නිදහස් සටනේ සෙන්පතියකු ගොංගාලේගොඩ බණ්ඩා 1809 මාර්තු 13 පෑලියගොඩ වනවාසල උපන්නේ ය. මොහුගේ පියා පැලියගොඩ වංශ පූර්ණහේවගේ ප්‍රනාන්දු හා මාතලේ අලුතිනියේ කාන්තාවට උපන් බාල පුත්‍රයා විය. වැඩිමහල් පුත්‍රයා වූයේ දිනේස් ය. මොහුට විවිධ නම්වලින් ආමන්ත්‍රණයකර ඇත. වත්සපූර්ණ දේවගේ ඩේවිඩ්, පෑලියගොඩ ඩේවිඩ්, දොන් පුල්ලේ වෙදරාල, අලුදෙනියේ බණ්ඩා, කපුරුබස්ති බණ්ඩලාගේ ඩේවිඩ් යන නම්වලින් හඳුන්වන ලදි. මොහු කොළඹ- මහනුවර මාර්ගයේ ගැල් ප්‍රවාහන කටයුතුකර ඇත. හමුදා පොලිස් නිලධාරියකු වශයෙන් ද සේවය කර ඇත. අංගම්පොර සටන් කලාව හා දක්ෂ වෙඩික්කරුවෙක් ද වේ. මොහු කුඩා කළ සිටම ඉංග්‍රීසි විරුද්ධව කටයුතු කළේ ය.
නිදහස් සටනේ ප්‍රධාන සෙන්පතියකු වූ ගොංගාලේගොඩ බණ්ඩා සිංහල දීපයෙන් පර සුද්දන් එළවා දමා ඒකීය නිවහල් දේශයක් බිහිකිරීම උදෙසා ලේ දහඩිය හෙලුවේය. ලංකා මෑණියන්ගේ අභිමානය රටේ පැතිර වූ ගොංගාලේගොඩ බණ්ඩා ඉංග්‍රීසින්ට එරෙහිව සටන් වැද ජයගත් අභිමාන වීරයෙකි. 1848 වසරේ ජූලි 30 වැනි දින විශාල පිරිසකගේ කැමැත්ත ඇතිව ඉන්ද්‍රජෝති හිමියන්ගේ අනුග්‍රහය මත ගොංගාලේගොඩ බණ්ඩා
ශ්‍රී වික්‍රම සර්ව සිද්ධි නමින් තුන් සිංහලේම රජු වශයෙන් ඔටුනු පලඳා අභිෂේක කරන ලදි.
1848 වකවානුවේ මොහු බදුල්ල ප්‍රදේශයේ වාසය කර ඇත. එහිදී ඉංග්‍රීසි ආණ්ඩුවට එරෙහිව නිර්භීත වූහ. කළු සිංහලයන් එකතු වී ඉංග්‍රීසින්ට විරුද්ධව කටයුතුකර ඇත. එම කටයුතු නිසා ගොංගාලේගොඩ බණ්ඩා රාජ ද්‍රෝහියකු ලෙස ඉංග්‍රීසි ආණ්ඩුව විසින් ප්‍රකාශයට පත් කර ඇත. ඔහු තමා රාජසිංහ පරම්පරාවෙන් පැවත එන බවත්, එම පවුලට නෑකම් කියන බවත් ප්‍රකාශ කළේ ය.
එම නිසා මහනුවර දළදා මාලිගයේ කාලයක් වාසයකර ඇත. විදේශීය පාලනයට විරුද්ධව කටයුතු කර ඇත. ඉංග්‍රීසි ආණ්ඩුව විසින් කරන ලද අසාධාරණ බදු නිසා සිංහල ජනතාව එක්රොක් වූහ. ඉංග්‍රීසි පලවා හැරීමට ඇරැඹූ අරගලයේ නායකයා ගොංගාලේගොඩ බණ්ඩා විය. ආරම්භක කැරැල්ලක් වූ හඟුරන්කෙත ඩිංගි රාල කුරුණෑගලින් කැරැල්ල පටන් ගත්තේ ය. එයින් පසු අනෙක් ප්‍රදේශ ප්‍රදේශවලින් මාතලේ හරහා මහනුවරට සේනාව ඒමට පටන් ගෙන තිබුණේ ය. ඒ එන අතරමඟදී මාතලේ කච්චේරියට පහර දී එහි තිබූ බදු වාර්තා විනාශ කිරීමට සිංහලයෝ සමත් වූහ. එම සටන නිම වූ පසුව මහනුවර බලා එන්නට වූහ. එන මඟදී බ්‍රිතාන්‍යයන්ට අයත් විශාල කෝපි වත්තක් සිංහලයන් විසින් ගිනි තබා විනාශ කරන ලදි. එයට කෝප වූ බ්‍රිතාන්‍ය ජාතිකයෝ සිංහලයන් සමඟ සටන් වැද සිංහල විශාල පිරිසක් විනාශ කළහ.
