Bwindi ජාතික වනෝද්‍යානය නිරිතදිග උගන්ඩාවේ පිහිටා ඇත. මෙම වනෝද්‍යානය කොංගෝ දේශසීමාවේ Virunga ජාතික වනෝද්‍යානයට යාබදව සහ ඇල්බර්ටයින් රිෆ්ට් අද්දර පිහිටා ඇත. වර්ග සැතපුම් 124ක් පමණ කඳුකර සහ පහත්බිම් වනාන්තර දෙකකින් යුක්ත වේ. මෙම වනෝද්‍යානය නැරැඹීමට පයින් පමණක් ගමන් කළ යුතු වේ. එය යුනෙස්කෝ සංවිධානය විසින් නම් කරන ලද ලෝක උරුම අඩවියකි. වර්ෂ 1964 දී මෙම වනෝද්‍යානය සත්ත්ව අභයභූමියක් ලෙස නම් කරන ලදි. එහි කඳුකර ගෝරිල්ලන්ට අමතර ආරක්ෂාවක් සපයන ලදි. මෙය අපරාජිත මධ්‍යම වන රක්ෂිතය ලෙස නම් කර ඇත. ඉතින් මේ සූදානම Bwindi නොපෙනෙන ජාතික වනෝද්‍යානය පිළිබඳ තොරතුරු පුංචි දූලා පුතාලට කියලා දෙන්නයි.
මෙම වනෝද්‍යානයේ ක්ෂීරපායී සත්ත්ව විශේෂ 120ක් , පක්ෂි විශේෂ 350ක්, සමනල විශේෂ 310ක් , ගෙඹි විශේෂ 27ක් පමණ ජීවත් වෙති.
කටුසු වර්ග, හූනන් සහ වඳවීමේ තර්ජනයට ලක්ව ඇති බොහෝ සත්ත්ව විශේෂ සඳහා මෙම වනෝද්‍යානය වාසස්ථාන සපයයි. මෙම වනෝද්‍යානය කොලබස් වඳුරන් , චිම්පන්සියන් සහ ටුරාකෝස් වැනි බොහෝ පක්ෂීන් සඳහා අභය භූමියකි . ක්ෂීරපායි සතුන්වන වන අලි ඇත්තු ද මෙහි සිටිති . කඳුකර ගෝරිල්ලන් වනාන්තරයේ නිරන්තරයෙන් දක්නට ලැබේ. චිම්පන්සියන් , නිල් වඳුරන් , කඳුකර වඳුරන් , රතු වලිග සහිත වඳුරන් , vervet වඳුරන් සහ කළු-සුදු කොලබස් වඳුරන්, giant forest hog මෙම වනෝද්‍යානයේ ජීවත් වෙති .The regal sunbird,Black billed turaco,Black bee eater, African green broadbill ,Kivu ground thrush, Montane oriole වැනි කුරුලු විශේෂ දCream banded swallow tail සමනලයන් ද මෙහි දැකගත හැකි ය.
කඩවසම් ෆ්‍රැන්කොලින් , අප්‍රිකානු කළු තාරාවෝ ද මෙහි සිටිති.
මෙම වනෝද්‍යානයේ ගස් විශේෂ 200ක් පමණ සහ මීවන ශාක විශේෂ 104ක් සහ සපුෂ්ප ශාක විශේෂ 1,000කට වඩා ඇත. උතුරු අංශයේ වඳවීමේ තර්ජනයට ලක්ව ඇති අප්‍රිකානු දුඹුරු මැහෝගනී සහ බ්‍රසීයා ලෝන්ගිපෙඩිලියාටා ඇතුළු ගිනියෝ-කොංගෝලියානු ශාක විශේෂ බොහොමයක් මෙම වනෝද්‍යානයේ දක්නට ලැබේ.
ඕඹඪදඤඪ වනෝද්‍යානයේ නිවර්තන දේශගුණයක් ඇත. මෙහි වාර්ෂික මධ්‍යස්ථ උෂ්ණත්වය අවම වශයෙන් සෙල්සියස් අංශක 7 සිට සෙල්සියස් අංශක 15 දක්වා වේ. මෙම වනෝද්‍යානයේ උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 20 සිට 27 දක්වා දක්වා පරාසයක පවතී. එහි වාර්ෂික වර්ෂාපතනය මිලිමීටර් 1,400 සිට 1,900 පමණ වේ.
උපරිම වර්ෂාපතනය මාර්තු සිට අප්‍රේල් දක්වා සහ සැප්තැම්බර් සිට නොවැම්බර් දක්වා සිදු වේ. වනාන්තරයේ වෘක්ෂලතා ආදියෙන් ලැබෙන අධික වාෂ්පීකරණ ප්‍රමාණය උද්‍යානයෙන් පිටත කලාපයට ලැබෙන වර්ෂාපතනය වැඩි කරයි. එය නිරිතදිග උගන්ඩාවේ බරපතළ ගැටලුවක් වන පාංශු ඛාදනය ද අඩු කරයි. එය ගංවතුර අඩු කරන අතර, වියළි කාලවලදී ඇළදොළ දිගටම ගලා යෑම සිදු කරයි.
මෙම වනෝද්‍යානයේ කිගේසි උස්බිම්වල උසම කොටස් බටහිර රිෆ්ට් නිම්නයේ පිහිටා ඇත. ඒවා බටහිර රිෆ්ට් නිම්නය ඉහළට නැමීමෙන් නිර්මාණය විය. එහි භූ විෂමතාව ඉතා රළුවන අතර, පටු ගංගා නිම්න සහ කඳු බෑවුම්වලින් සමන්විත වේ. වනෝද්‍යානයේ උන්නතාංශයන් මුහුදු මට්ටමේ සිට මීටර් 1,190 සිට 2,607ක් පමණ පරාසයක පවතී. උසම උන්නතාංශය වන්නේ වනෝද්‍යානයේ නැඟෙනහිර මායිමේ පිහිටි Rwamunyonyi කන්දයි. වනෝද්‍යානයේ පහළම කොටස එහි උතුරු කෙළවරේ පිහිටා ඇත.
මෙම වනෝද්‍යානය ජල පෝෂකවලින් යුක්ත වේ. වනෝද්‍යානයට ලැබෙන වර්ෂාපතනයෙන් ඇළදොළ සාදයි. උතුරට, බටහිරට සහ දකුණට ගලා බසින බොහෝ ගංගාවල උල්පත වනාන්තරයයි. වනෝද්‍යානයෙන් නැඟී එන ප්‍රධාන ගංගා අතරට එඩ්වඩ් විල වෙත ගලා යන Ivy, Munyaga , Ihihizo , Ishasha Ntengyere ගංගා ඇතුළත් වේ . අනෙකුත් ගංගා ගලා බසින්නේ මුතාන්ඩා සහ බුනියෝනි විල්වලට ය . Bwindi වනෝද්‍යානය ප්‍රාදේශීය කෘෂිකාර්මික ප්‍රදේශවලට ජලය සපයයි.
චතුරි ලක්ෂිකා