Home » Blog » සතුටින් දරුවන්ට අධ්‍යාපනය ලැබිය හැකි වාතාවරණයක් සෑදීම අපේ පරමාර්ථයයි

සතුටින් දරුවන්ට අධ්‍යාපනය ලැබිය හැකි වාතාවරණයක් සෑදීම අපේ පරමාර්ථයයි

by lakehouse
0 comments

රාජගිරිය, මොරගස්මුල්ල
ශ්‍රී සෝභිත ප්‍රාථමික විද්‍යාලයේ විදුහල්පතිනිය
නදී වික්‍රමරත්න

පාසල් දරුවන්ට හොඳ අධ්‍යාපනයක් ලබාදීම අපේ පරම යුතුකමයි. මේ සඳහා දරුවන් කෙරෙහි කරුණාවෙන්, ආදරයෙන් කටයුතු කළ යුතුයි. දරුවන් කැමැති දයාවෙන්, කරුණාවෙන් අධ්‍යාපනය ලබා දෙනවාටයි. අපේ පාසලේ දරුවන් ඉන්නේ ඉතා කලබලකාරී පරිසරයකයි. සමහර අයට අම්මලාගේ ආදරය ලැබෙන්නේ නැහැ. තවත් අයට තාත්තලාගේ ආදරය ලැබෙන්නෙ නැහැ. ඒ සෑම ආදරයක්ම අපි ලබලා දෙන්න ඕනේ. ඒ වගේම ඒ අයට ආදරයෙන් අකුරු කියලා දෙන්න ඕනේ. දරුවන්ගේ අධ්‍යාපන හැකියාව මතු වෙන්නේ දයාවෙන්, ආදරයෙන් අකුරු කියලා දෙන විටයි. එක එක දරුවන්ට තියෙන්නේ විවිධ හැකියාවන්. එම හැකියාවන් ඔප් නැංවෙන්නේ ඒ අය අප අගය කළ විටයි. බොහෝ දරුවන් අපෙන් සෙනෙහස බලාපොරොත්තු වෙනවා. ඒ සෙනෙහස අප ලබලා දුන් විට ඒ අය හොඳීන් වැඩ කරනවා. අපේ පාසලේ ළමයින් සීමිත සංඛ්‍යාවක් ඉන්න නිසා ඒ අය ගැන හොඳ අවබෝධයෙන් කටයුතු කරන්න අපට හැකියාවක් තිබෙනවා.”

” අප අපේ පාසලේ පින් බැංකුව කියලා එකක් හදලා තියෙනවා. ඒකෙන් කරන්නේ දරුවන්ගේ ආයෝජනයට දෙයක් එකතු කරන එක. බොහෝ වෙලාවට දරුවන්ට ඔවුන්ගේ මව්පියන්ගේ අවසරය ඇතිව ඔවුන්ට දැනට පාවිච්චි කරන්න බැරි එහෙත් තවත් කෙනකුට පාවිච්චි කරන්න පුළුවන් දෙයක් ගේන්න කියලා අපි කියනවා. හැමෝම ඒ සඳහා සහාය දැක්වූවා. මේ වෙනුවෙන් විශේෂ රාක්කයක් අප පිළියෙල කළා. දැන් හැමෝම ඒ රාක්කය පුරවන්න උත්සාහ කරනවා. ඒක හරිම ලස්සන වැඩක්. දරුවන් අතර සහයෝගය එයින් ඇති වෙනවා. අපි කියලා තියෙන්නේ ඒ භාණ්ඩ ගෙනවිත් තබන කෙනාට ඒ සඳහා නැවත අයිතිය කියන්න එපා කියලයි. තමන් අනෙක් අයට ලබලා දෙන දෙයින් සතුටක් ලබන්න මේ දරුවන් පුරුදු කරලයි තිබෙන්නේ.”

” අපි දවස් හතරක්ම දරුවන්ට පාඩම් කියලා දෙනවා. පන්ති කාමරයේදී අප ලබලා දෙන පාඩම් ප්‍රායෝගිකව අත්විඳීන්න ඔවුන්ට කියලා දෙන්න ඕනේ. මේ නිසා අපි සිකුරාදා දිනයේදී ඔවුන්ට ප්‍රායෝගිකව ජීවිතය අත්දකින්න කියලා දෙනවා. ඒ සඳහා අපි එදාට විශේෂ පාට ඇඳුමක් අරන් එන්න කියලා දරුවන්ට කියනවා. ඒ අයත් එක්ක එකතු වෙලා බාහිර පරිසරයේ ක්‍රියාකාරකම්වල යෙදෙනවා. ඒක හරිම සුන්දරයි. මෙහිදී කියලා දෙන විශේෂ දෙයක් තියෙනවා. අනෙක් අයගේ හිත රිදවන්නේ නැතිව ගනුදෙනු කරන එක. ඩ්ඥතන ව්ධබ ඩ්චපථ කියන්නේ ඒකටයි. එහිදී එකිනෙකා සමඟ සහයෝගයෙන් වැඩ කරන්න ඕනෙ. කවදාහරි මේ දරුවන් සමාජගත වුණහමත් ඒ දේම කරනවා කියලා අපි දන්නවා. ඒක තමයි වැදගත් වෙන්නේ. පාසලක අරමුණ වන්නේ යහපත් සමාජ සත්ත්වයෙක් සෑදීමයි. එලෙස යහපත් සමාජ සත්ත්වයකු සෑදීමට නොහැකි නම් එතැන පාසලකින් සිදුවෙන මෙහෙය සිදු වන්නේ නැහැ. අප උත්සාහ කරන්නේ ඒ දෙය කිරීමටයි.”

ඇයගේ උත්සාහය සාර්ථක වේවා යැයි අපි සුබ පතමු.

රූපාන්ති බුලත්සිංහල

 


You may also like

Leave a Comment

1964 වසේ ජූලි 27 වනදා ආරම්භ කල මිහිර පුවත්පත ජාතියේ දූ පුතුන්ගේ දැනුම් තක්සලාව ලෙසින් බොහෝ කාලයක් පුරාවට ලාංකීය දූ පුතුන්ට දැනුම ලබා දෙන පුවත්පතකි.

පත්තර මහගෙදර ලේක්හවුස් පවුලේ ප්‍රකාශනයක් ලෙසින් මිහිර පුවත්පත ඔබ වෙතට පත්වේ.

All Right Reserved @2024. Designed and Developed by Lakehouse IT Department