එම සටන් මැද ගොංගාලේගොඩ බණ්ඩා මහනුවර නගරය අත්පත් කර ගත්තේ ය. එම සටනේදී ඉංග්‍රීසින්ගේ දේපළ රැසකට හානි සිදුවිය. එම අත්පත් කරගැනීමත් සමඟ සිංහල නායකයන් අතර ඇතිවූ භේද බින්න නිසා යුද ශක්තිය අඩු විය. ඒ අතරේ ගොංගාලේගොඩ බණ්ඩා පලා ගියේ ය. එවිට ඉංග්‍රීසීහු විවිධ උපක්‍රම මධ්‍යයේ සැඟව සිටි ගොංගාලේ ගොඩ බණ්ඩා සෙවීමට කටයුතු කළහ. මේ අතරේ මොහු තවත් තැනකට පලාගොස් මඩවල උල්පත ප්‍රදේශයේ ගල්ලෙනක සැඟව සිටින්නට උත්සාහ ගත්තේ ය.
ගොංගාලේගොඩ බණ්ඩා අල්ලා ගැනීමට නොයෙකුත් උපක්‍රම ඉංග්‍රීසීහු යෙදූහ. එහෙත් අල්ලා ගැනීමට අපොහොසත් විය. එම නිසා ඉංග්‍රීසි ආණ්ඩුව ගොංගාලේගොඩ බණ්ඩාගේ හැඩරුව කියා සෝදිසි කළේ ය. සැඟව සිටි තැනක් දන්වන්නේ නම් තෑගි බෝග රාශියක් ලබා දෙන බව මෙයින් දන්වා සිටියේ ය. ඒ අනුව දේශද්‍රෝහී සිංහල දෙදෙනෙක් ඉංග්‍රීසි ආණ්ඩුවට ඔත්තු සපයන්නට වූහ. එම ඔත්තුවේ ප්‍රතිඵලයක් ලෙස වීර භික්ෂූන් නමක් අල්ලා ගන්නා ලදි. එම භික්‍ෂූන් විසින් ගොංගාලේගොඩ බණ්ඩා ගැන කිසිදු සඳහනක් නොකරන ලදි . ඉංග්‍රීසීන්ගේ එම උත්සාහය අසාර්ථක විය. පසුව නැවත ඉංග්‍රීසි ආණ්ඩුව විසින් ගොංගාලේ ගොඩ බණ්ඩා සෙවීමට තවත් උපක්‍රමයක් ක්‍රියාත්මක කරවන ලදි. ඉංග්‍රීසි ජාතිකයෝ සෙබළුන් සිංහල ලෙස ඇන්දවූහ. 1848 සැප්තැම්බර් 21 වැනි දින එම උපාය සාර්ථක විය. මේ අනුව ගොංගාලේගොඩ බණ්ඩා අල්ලා ගැනීමට හැකි විය. ඉන් පසුව මොහු ඉංග්‍රීසි අධිකරණයට කැඳ විය. එයින් පසුව ඔහු පාපොච්චාරණයක් කළේ ය. මරණ දඬුවම ලිහිල් විය.
ගොංගාලේගොඩ බණ්ඩාට කස පහරවල් සීයක් ලබා දීමට සහ මලක්කාවට පිටුවහල් කිරීමට ඉංග්‍රීසි ආණ්ඩුව තීරණය කළේ ය. 1849 දී මහනුවර අභිෂේකලත් රජු ලෙස පත්විය. මොහු 1849 දෙසැම්බර් 1 සිංහල ජාතියට පණ පොවා සටන මෙහෙය වූ වීරයකු ලෙස ජනතාවගේ හිත් දිනා අප අතරින් සමුගත්තේ ය.
ජගත් අබේකෝන්