Home » Blog » පුරාණ තාරකා විද්‍යා උපකරණ

පුරාණ තාරකා විද්‍යා උපකරණ

by lakehouse
0 comments

ආදරණීය දුවේ පුතේ, තාරකා විද්‍යාව (Astronomy) කියන්නෙ සරලව අහස හා එහි ඇති වස්තු, එනම් ග්‍රහ, තාරකා, සමූහ අධ්‍යයනය කිරීමයි. පුරාණ කාලයේ සිටම මිනිසුන්ට අහස ගැන විශාල උනන්දුවක් තිබුණා. ඒ සඳහා ඔවුන් විවිධ උපකරණ සහ ක්‍රම භාවිත කරමින් අහස අධ්‍යයනය කළා.

1. ඇස්ට්‍රොලෙබ් (Astrolabe)

ඇස්ට්‍රොලෙබ් යනු, අහසේ තාරකා සහ ග්‍රහකවල ස්ථාන පරීක්ෂා කිරීම සඳහා භාවිත කරන ලද උපකරණයකි. එය ලෝහයකින් හෝ දැවයෙන් සාදා තිබූ අතර, එය යොදාගෙන කාලය හා අක්ෂාංශය සොයාගන්නා ලදි.

2. සන්ඩයල් (Sundial)

සන්ඩයල් යනු, නිරීක්ෂණය පමණක් නොව කාලයත් මැනීමට භාවිත කරන ලද උපකරණයකි. (හිරු තැටිය ලෙස ද හඳුන්වයි).මෙහිදී, එළඹෙන සූර්ය එළියෙන් කාලය මැනීම හා සූර්ය කිරණ සෙවණැල්ලෙන් කාලය සටහන් කිරීම ද සිදු කරන ලදි.

3. කෝලාභ (Armillary Sphere)

කෝලාභ යනු, අහසේ පසුබැසීම් පිළිබඳ සිතියම් කිරීමට සහ ප්‍රාදේශීය තාරකා හා ග්‍රහකවල පිහිටීම සටහන් කිරීමට භාවිත කළ උපකරණයකි.

4. සෙක්ස්ටන් (Sextant)

සෙක්ස්ටන් යනු, ග්‍රහ, තාරකා, හෝ හිරුගේ කෝණමය ස්ථානය මැනීමට භාවිත කරන ලද උපකරණයකි. මෙය මුහුදු ගමන්කරුවන් සඳහා විශේෂයෙන් ප්‍රයෝජනවත් වූ අතර, එය නියමිත කාලයේදී ස්ථානය සොයා ගැනීමේදී මනා මාර්ගෝපදේශයක් විය.

5. ඩයොප්ට්‍රා (Dioptra)

ඩයොප්ට්‍රා යනු, පුරාණ යුගයේ භාවිත කරන ලද උපකරණයකි. එය අහසේ වස්තුවල කෝණ සහ අක්ෂාංශ කෝණ සඳහා මැනීමට සහ පරීක්ෂා කිරීමට යොදා ගනු ලැබිණි.

මෙම උපකරණ පිළිබඳ දැන ගැනීමෙන්, පුරාණ මිනිසුන්ට අහසෙහි සිදුවීම් හඳුනාගැනීමට සහ අනාගතයේදී අහසේ සිදුවීම් පිළිබඳ වැඩි දැනුමක් ලබාගැනීමට භාවිත කළ ආකාරය ගැන සරල අදහසක් ඔයාලට ගන්න පුළුවන්.

රුසින් තත්සර

මොරටුව විශ්වවිද්‍යාලය

 

 


You may also like

Leave a Comment

1964 වසේ ජූලි 27 වනදා ආරම්භ කල මිහිර පුවත්පත ජාතියේ දූ පුතුන්ගේ දැනුම් තක්සලාව ලෙසින් බොහෝ කාලයක් පුරාවට ලාංකීය දූ පුතුන්ට දැනුම ලබා දෙන පුවත්පතකි.

පත්තර මහගෙදර ලේක්හවුස් පවුලේ ප්‍රකාශනයක් ලෙසින් මිහිර පුවත්පත ඔබ වෙතට පත්වේ.

All Right Reserved @2024. Designed and Developed by Lakehouse IT Department