Home » Blog » ආසියාතික රටවල ප්‍රධාන ආහාර

ආසියාතික රටවල ප්‍රධාන ආහාර

by lakehouse
0 comments

අපේ ශරීරය වර්ධය සඳහා ආහාර වර්ග අවශ්‍ය වේ. රටවල් අනුව සහ විවිධ ජාතීන් අනුව ආහාර වර්ග වර්ග කෙරේ. රට රටවලට ආවේණික වූ ප්‍රධාන ආහාර වර්ග ඇත. ආසියාතික රටවල ආහාර රටාවට විශේෂ තැනක් හිමිවන්නේ මස් මාංශ වර්ග භාවිතය අවම කරගෙන පෝෂ්‍යදායි මෙන්ම රසවත් ආහාර සකසන නිසා ය. පුංචි දූලා පුතාලත් විවිධ රටවල රසවත් කෑම පිළිබඳ තොරතුරු දැනගන්න කැමැතියි නේද? ඉතින් මෙවර මිහිර පෝස්ටරයෙන් අපි ආසියාතික රටවල ප්‍රධාන ආහාර වර්ග කිහිපයක් හ½දුනා ගනිමු.

ශ්‍රී ලංකාව

 

ශ්‍රී ලංකාවේ වගා ක්‍රමය වන්නේ කෘෂිකර්මාන්තයයි.

ශ්‍රී ලංකාවේ වගාකළ හැකි භූමි ප්‍රමාණය 34%ක් පමණි.මහ කන්නයේදී හෙක්ටයාර 748,027, යල කන්නයේදී හෙක්ටයාර 368,906,සහ වාර්ෂිකව හෙක්ටයාර 1,116,933 පමණ ප්‍රමාණයක් වගාකරනු ලබයි. වී වගා කිරීමෙන් සහල් නිපදවනු ලබයි. බත් ශ්‍රී ලංකාවේ ප්‍රධාන ආහාරයයි. සහල්වලින් පිසින ලද බත් සමඟ ව්‍යංජන අනුභව කරයි.

ජපානය

අවුරුදු 2300කට පමණ පෙර සහල් හදන තාක්ෂණය හඳුන්වා දීමෙන් පසු ජපන් බත් ජපන් ජාතිකයන්ගේ ප්‍රධාන ආහාරය බවට පත්ව තිබේ. “එදෝ” යුගයේ සිට පැවත එන ජපන් බත් හා එළවළු ආහාරයට ගැනීම වර්තමානයේ ද දැකගත හැකි ය. මෙම බත් බෙරි ගතියකින් යුතුව සාදනු ලබයි. හෂි ලී කෝටු භාවිත කරමින් ජපන් බත් ආහාරයට ගැනීමේදී මෙම බෙරි ගතිය ප්‍රයෝජනවත් වේ.

දකුණු කොරියාව

දකුණු කොරියාවේ බත්වලට ප්‍රධාන තැනක් තිබේ. මෙම රටේ ගෝවා, රාබු, පිපිඤ්ඤා ඇතුළු තවත් අමුද්‍රව්‍ය යොදාගනිමින් කිම්චි සාදනු ලබයි. මෙම කිම්චි දකුණු කොරියානු ආහාරවල අත්‍යවශ්‍ය කොටසකි. දකුණු කොරියාවේ ප්‍රසිද්ධ බාබකියු සංස්කෘතියක් ඇත. ආපණ ශාලාවල හරක් මස් සහ ඌරු මස් මේසය මත ග්‍රිල්කර ආහාරයට ගැනීම සඳහා තබා තිබේ. දකුණු කොරියානු අවන්හල්, ඔවුන්ගේ කෑම වර්ග ((Bibimbap  සහ  bulgogi) ලොව පුරා ප්‍රසිද්ධ වී ඇත. දකුණු කොරියානු ආහාර පිසීමේ කලාවට ජාත්‍යන්තර මට්ටමේ පිළිගැනීමක් තිබේ .

