ආර්ථික කර්මාන්ත අතර ඉතා වැදගත් තැනක් නිෂ්පාදන කර්මාන්තවලට හිමි වේ. විවිධ ද්‍රව්‍ය උපයෝගී කරගනිමින් මිනිසා සතු ශිල්පීය
දක්ෂතා ඔප්නංවනු ලබයි. මැණික් කර්මාන්තය,කුඹල් කර්මාන්තය,ලෝහ කර්මාන්තය, පෙදරේරු කර්මාන්තය, ඉදල් කොසු කර්මාන්තය, වඩු කර්මාන්තය,කම්මල් කර්මාන්තය ආදී කර්මාන්ත රැසක් ශ්‍රී ලංකාවේ දැකගත හැකි ය. මෙවර මිහිර පෝස්ටරය සැකසෙන්නේ
ශ්‍රී ලංකාවේ කර්මාන්ත ඇසුරෙනි.
මැණික් කර්මාන්තය
අතීතයේ පටන් ශ්‍රී ලාංකේය මැණික් කර්මාන්තයට හිමිවන්නේ අද්විතීය ස්ථානයකි. බොහෝ විට මැණික් ඉල්ලම් දක්නට ලැබෙන්නේ ගංගා ආශ්‍රිතව ය. භූමි ප්‍රමාණයන් සමඟ සලකන විට මැණික් ඉල්ලම් සොයාගැනීමේ වැඩිම සම්භාවිතාවක් ඇත්තේ ශ්‍රී ලංකාවේ ය. විශාල වශයෙන් මැණික් ඉල්ලම් හමුවන මැණික් පුරය හෙවත් රත්නපුරයට එම නම පටබැ¼දී ඇත්තේ ද මැණික් ව්‍යාපාරය සඳහා මෙම ප්‍රදේශය දක්වන ප්‍රසිද්ධිය නිසා ය. අවිස්සාවේල්ල, බලන්ගොඩ, ඇහැළියගොඩ, ඇලහැර,හොරණ,මහනුවර, කතරගම,
මාතලේ , නිවිතිගල, නුවරඑළිය හා පොලොන්නරුව යන ප්‍රදේශවලින් ද
ශ්‍රී ලංකාවේ මැණික් හමු වේ. ශ්‍රී ලංකාවේ බහුලව හමුවන මැණික් වර්ග රාශියක් තිබේ. එනම් තරිප්පු, කණක, කුරුවින්ද, පළිඟු, කිරිංචි, පඩියං, තෝරමල්ලි හා ජාගුන් යන
මැණික් ය. ගිනිබොකු තෝර, කහ තරිප්පු, සිංහලයිට් සහ සෙරන්ඩිබයිට් යන මැණික්
ශ්‍රී ලංකාවේ විරලව හමුවන මැණික් වේ. දබරය, ඉල්ලම්කූර, නාම්බුව හා ඇදුම් උදැල්ල යන උපකරණ මැණික් කර්මාන්තයේදී භාවිත කරනු ලබයි.
කුඹල් කර්මාන්තය
ශ්‍රී ලංකාවේ ජීවත් වූ ආදි මානවයෝ දඩයම් යුගයෙන් පසුව ගෘහස්ත ගොවි යුගයකට සංක්‍රමණය වීමත් සමඟම මැටි නිෂ්පාදන සැකසීමට අවශ්‍ය පසුබිම සකසා ගත්හ. එකල ගංගා නිම්න ආශ්‍රිතව ජීවත් වුණු ජනයාට මැටි භාණ්ඩ නිෂ්පාදනය සඳහා අවශ්‍ය වූ අමුද්‍රව්‍ය පහසුවෙන්ම සොයාගැනීමට හැකි විය. කෑගල්ල, මාතර, ගම්පහ, ගාල්ල වැනි දිස්ත්‍රික්ක ආශ්‍රිතව වැඩි වශයෙන් කුඹල් කර්මාන්ත සිදු වේ. දේශීය කුඹල් කර්මාන්තයේදී කෙයොලින් මැටි හා රතු මැටි යන වර්ග දෙක භාවිත කරයි. මේ අතරින් කෙයොලින් මැටි, ජීර්ණය වුණු පෙල්ස්පාර් පොළොවේ තැන්පත් වීම මඟින් සෑදෙයි. සුදු පැහැති කෙයොලින් මැටි හැඳීන්වීම සඳහා ප්‍රාථමික මැටි, ශේෂ මැටි සහ, කිරි මැටි ආදී නම් ද භාවිත කරයි. සකපෝරුව , ජිගර් යන්ත්‍රය, පග්මීල් යන්ත්‍රය , බොල්මීල් යන්ත්‍රය, පිල්ටර් යන්ත්‍රය යන උපකරණ මැටි නිෂ්පාදන සෑදීම සඳහා යොදා ගනු ලබයි. ගෘහ උපකරණ, ගොඩනැඟිලි ද්‍රව්‍ය සහ කලාත්මක භාණ්ඩ මැටිවලින් නිර්මාණය කරනු ලබයි.
