අනාගත අභ්‍යවකාශයට පියාසර තාක්ෂණය (Future Space Flying Technologies)
ආදරණීය දුවේ පුතේ , අපි ලෝකයේ තියෙන තාක්ෂණයන් එක්ක යාවත්කාලීන වුණාම තමයි මිනිසුන් විදියට මිනිස් වර්ගයාට අලුත් දේ කරන්න දායක වෙන්න සිතුවිලි පහළ වෙන්නෙ.
1. උසස් ප්රචාලන පද්ධති (High Propulsion Systems)
ප්රචාලන පද්ධතියක් කියන්නෙ වස්තූන් චලනය කරවන දෙයක් කියලා හිතාගන්න. එය හරියට මෝටර් රථයක එන්ජිම හෝ අභ්‍යවකාශ යානයක රොකට් බූස්ටරය වගේ දෙයක්. ඒවා ඉදිරියට යෑමට හෝ දිශාව වෙනස් කිරීමට උපකාරී වෙනවා.
අයන එන්ජින්, න්‍යෂ්ටික ප්රචාලන පද්ධති සහ සූර්ය රුවල් වැනි ඊළඟ පරම්පරාවේ ප්රචාලන තාක්ෂණයන් සංවර්ධනය කිරීම අනාගත අභ්‍යවකාශ පියාසර තාක්ෂණයේ ප්‍රධාන කොටසක් විදිහට දක්වන්න පුළුවන්.
2. නැවත භාවිත කළ හැකි අභ්‍යවකාශ යානා
SpaceX’s Starship Blue Origin’s New Glenn වැනි නැවත භාවිත කළ හැකි අභ්‍යවකාශ යානා දැනටත් යොදා ගන්නවා.
එම තාක්ෂණයන් තවත් වැඩිදියුණු කරමින් නව තාක්ෂණයන් හඳුන්වා දීමට ඔවුන් කටයුතු කරනවා.
4. වෙනත් ග්‍රහලෝකවල ජනපදකරණය
පර්යේෂකයන් අනෙකුත් ග්‍රහලෝකවල, විශේෂයෙන් අඟහරු මත මානව ජනාවාස සඳහා සැලසුම් , ස්ථාන ඉදිකිරීම, ජීවිත ආධාරක පද්ධති සහ සම්පත් භාවිතය ඇතුළු පිටසක්වළ පරිසරයන්හි ඉතා සුවපහසු ජීවිතයක් සඳහා තාක්ෂණයන් සංවර්ධනය කරමින් ඉන්නවා.
5. අභ්‍යවකාශ සෝපාන
අප මීට කලින් කතා කළ ආතර් සී. ක්ලාක් මහතාගේ පොතක ද අඩංගු වුණු අභ්‍යවකාශ සෝපානය මඟින් අභ්‍යවකාශය දක්වා විහිදෙන කේබල් භාවිත කරන අතර, එමඟින් භාණ්ඩ හා මගීන් අඛණ්ඩව ප්‍රවාහනය කිරීමට ඉඩ සලසනවා.
6. ස්වයංක්‍රීය අභ්‍යවකාශ යානය
ස්වාධීන තීරණ ගැනීමේ හැකියාව ඇති ස්වයංක්‍රීය අභ්‍යවකාශ යානා කෘත්‍රිම බුද්ධිය සහ රොබෝ තාක්ෂණයේ දියුණුවෙන් නිර්මාණය වනු ඇත.
අප අනාගතය දෙස බලන විට අභ්‍යවකාශ ගවේෂණ සඳහා ඇති හැකියාව අසීමිතයි. අඛණ්ඩ නවෝත්පාදනයන් සමඟින්, විශ්වයේ අබිරහස් අගුළු ඇරීමට ඇති හැකියාව සහ නව ගවේෂණ සහ සොයාගැනීම් මඟින් නව මිනිස් යුගයක් ආරම්භ කිරීමට ඇති හැකියාව මෙමඟින් අපි ඉගෙන ගනිමු.
රුසින් තත්සර
මොරටුව විශ්වවිද්‍යාලය