උතුරු කොරියාව

උතුරු කොරියාවේ ප්‍රසිද්ධ ආහාරය වන්නේ නූඩ්ල්ස් ය. උතුරු කොරියානුවන් කිම්චි සාදනු ලබන්නේ අමුද්‍රව්‍ය සහ කුළුබඩු වෙනස් කරමින් ය. මෙම රටේ රසකාරක සහ සැර ආහාර වැඩි වශයෙන් භාවිත නොකරයි. ඔවුන්ගේ ආහාරවල රසය මෘදු වේ. මොවුන්ගේ ප්‍රධාන රසය වන්නේ ලුණු සහිත සහ සෝයා සෝස් පමණයි. මෙම රටේ බාබකියු වැඩි වශයෙන් ආහාරයට නොගනී.

පකිස්තානය

හලීම් යනු පකිස්තානය පුරා මුස්ලිම් ප්‍රජාවන් සමඟ සම්බන්ධ වූ වඩාත් ප්‍රමුඛ ආහාරයකි. එය සෙමින් පිසින ලද තිරිඟු , මස් (හරක් මස් හෝ එළු මස්) සහ ගිතෙල්, කුළුබඩු, රෝස පෙති සහ ගෙඩි ‍යොදා බහුල ලෙස සුවඳ සහ ඝන වන තෙක් පරිප්පුවලින් සාදන ලද රසවත් ආහාරයකි. ලියන ලද ඉඟුරු, හැපෙනසුලු කැරමල් කරන ලද ලූනු සහ රසවත් කොත්තමල්ලිවලින් සරසනු ලබයි. සින්දි බිරියානි අනෙකුත් බිරියානිවලට වඩා වෙනස් ය. සින්දි බිරියානි අනෙකුත් බිරියානිවලින් වෙන්කර හඳුනාගන්නේ මසාලාවල අල සහ වියළි ප්ලම්ස් යොදා ගැනීමෙනි. මෙය සැරසීම සඳහා වියළි පලතුරු සහ ඇට වර්ග භාවිත කරයි.

නේපාලය

Dal Bhat යනු නේපාලයේ ජාතික ආහාරයකි. මෙය පරිප්පු සුප් සහ තම්බා බත් ලෙස ද හඳුන්වයි. කුකුල් මස්, මී හරක්, එළු මස්, මාළු සහ රසවත් හොදි සමඟ මෙම බත් ආහාරයට ගනු ලබයි. පරිප්පු, ව්‍යංජන, අච්චාරු සහ චට්නි ද භාවිත කරයි. නේපාල ජාතිකයෝ දිනපතා මෙම Dal Bhat ආහාරයට ගනිති. මොමෝ වර්ග අවන්හල් එරට බහුලව තිබේ. තැම්බූ මොමෝ, ෆ්‍රයිඩ් මොමෝ kothey momo, චිලි මොමෝ සහ Jhol momo නමින් මොමෝ වර්ග කිහිපයක් තිබේ. මෙම මොමෝ සාදනු ලබන්නේ මස් වර්ග, කුළු බඩු සහ එළවළු භාවිත කරමින් ය.

බංග්ලාදේශය

බංග්ලාදේශයේ ප්‍රධාන ආහාරය වන්නේ සරල බත් ය. එය විවිධ මාළු, මස්, ව්‍යංජන, එළවළු, මාළුවලින් සැකසූ බෝර්තා, විවිධ එළවළුවලින් සැකසූ භාජි සහ පට්ලා දාල් (පරිප්පු සුප්) සමඟ ආහාරයට ගනු ලබයි. නචබතච ඬඩඪජඩභපඪ යනු බත් සහ පරිප්පු සමඟ සරලව පිසින ලද ආහාරයකි. එය අර්ධ දියරක් ලෙස සකසනු ලබයි. විවිධ ඍතුවල මෙයට එළවළු සහ අර්තාපල් එකතු කරනු ලබයි. මෙය හරක් මස්, එළු මස්, කුකුළු මස් , බැදපු බිත්තර සහ ඕනෑම මස් වර්ගයක් සමඟ ආහාරයට ගනු ලබයි. බුනා කිචුරි යනු සහල්, පරිප්පු, කුළු බඩු මිශ්‍ර කර ගැඹුරු තෙලේ බදිනු ලබයි. බුනු කිචුරි විවිධ මස් වර්ග සමඟ ආහාරයට ගනු ලබයි. මෙම ආහාරයට බිත්තර සහ ඉස්සන් එකතු කරනු ලබයි.