ධීවර කර්මාන්තය
ධීවර කර්මාන්තය ශ්‍රී ලංකාවේ කොරල්පර සහ ගල්පර ආදිය ඇතුළත් මහද්වීප තටකය ඇතුළත සහ වෙරළෙන් ඔබිබෙහි ගැඹුරු මුහුදේ සිදු කෙරේ. මෙයින් මහද්වීප තටකයේ මත්ස්‍ය කර්මාන්තයෙන් විවිධ ගල් මාළු වර්ග සහ ගල්පර ආශ්‍රිත ජීවත් වන කකුළුවා, ඉස්සා, පොකිරිස්සා, ආදී කවච මත්ස්‍යයන් සහ හුරුල්ලා, සාලයා, කුමිබලාවා, කාරල්ලා, පරවා, සුරාපරවා ආදී මසුන් අල්ලා ගනු ලැබේ. මසුන් ඇල්ලීම සඳහා බිලී පිත්ත, දැල සහ අතංගුව භාවිත කරනු ලබයි. ශ්‍රී ලංකාවේ ගොඩබිම ඇති වැවි අමුණු, ගංගා, සහ ඇළ දොළ ආදියෙහි මිරිදිය මත්ස්‍ය කර්මාන්තය (fresh water fishing) සිදු වේ. ලූලා, කාවයියා, මගුරා, ගං තෙලියා, පෙතියා, මරන්දා, ඉස්සා, ගොඩයා සහ කොරලියා දේශීය මත්ස්‍ය වර්ග වේ. ටේරීලර් සහ යාන්ත්‍රික බෝටිටුවලින් ඈත මුහුදට ගොස් කරන ගැඹුරු මුහුදේ මසුන් ඇල්ලීම සදහා දැල්, යොත් සහ කරමල් දැල් භාවිත කරයි. කෙලවල්ලා, බලයා ආදී කෙලවලු කුලයට (thunidae) අයත් මසුන් සහ තෝරා, මෝරා, කොප්පරා සහ තලපත් ආදී විශාල මත්ස්‍යයන් ඇල්ලීමේ යෙදෙන යාත්‍රා “බහුදින යාත්‍රා” නමින් හැඳින්වේ.
පෙදරේරු කර්මාන්තය
පෙදරේරු කර්මාන්තය යනු ගඩොල්,ගල් හෝ
ඒ හා සමාන ද්‍රව්‍ය සහිත ව්‍යුහයන් තැනීමේ ශිල්පයයි. කිරිගරුඬ, ග්‍රැනයිට් සහ හුණු ගල්, වාත්තු ගල්, කොන්ක්‍රීට් කුට්ටි, වීදුරු කුට්ටි සහ ගඩොල් වැනි දෑ පෙදරේරු කර්මාන්තයේදී යොදා ගනු ලබන ද්‍රව්‍ය වේ. පෙදරේරු ශිල්පය යනු ලෝකයේ පැරැණිතම ගොඩනැඟිලි ශිල්පයකි. පෙදරේරු ව්‍යුහාත්මක සහ ව්‍යුහාත්මක නොවන යනුවෙන් කොටස් දෙකකි. ව්‍යුහාත්මක යෙදුම්වලට බිත්ති, තීරු, බාල්ක, අත්තිවාරම්, බර දරණ ආරුක්කු ඇතුළත් වේ. ගිනි නිවන චිමිනි සහ වෙනිර් පද්ධති වැනි ව්‍යුහාත්මක නොවන යෙදුම්වල ද පෙදරේරු භාවිත වේ. සවල, උදැල්ල,සල්ලඩය, විල්බැරෝව, මේසන් හැන්ද, මුළු මට්ටම, මනිස් ලෑල්ල, මිනුම් පටිය, මට්ටම් ලීය, ලඹය, ඇලිස් කටුව හා පලංචිය වැනි උපකරණ භාවිත කරනු ලබයි.
