Home » Blog »  දුටුගැමුණු රජතුමා

 දුටුගැමුණු රජතුමා

by lakehouse
0 comment

 

කාවන්තිස්ස රජතුමාගේ සහ විහාර මහා දේවියගේ වැඩිමහල් පුත් කුමාරයා වූයේ දුටුගැමුණු කුමාරයා ය. දුටු ගැමුණු කුමාරයාගේ මුල්ම නම ගැමුණු ය. ගැමුණු කුමාරයාගේ සහෝදරයා තිස්ස කුමරු ය. කාවන්තිස්ස රජතුමා සහ විහාර මහාදේවිය තම දරුවන් දෙදෙනා ළඟට අරගෙන පොරොන්දු තුනක් ගත්තේ ය.

* සංඝයා වහන්සේලාට දන් නොදී කිසිදු ආහාරයක් අනුභව නොකරන බව
* දෙසොහොයුරන් අතර කිසිදා සටනක් ඇතිකර නොගන්නා බව.
* ද්‍රවිඩ ජනතාව සමඟ කිසිදා සටන් නොකරන බවට දුටුගැමුණු රජතුමා සිය පුතුන් දෙදෙනා එකඟ වන ලෙස ය.

එහෙත් තුන් වැනි පොරොන්දුව භාර ගැනීමට ගැමුණු කුමාරයා අකැමැති වූයේ ය.

“මම කැමැති නෑ” කුමරා කෑමට ගත් බත් පිඩ වීසිකර දැමුවේ ය. “උතුරින් හැඩි දෙමළු දකුණින් ගොළු මුහුද අතපය දිග හැර නිදාගන්නේ කෙලෙසක දැ”යි ගැමුණු කුමාරයා අසා සිටියේ ය. එකල අනුරාධපුරයේ පාලකයාව සිටියේ එළාර නම් ද්‍රවිඩ රජු ය. සටනට සුදුසු පසුබිමක් සකස් කරගන්නා තෙක් කාවන්තිස්ස රජතුමා සටන කල් දැමුවේ ය. ගැමුණු කුමරා සටන් කිරීමට අවසර ඉල්ලුවේ ය. එහෙත් කුමරා කාවන්තිස්ස රජතුමාගෙන් සටන් කිරීමට අවසර ඉල්ලුවේ ය. රජතුමාගෙන් මෙයට අවසර නොලැබිණි. මේ නිසා ගැමුණු කුමරු තම පියාට ස්ත්‍රී පලඳනා එව්වේ ය. මෙය දුටු කාවන්තිස්ස රජතුමා මේ නිකම්ම නිකම් ගාමිණියකු නොව දුෂ්ට ගාමිණියකු බව පැවසුවේ ය. මෙයින් පසු පියා සමඟ තරහ වී කොත්මලේ ගොස් සැඟවී සිටියේ ය. මේ කාලයේදී ගම ගෙදරක කුඹුරු වැඩ කරමින් සැඟවී සිටියේ ය. මේ අතරතුර තිස්ස කුමරු සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට ගැමුණු කුමරා තීරණය කළේ ය. ඒ අනුව තිස්ස කුමරු ගොවිතැන් වැඩ කරමින් දිගාමඬුල්ල අස්වද්දවා ලිව්වේ ය.

මේ අනුව සැඟවී සටන් පුහුණුව කිරීමට ද ගැමුණු කුමරු අමතක නොකළේ ය. මෙහිදී විහාර මහා දේවිය වූ අම්මාගෙන් ලද උදව් උපකාර බොහෝ ය. ඒ අනුව විහාර මහා දේවියගේ උපදෙස් පරිදි ගැමුණු කුමරුගේ පිළිරුවක් කිනිහිරියා ලීයෙන් ඒ අයුරින්ම සාදා පණ පිටින් සිටින සේ ද්‍රවිඩයන්ට පෙනෙන්නට සෑම සිංහල කඳවුරකම තැබීමට සිංහල ජනතාව කටයුතු කළහ. මේ පිළිරුවට ද්‍රවිඩයෝ පහරදී වෙහෙසට පත් වූහ. සිංහලයෝ ද්‍රවිඩයන් සමඟ යුද්ධ කළහ. අවසානයේ එළාර රජු සමඟ තනිව යුද්ධ කිරීමට දුටුගැමුණුට කුමරු අවශ්‍ය වූයේ ය. එම සටනින් එළාර මිය ගියේ ය. මෙසේ මිය ගිය එළාර රජුගේ සොහොන ඉදිරියෙන් කිසිදු ශබ්දයක් නොනඟා ගමන් කරන මෙන් දුටුගැමුණු රජතුමා ඉල්ලීමක් කළේ ය. මේ ද්වන්ධ සටනින් පසු දුටුගැමුණු කුමරු අනුරාධපුරය අගනුවර කරගනිමින් රජ කළේ ය. තිස්ස කුමරුට රුහුණු ප්‍රදේශය භාර දුන්නේ ය.

නදී


You may also like

Leave a Comment

1964 වසේ ජූලි 27 වනදා ආරම්භ කල මිහිර පුවත්පත ජාතියේ දූ පුතුන්ගේ දැනුම් තක්සලාව ලෙසින් බොහෝ කාලයක් පුරාවට ලාංකීය දූ පුතුන්ට දැනුම ලබා දෙන පුවත්පතකි.

පත්තර මහගෙදර ලේක්හවුස් පවුලේ ප්‍රකාශනයක් ලෙසින් මිහිර පුවත්පත ඔබ වෙතට පත්වේ.

All Right Reserved @2024. Designed and Developed by Lakehouse IT Department