Home » Blog » පෘථිවියට සමාන වූ ග්‍රහයන්

පෘථිවියට සමාන වූ ග්‍රහයන්

තරු විදු නෙත

by lakehouse
0 comment

ආදරණීය දුවේ පුතේ, අපි කලින් ලිපිවල කතා කළා මිනිස් ජනාවාස වෙනත් ග්‍රහලෝකවල පිහිටන්න තිබෙන හැකියාව හා පිටසක්වළ ජීවය ගැන. ඉතින් මෑත කාලීනව සොයා ගත් නව පෘථිවියට සමාන ග්‍රහ ලෝක හරහා ඒ පිළිබඳ තවත් අපට ඉගෙන ගන්න අවස්ථාව සෑදිලා තියෙනවා. අපගේ විශාල විශ්වයේ පෘථිවියට සමාන තවත් ග්‍රහයන් කිහිපයක් සොයා ගෙන ඇත. විද්‍යාඥයන් පවසන පරිදි, මෙම නව ග්‍රහයන්ගේ අපගේ පෘථිවියට සමාන ලක්ෂණ පවතියි. එයින් එකක් “කෙප්ලර්-452 බී” ලෙස ද, අනෙක් ග්‍රහයා ග්ලීස් 12බී ලෙස ද නම්කර ඇත.

 

කෙප්ලර්-452බී ග්‍රහයා ගැන

පිහිටීම:

කෙප්ලර්-452බී ග්‍රහයා පෘථිවියේ සිට ආලෝක වර්ෂ 1,400ක් දුරින් පිහිටා ඇත.

ප්‍රමාණය:

මෙම ග්‍රහයා පෘථිවියට වඩා ටිකක් විශාල ය. ඒ කියන්නේ එහි විශාලත්වය පෘථිවියට වඩා 60%කින් වැඩි වේ.

පෘථිවියට සමානත්වය

කෙප්ලර්:

452බී ග්‍රහලෝකයේ පෘථිවිය මෙන්ම දියර ජලය ඇතිවිය හැකි බව විද්‍යාඥයෝ සිතති.

ආවරණය:

මෙම ග්‍රහ ලෝකයේ වායුගෝලය පෘථිවියේ වායුගෝලයට සමාන බවට අදහස් කරයි.

ජීවය:

ග්‍රහයාගේ වායුගෝලය සහ උෂ්ණත්වය පෘථිවියේ වායුගෝලයට සමීප බැවින්, එහි ජීවය පැවැත්මට අවස්ථාවක් තිබේ.

අනාගතය

මෙම සොයා ගැනීම, අනාගතයේදී අලුත් ජීව පද්ධති හඳුනා ගැනීමට සහ ජීව පැවැත්ම සඳහා වෙනත් ස්ථාන සොයා ගැනීමට විශාල හැරවුමක් ලෙස හඳුනාගෙන ඇත. විද්‍යාඥයෝ මේ ග්‍රහයා පිළිබඳ වැඩිදුරටත් අධ්‍යයනය කරමින් සිටිති.

ග්ලීස් 12බී ග්‍රහයා ගැන

විද්‍යාඥයන්ගේ මෙහෙයුමකින් හඳුනා ගත් මෙම නව ග්‍රහයා “ග්ලීස් 12බී” ලෙස හැඳීන්වේ.

ග්ලීස් 12බී ගැන

* පිහිටීම

ග්ලීස් 12බී ග්‍රහයා පෘථිවිය සිට ආලෝක වර්ෂ 20ක් දුරින් පිහිටා ඇත.

* ප්‍රමාණය

ග්ලීස් 12බී ග්‍රහයා පෘථිවියට වඩා ටිකක් විශාල ය. එහි විශාලත්වය පෘථිවියට වඩා 10%කින් වැඩි ය.

පෘථිවියට සමානත්වය

ග්ලීස් 12බී ග්‍රහ ලෝකයේ පෘථිවිය මෙන්ම දියර ජලය ඇති විය හැකි බව විද්‍යාඥයෝ සිතති. අනෙක් ග්‍රහයාගේ මෙන් මෙහිද පහත සඳහන් විශේෂත්ව තිබේ.

* ආවරණය

මෙම ග්‍රහලෝකයේ වායුගෝලය පෘථිවියේ වායුගෝලයට සමාන බවට අදහස් කරයි.

* ජීවය

ග්‍රහලෝකයේ වායුගෝලය සහ උෂ්ණත්වය පෘථිවියේ වායුගෝලයට සමීප බැවින්, එහි ජීවය පැවැත්මට අවස්ථාවක් තිබේ.

රුසින් තත්සර

මොරටුව විශ්වවිද්‍යාලය

 


You may also like

Leave a Comment

1964 වසේ ජූලි 27 වනදා ආරම්භ කල මිහිර පුවත්පත ජාතියේ දූ පුතුන්ගේ දැනුම් තක්සලාව ලෙසින් බොහෝ කාලයක් පුරාවට ලාංකීය දූ පුතුන්ට දැනුම ලබා දෙන පුවත්පතකි.

පත්තර මහගෙදර ලේක්හවුස් පවුලේ ප්‍රකාශනයක් ලෙසින් මිහිර පුවත්පත ඔබ වෙතට පත්වේ.

All Right Reserved @2024. Designed and Developed by Lakehouse IT Department