Home ඉතිහාසය එළාර රජතුමා

එළාර රජතුමා

by lakehouse
0 comment

දේවානම්පියතිස්ස රජතුමාගෙන් පසු ඔහුගේ සොහොයුරු උත්තිය අනුරාධපුර පාලකයා ලෙස තේරී පත් වුණා. ඊට පසු දේවානම්පියතිස්ස රජතුමාගේ දෙවැනි සොහොයුරු මහා සිව රජතුමා රජ වුණා. මහා සිවගෙන් පසු සූරතිස්ස රජතුමා පත් වුණා. ඊට පසු දකුණු ඉන්දියාවෙන් පැමිණි සේන සහ ගුත්තික දෙදෙනා අනුරාධපුර රාජධානිය කරගෙන රජවරු බවට පත් වුණා. ඊට පසු දේවානම්පියතිස්සගේ බාල සොයුරු අසේල රජතුමා රජ බවට පත් වුණා. එයින් පසු ඔහුගෙන් රාජධානිය පැහැරගෙන එළාර රජතුමා රජ බවට පත් වුණා. මෙතුමා සොළී දේශයෙන් පැමිණි රජ කෙනෙකි.

ඔහු වසර 44ක් මෙරට රාජ්‍ය පාලනය කළ බව ඉතිහාසයේ සඳහන් වේ. රටේ සෑම දෙනාටම සමානව සැලකූ එතුමා සෑම විටම රටට යහපත කිරීමට උත්සාහ කළේ ය. ආගන්තුක සත්කාර මෙන්ම තමාගේ සතුරාට පවා යුක්තිය ඉටු කිරීමට කටයුතු කළේ ය. රජතුමාට කිසියම් පැමිණිල්ලක් රටවැසියකු ගෙන ආ විට හැඬවීම සඳහා සීනුවක් තිබිණි. එක් අවස්ථාවක එළදෙනකුගේ පැටියකු රජතුමාගේ පුතාගේ රියට හසුවී මිය ගියේ ය. මේ බව දැනුම් දීම සඳහා එළදෙන විත් ඒ සීනුව හැඬවී ය. මේ අවස්ථාවේ එළාර රජතුමා එළදෙනට වූ අසාධාරණය අසා තමන්ගේ පුතාට දඬුවම් කළේ ය. මේ එක් සිදුවීමක් විතරයි. මෙවැනි සාධාරණකම් රැසක් එළාර රජතුමා ඉටු කළේ ය.

 

නදී

 


You may also like

Leave a Comment

1964 වසේ ජූලි 27 වනදා ආරම්භ කල මිහිර පුවත්පත ජාතියේ දූ පුතුන්ගේ දැනුම් තක්සලාව ලෙසින් බොහෝ කාලයක් පුරාවට ලාංකීය දූ පුතුන්ට දැනුම ලබා දෙන පුවත්පතකි.

පත්තර මහගෙදර ලේක්හවුස් පවුලේ ප්‍රකාශනයක් ලෙසින් මිහිර පුවත්පත ඔබ වෙතට පත්වේ.

All Right Reserved @2024. Designed and Developed by Lakehouse IT Department