ලෝහ කර්මාන්තය
ප්‍රාථමික ලෝහ කර්මාන්තය ප්‍රධාන වශයෙන් යකඩ, වානේ සහ අලුමිනියම් නිෂ්පාදනයෙන් සමන්විත වේ. තඹ, නිකල්, ඇලුමිනියම් සහ සින්ක් ශ්‍රී ලංකාවේ භාවිත වන වඩාත් ජනප්‍රිය මූලික ලෝහ වේ. ඇලුමිනියම් නිෂ්පාදන, ඊයම් මිශ්‍ර ලෝහ නිෂ්පාදන, යකඩ නිෂ්පාදන, තඹ නිෂ්පාදන ආදී දෑ ලෝහවලින් නිර්මාණය කරනු ලබයි. ලෝහ උණු කිරීම සඳහා භාවිත කරන ප්‍රධාන උපකරණ දෙක වන්නේ පිහාටු සහ ඌෂ්මකයි.
වඩු කර්මාන්තය
වඩු කර්මාන්තය යනු දක්ෂ වෙළඳාමක් වන අතර, එහි
මූලික කාර්යය වන්නේ ගොඩනැඟිලි, නැව්, දැව පාලම්, කොන්ක්‍රීට් ආකෘති ආදිය ඉදිකිරීමේදී ගොඩනැඟිලි ද්‍රව්‍ය කැපීම, හැඩගැන්වීමයි. ගෘහ භාණ්ඩ සැලසුම් කිරීම සහ ඉදිකිරීම, දොර ජනෙල් සවි කිරීම හෝ අලුත්වැඩියා කිරීම, බිම් මහල සවි කිරීම සහ අච්චු සවි කිරීම, අභිරුචි ලී වැඩ, පඩිපෙළ ඉදිකිරීම, ව්‍යුහාත්මක රාමු කිරීම, ලී ව්‍යුහය සහ ගෘහ භාණ්ඩ අලුත්වැඩියාව සහ ප්‍රතිසංස්කරණය වැනි විවිධ සේවාවන් වඩු කර්මාන්තය ආවරණය කරයි.කියත,බුරුමය,මිටිය,වරක්කලය,යතු කැටය,කැට යත්ත,නියන අතකොලුව,මුලු මට්ටම,මිණුම් පටිය,ඉස්කුරුප්පු නියන හා කරාමය ආදි උපකරණ භාවිත කරනු ලබයි.
පිත්තල කර්මාන්තය
පිත්තල කර්මාන්තය ශ්‍රී ලංකාවේ සිංහල හා දමිළ ජනතාව අතර ප්‍රචලිතව පවතින කලා කර්මාන්තයකි. පිත්තල භාණ්ඩ නිර්මාණය ශ්‍රී ලාංකිකයන් අතර වඩාත් ජනප්‍රියත්වයට පත්වන්නේ 18 වැනි
සියවසේදී ය. තඹ (Copper) හා තුත්තනාගම් ( Sinc )එකතුවෙන් පිත්තල නිෂ්පාදනය කරයි.පාරිභෝගික භාණ්ඩ, ගොඩනැඟිලි සහ ගෘහ භාණ්ඩ සඳහා භාවිත ද්‍රව්‍ය , ආගමික කටයුතුවලට අවශ්‍ය භාණ්ඩ, අලංකරණ භාණ්ඩ ආදිය පිත්තලවලින් නිර්මාණය කරයි. තලන වැඩ හා වාත්තු වැඩ යනුවෙන් ප්‍රධාන ක්‍රම දෙකක් යටතේ පිත්තල භාණ්ඩ නිර්මාණය වේ. තලන වැඩ (තහඩු වැඩ) යනු පිත්තල තහඩු භාවිතයෙන් කරනු ලබන භාණ්ඩ නිර්මාණ වේ.
වේවැල් කර්මාන්තය
ශ්‍රී ලංකාවේ ආදිවාසී ජනතාව බඹර කැපීම සඳහා අවශ්‍ය වුණු ඉණිමං සෑදීම සඳහා වේවැල් භාවිතකර ඇත. ශ්‍රී ලංකාවේ වේවැල් කර්මාන්තයේ නිරත වුණු පිරිසක් සිටි බව රොබට් නොක්ස් ඔහුගේ වාර්තාවල සඳහන්කර තිබේ.
