හර්ෂි නැන්දේ,
මම ටොෆීවලිනුයි චොකලට්වලිනුයි රොකට් එකක් හැදුවා. ඔයා එනවාද ඒකෙ නැඟලා මාත් එක්ක හඳට යන්න?
රෙසඳී මිධූෂා
5 ශ්‍රේණිය C
පො/දිඹු/අරල/විලයාය ප්‍රාථමික විද්‍යාලය, පොලොන්නරුව
එනවා එනවා
-හර්ෂි නැන්දා
************
දැනුමෙන් පිරිපුන් හර්ෂි නැන්දේ,
අපේ රටේ රජකළ දක්ෂ වෛද්‍යවරයකු වූ ශ්‍රේෂ්ඨ රජතුමා කවුද?
අධීශ මන්දාර සංකල්පන
8 ශ්‍රේණිය L
පො/රාජකීය මධ්‍ය මහා විද්‍යාලය, පොලොන්නරුව
බුද්ධදාස රජතුමා
-හර්ෂි නැන්දා
************
සින්ඩරෙල්ලා වැනි හර්ෂි නැන්දේ,
මට හොඳම යාළුවෝ ගොඩක් ඉන්නවා. ඉස්කෝලේ හොඳම යාළුවා ගැන ලියන්න දුන්නොත් මම ලියන්නේ තේජානි, ප්රභානි, දැහැමි, කාවිශ්යා, කෙනුදි, මනුදි, චතුමි, නේතුකි, ඔනාරා, දිනුලි, අමායා, රනුමි මේ අයගෙන් කවුරු ගැනද?
අකේෂි අක්ෂරී
5 ශ්‍රේණිය B
බප/ජය/ශ්‍රී සුබෝධි කනිෂ්ට විද්‍යාලය
කෙනුදි ගැන නේද?
-හර්ෂි නැන්දා
************
ආදරණීය හර්ෂි නැන්දේ,
මම කැමැතියි මිහිර පත්තරේට විශේෂාංගයක් ලියන්න. ඒකට ගැළපෙන නමක් කියන්නකෝ
සඳුන් දෙවනගල
7 ශ්‍රේණිය
කෑ/ස්වර්ණ ජයන්ති ජාතික පාසල, කෑගල්ල
‘පුංචි පන්හිඳ’ වගේ නමක් හොඳයි ද?
-හර්ෂි නැන්දා
ඔබේ පැන එවිය යුතු ලිපිනය –
හර්ෂි නැන්දාගෙන් අහන්න.
මිහිර කර්තෘ මණ්ඩලය, ලේක්හවුස්, කොළඹ 10
දුවේ පුතේ හර්ෂි නැන්දා විශේෂාංගය වෙත එවන නිර්මාණ [email protected] යන විද්‍යුත් ලිපිනය ඔස්සේ ද අප වෙත යොමු කළ හැකි ය.