ඉන්දියාව

කබූලි යනු රසවත් චනා දාල් බිරියානි විශේෂයකි. මෙම වට්ටෝරුව සාම්ප්‍රදායිකව සාදනු ලබන්නේ බත් එක සමානව පිසීම සහ කුළුබඩු සහිත පරිප්පු වෙන වෙනම සකස් කිරීමෙනි. පසුව ඒවා කලවම් කර සියලු රසයන් මිශ්‍ර වීම සඳහා වාෂ්පයෙන් තම්බා පිසිනු ලැබේ. බාස්මතී සහල් යොදාගෙන බිරියානි පිසිනු ලබයි. මෙය එළවළු සලාද සමඟ ආහාරයට ගනු ලබයි. චෙට්ටිනාඩ් එළවළු බිරියානි කුළුබඩු සහිත රසවත් කෑමක් වේ. මෙම වට්ටෝරුව සඳහා මහදුරු බීජ, කුරුඳු, කරාබුනැටි සහ ගම්මිරිස් වැනි කුළුබඩු භාවිත කරයි. මෙය මාංශවලින් තොර බිරියානි විශේෂයකි.

භූතානය

ජෂා මරු භූතානයේ ජනපි‍්‍රය ආහාරයකි. කුකුළු මස්, සුදු ලූනු, ලූනු, ඉඟුරු, තක්කාලි සහ ලූනු භාවිතයෙන් සකස් කරයි. මෙය භූතානයේ ඇති සැරම ආහාරයකි. Ema Datshi  ආහාරය තවත් ආහාර වර්ගයකි. වියළි භූතාන හරක් මස් භාවිතයෙන් සාදන්නකි. Ema Datshi වලදී මෙන්ම Shakam Datshi  ද රතු බත් සමඟ අහාරයට ගැනීම වඩාත් සුදුසු ය. භූතාන ආහාරවල තවත් ප්‍රධාන ආහාරයක් වන පුටා, සම්පූර්ණ ආහාර වේලකි. පූටා හි ඇති නූඩ්ල්ස් සෞඛ්‍ය සම්පන්න වන අතර, ඒවා බකට් තිරිඟු භාවිතයෙන් සකස්කර ඇත. බත් වෙනුවට හොඳ ආදේශකයකි පුටා. සෝස් වර්ග, එළවළු සහ මස් යොදා ගනිමින් මෙම තිරිඟු නූඩ්ල්ස් සාදයි.

චීනය

පැණි රස සහ ඇඹුල් රස මිශ්‍ර ඌරු මස් චීනයේ භුක්ති විඳීන ප්‍රධාන ආහාරයකි. මෙම ආහාරය චීන අවන්හල දක්නට ලැබේ. සීනි, කෙචප්, සුදු විනාකිරි සහ සෝයා සෝස්වලින් සාදන ලද පැණි රස හා ඇඹුල් සෝස් එකක් කලවම් කර මෙය බදිනු ලබයි. මෙහි ප්‍රධාන අමුද්‍රව්‍ය වන්නේ ඌරු මස් ය. ලූනු, අන්නාසි සහ අමු ගම්මිරිස් ඇතුළු අමතර අමුද්‍රව්‍ය පැණි රස හා ඇඹුල් ඌරු මස් සඳහා යොදා ගනු ලබයි. මාපෝ ටෝෆු යනු කුළුබඩුවලින් සාදන ජනප්‍රිය ආහාරයකි. ටෝෆු, බෝංචි පේස්ට්, හරක් මස්, උණුසුම් බැදපු මිරිස් තෙල් සහ ගම්මිරිස් මෙයට යොදා ගනු ලබයි.

චතුරි ලක්ෂිකා


You may also like

Leave a Comment

1964 වසේ ජූලි 27 වනදා ආරම්භ කල මිහිර පුවත්පත ජාතියේ දූ පුතුන්ගේ දැනුම් තක්සලාව ලෙසින් බොහෝ කාලයක් පුරාවට ලාංකීය දූ පුතුන්ට දැනුම ලබා දෙන පුවත්පතකි.

පත්තර මහගෙදර ලේක්හවුස් පවුලේ ප්‍රකාශනයක් ලෙසින් මිහිර පුවත්පත ඔබ වෙතට පත්වේ.

All Right Reserved @2024. Designed and Developed by Lakehouse IT Department