වේවැල් භාණ්ඩ සෑදීම සඳහා කර්මාන්තයේ යෙදෙන්නන් වේවැල් භාණ්ඩ සෑදීම සඳහා විවිධ වේවැල් භාවිත කරනු ලබයි. වර්තමානයේ ප්‍රමාණවත් වේවැල් නොමැති නිසා මැලේසියාව, ඉන්දුනීසියාව, සිංගප්පූරුව වැනි රටවලින් ආනයනය කරනු ලබයි. වේවැල් නිෂ්පාදනය සඳහා හීන් වේවැල්, සුදු වේවැල්,
මා වේවැල්, කම්බොටු වේවැල්, එළ වේවැල්, මැලේසියා වේවැල් සහ කකුළු වේවැල් යොදා ගනු ලැබේ. වේවැල් ඇසුරින් ඉඳීආප්ප තට්ටු, පුටු වර්ග, වට්ටි, පෙට්ටි, කිරි ගොටු, කූඩ සහ විසිතුරු භාණ්ඩ වැනි දේ නිර්මාණය කරනු ලබයි. ඈත අතීතයේ වේවැල් කර්මාන්තකරුවන් අතර ජනප්‍රිය රටා වර්ග තිබී ඇත. මුද්ද රටාව, දැල් රටාව, කිරිබත් කැට රටාව, තෙත්තු රටාව, පිඹුර රටාව, කොයිල් රටාව හා ගස්ලබු රටාව ආදී රටා එම රටා වර්ග වේ.
ලුණු කර්මාන්තය
ලුණු යනු ප්‍රධාන වශයෙන්ම සෝඩියම් ක්ලෝරයිඩ්වලින් සමන්විත වුණු ඛනිජයකි. ලුණු දැමීමෙන් ආහාර කල්තබා ගත හැකි ය. මිනිස් පරිභෝජනය සඳහා භාවිත කරන ලුණු අපිරිසුදු ලුණු, පිරිසුදු ලුණු (මේස ලුණු) සහ අයඩීන් මිශ්‍රිත ලුණු ලෙස කොටස් තුනකින් සමන්විත වේ. මුහුදු ජලයෙන් හෝ පාෂාණ නිධිවලින් ලබාගන්නා සාමාන්‍ය ලුණු ස්ඵටික සුදු, ළා රෝස හෝ ළා අළු පැහැ ගනියි. ආහාරයට ගන්නා ලුණු ඒවායේ ඛනිජ අන්තර්ගතය නිසා අළු පැහැයකින් දිස්වෙයි.
කොසු ඉදල් කර්මාන්තය
කොසු ඉදල් කර්මාන්තය පොල් වගාව හොඳීන් කෙරීගෙන යන පළාත්වල සුලබ ය. බොහෝ කාන්තාවෝ මෙම කර්මාන්තය ග්‍රාමීය කර්මාන්තයක් ලෙස පවත්වාගෙන යති. ස්වයැං රැකියාවක් ලෙස මුදල් උත්පාදනය කළ හැකි මෙම කර්මාන්තය කොළඹ, හලාවත ප්‍රදේශවල ඉතා හොඳීන් කරගෙන යයි.
රන් රිදී කර්මාන්තය
රිදී යනු රසායනික මූලද්‍රවයකි. රිදී දිගු කලක් වටිනා ලෝහයක් ලෙස අගය කළ හැකි ය. මුදල් හා ආයෝජන මාධ්‍යයක් ලෙස හැරුණු විට රිදී සූර්ය පැනල, ස්වර්ණාභරණ, විසිතුරු භාණ්ඩ, ඉහළ
වටිනාකමකින් යුත් පිඟන් භාණ්ඩ සහ උපකරණ විදුලි සම්බන්ධතා සහ සන්නායකවල භාවිත වේ. රන් යනු කාසි, ස්වර්ණාභරණ සහ අනෙකුත් කලා කෘති සඳහා භාවිත කරන වටිනා ලෝහයකි.
කම්මල් කර්මාන්තය
පුරාණ කාලයේ මිනිසුන් ලෝහ භාවිත කරමින් ආයුධ සෑදීම කිරීමට පටන්
ගත් දා සිට කම්මල් කලාව වර්ධනය වී ඇති බව කියැ වේ. පුරාණ ජනයා යකඩ, ලෝකඩ, රත්රන් සහ වානේ වැනි නව ලෝහ සොයා ගත් අතර, ඒවායෙන් විවිධ දෑ නිර්මාණය කරන ලදි. කම්මලේ වැඩ කරන පුද්ගලයා කම්මල්කරු ලෙස හඳුන්වයි. මයිනහම, අඟුරු කොක්ක, ඩැහි අඬුව, කිණිහිර, මිටිය, කුළු ගෙඩිය, කපන කටුව, දඬු අඬුව, පීර වැනි ආයුධ කම්මල් කර්මාන්තයේදී යොදා ගනු ලැබේ. පිහි, කඩු, පොරොව, කිනිසි, දෑකැත්ත වැනි උපකරණ කම්මල් මඟින් සාදනු ලබයි.
චතුරි ලක්ෂිකා