන්ද

දේදුනු කන්ද

by lakehouse
0 comment

මෙම කඳුවැටිය Vinicunca, Montana de Siete Colores (වර්ණ හතේ කන්ද) යන නම්වලින් හඳුන්වනු ලබයි. දේදුනු කඳුවැටිය පේරුහි කුස්කෝ කලාපයේ ඇන්ඩීස් හි මීටර් 5200 ක උන්නතාංශයක පිහිටි කන්දකි. එය පිහිටා තිබෙන්නේ ක්විස්පිකාන්චි පළාතේ කුසිපාටා දිස්ත්‍රික්කය සහ කැන්චිස් පළාතේ පිටුමාර්කා දිස්ත්‍රික්කය අතර, කුස්කෝ කලාපයේ අවුසන්ගේට් කන්දට යන මාර්ගයේ ය. මීට වසර මිලියන 135ත් 63ත් අතර කාලයේ මෙම ප්‍රදේශය තැනිතලා බිමක් ලෙස පිහිටා ඇත. වැලි හා රොන්මඩ සමඟ විවිධ ඛනිජ වර්ග පහක් පමණ මිශ්‍ර වී මෙහි වර්ණවත් පසක් ඇති වී තිබේ. මෙම සංඝටක එකතුවීමෙන් දේදුනු කඳුවැටියක් නිර්මාණය වී තිබේ. ඉතින් මේ සූදානම පුංචි දූලා පුතාලට අලංකාර බවින් යුතු දේදුනු කඳුවැටිය පිළිබඳ තොරතුරු රැගෙන එන්නයි.

දේදුනු කන්ද නැරැඹීමට හොඳම කාලය වන්නේ අගෝස්තු මාසයයි. මෙම මාසය වියළි කාලගුණකින් යුතු නිසා දේදුනු කන්ද විචිත්‍රවත් වර්ණ සපයමින් ඉතාමත් සුන්දර දසුන් මවා පායි. දෙසැම්බර්, ජනවාරි සහ පෙබරවාරි මාසවල හිම වැටෙයි. මෙම කන්ද ආරම්භ වී ඇත්තේ මීට අවුරුදු කිහිපයකට පෙර ය. දේදුනු කන්ද සම්පූර්ණයෙන්ම හිමෙන් වැසී තිබූ අතර, එහි සුන්දරත්වය බලා ගැනීමට නොහැකි විය. කන්දේ පැවැත්ම ප්‍රාදේශීය ප්‍රජාවෙන් පිටත ප්‍රසිද්ධ වූ පසු, එය ප්‍රදේශවාසීන් සහ සංචාරකයන් ආකර්ෂණය කරගැනීමට පටන් ගත්තේ ය. ප්‍රදේශයේ භූ තැටි චලනය වීමෙන් වර්ණවත් අවසාදිත විශාල කඳු බවට පත් විය. ඉන්පසු පසෙහි ඇති ඛනිජ ලවණ ඔක්සිකරණය හා ඛාදනය හේතුවෙන් කඳු කැපී පෙනෙන වර්ණ ලබා ගෙන ඇත. කඳුකරයට රෝස හෝ ෆුචියා වර්ණය ලැබී ඇත්තේ රතු මැටි, මඩ සහ වැලි මිශ්‍ර වීමෙන් ය. වැලිගල් (ක්වාර්ට්ස් ගල්) සහ හුනු ගල්වලින් සුදු වර්ණය ලැබී ඇත. මැටි, කැල්සියම් කාබනේට් සහ සිලිකේට් මිශ්‍ර වීමෙන් දම් පාට හෝ ලැවැන්ඩර් වර්ණය ලැබී ඇත. ආර්ගිලයිට් සහ මැටි මිශ්‍ර වීමෙන් රතු වර්ණය නිර්මාණය වී තිබේ. හරිත වර්ණ සෑදී ඇත්තේ ෆෙරෝ මැග්නීසියම් සහ තඹ ඔක්සයිඩ්වලින් යුතු මැටි නිසා ය. කහ-දුඹුරු, රන් දුඹුරු සෑදී ඇත්තේ සල්ෆයිඩ් ඛනිජවලින් යුතු ලිමොනයිට්, කැල්කියුරියස් වැලි ගල්වලින් ය.

වැසි සමයේ රාත්‍රි කාලයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 5 දක්වා පහත වැටේ. දිවා කාලයේදී සාමාන්‍ය උෂ්ණත්වය සෙල්සියස් අංශක 10 සිට සෙල්සියස් අංශක 15 දක්වා පවතී. මැයි සිට නොවැම්බර් දක්වා මාසවල එහි උෂ්ණත්වය වෙනස් වේ. දිවා කාලයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 7 සිට සෙල්සියස් අංශක 12 දක්වා පවතී. රාත්‍රී කාලයේදී සෙල්සියස් අංශක බිංදුවට වඩා අඩු වේ.

2015 වසරේදී දේදුනු කන්ද ප්‍රසිද්ධියට පත්වූයේ ඒභඵචදඨචබඥ හිමෙන් වැසී ගිය කන්ද තරණය කරන සංචාරකයන් විසින් ගන්නා ලද ඡායාරූපවලින් පසුව ය. මෙම කන්ද පූජනීය ස්ථානයක් ලෙස සලකනු ලබයි. දේදුනු කන්දේ වර්ණ පැහැදිලි ලෙස දිස් වෙයි. දේදුන්නකට සමාන මෙම අලංකාර කඳුවැටිය නැරැඹීමට සංචාරකයෝ බොහෝ පැමිණෙති.

චතුරි ලක්ෂිකා

 


You may also like

Leave a Comment

1964 වසේ ජූලි 27 වනදා ආරම්භ කල මිහිර පුවත්පත ජාතියේ දූ පුතුන්ගේ දැනුම් තක්සලාව ලෙසින් බොහෝ කාලයක් පුරාවට ලාංකීය දූ පුතුන්ට දැනුම ලබා දෙන පුවත්පතකි.

පත්තර මහගෙදර ලේක්හවුස් පවුලේ ප්‍රකාශනයක් ලෙසින් මිහිර පුවත්පත ඔබ වෙතට පත්වේ.

All Right Reserved @2024. Designed and Developed by Lakehouse IT Department