Home » Blog »  පුංචි ඔබේ දැනුම පොතට

 පුංචි ඔබේ දැනුම පොතට

by lakehouse
0 comments

 

දේශීය

*
ශ්‍රී ලංකාවේ ප්‍රධාන සානු සහ ඒවායේ උස කොපමණද?

*
මහවැලි ගඟ, මල්වතු ඔය , මැණික් ගඟ යන ගංගා අතීතයේ හැඳීන්වූයේ කුමන නම්වලින් ද?

*
ගම්පොළ රාජධානියේ ආරම්භක රජතුමා කවුද?

*
ත්‍රිකුණාමලය අතීතයේ හැඳීන්වූයේ කුමන නමින් ද?

*
ශ්‍රී ලංකාවට ප්‍රථම වරට පෘතුගීසීන් පැමිණයේ කුමන වර්ෂයේදී ද?

*
කලා වැව ඉදි කරනු ලැබුවේ කුමන ඔය ආශ්‍රිතව ද?

*
කඩුගන්නාවේ පිහිටුවා ඇති කුලුන ඉදි කළේ කවුරුන් සිහි කිරීමට ද? *
ශ්‍රී ලංකාවේ මුල්ම ඉංග්‍රීසි ආණ්ඩුකාරවරයා කවුද?

*
කෝට්ටේ නගරය ප්‍රථම වරට අගනුවර කරගත් රජු කවුද?

*
ශ්‍රී ලංකාවේ අවසාන ලන්දේසි ආණ්ඩුකාරවරයා කවුද?

*
ශ්‍රී ලංකාවේ ප්‍රසිද්ධ බෞද්ධ උත්සව තුන කුමක්ද?

*
ශ්‍රී ලංකාවට දළදා වහන්සේ වැඩම කළේ කවුරුන් විසින්ද?

*
ශ්‍රී ලංකාවේ සිටි දක්ෂ වෛද්‍යවරයකු වූ රජතුමා කවුද?

*
සීගිරිය කළ රජතුමාගේ නම කුමක්ද?

 

විද්‍යාත්මක තොරතුරු

*
රසදිය මත යකඩ පාවෙන්නේ ඇයි?

*
පොල්, පුවක්, තල්, කිතුල්, ආදී තාල වර්ගයේ ගස් කෙළින් වැඩෙන්නේ ඇයි?

*
ආහාර වැඩියෙන් ගත් විට නිදිමත දැනෙන්නේ ඇයි?

*
ඇතැම් අවස්ථාවල ජලයෙහි කිවුල් රසය ඇති වන්නේ ඇයි?

*
රෙදි පුස්කන්නේ ඇයි?

*
පලතුරු ඉදුණු විට පැණි රස වන්නේ ඇයි?

*
රාත්‍රියට මල් බඳුන් පැළෑටි වර්ග ආදිය ගෙයි ඇතුළත තබා නොගත යුත්තේ ඇයි?

විවිධ සොයා ගැනීම

*
ගුවන් යානය නිපදවූයේ කවුද?

*
විදුලි ජනන යන්ත්‍රයේ නිෂ්පාදකයා කවුද?

*
කැමරාව සෑදුවේ කවුද?

*
මහන මැෂිම නිපදවූයේ කවුද?

*
මුද්‍රණ යන්ත්‍රයේ නිර්මාතෘවරයා කවුද?

*
මාලිමා යන්ත්‍රය නිෂ්පාදනය කළේ කවුද?

*
ප්‍රථම මෝටර් සයිකලය නිපදවූයේ කවුද?

 

විදෙස් තොරතුරු

*
ලොව විශාල වශයෙන් තේ අපනයනය කරන රට කුමක්ද?

*
ලොව වන විනාශ වැඩියෙන්ම සිදුවී ඇති රට කුමක්ද?

*
ලොව වැඩිම සංක්‍රමණික ජනගහන සිදුවී ඇති රට කුමක්ද?

*
ලොව ජනාකීර්ණ අගනුවර කුමක් ද?

*
ලොවට ප්‍රථමයෙන් වැට්බද්ද හඳුන්වා

දුන් රට වනුයේ කුමක්ද?

*
ලොව වැඩිම ආයු කාලයක් ඇති ජනතාව වෙසෙන රට කුමක්ද?

*
ලොව වැඩිම ජනගහනයක් වෙසෙන කාන්තාරය කුමක්ද?

*
ලොව කපු නිපදවන රට කුමක්ද?

*
ලොව ප්‍රථමවරට කාන්තාවන්ට ඡන්ද බලය ලබා දුන් රට කුමක්ද?

*
ලොව වැඩිම විශ්වවිද්‍යාල ගණනක් ඇත්තේ කුමන රටේද?

*
ලොව භයානකම වසංගතය වන්නේ කුමක්ද?

*
වයින් නිෂ්පාදනය කෙරෙන විශාලම රට කුමක්ද?

*
වැඩිම මුස්ලිම් ජනගහනයක් වෙසෙන රට කුමක්ද?

*
ලොව දිගම කඳු පන්තිය මොකක්ද?

*
ලොව කුඩාම රට වනුයේ කුමක්ද?

*
සඳ මතට යානාවක් යැවූ ප්‍රථම රට කුමක්ද?

*
ලොව විශාලතම මුඩුක්කු ප්‍රදේශය පිහිටි රට කුමක්ද?

*
ස්වාභාවික හා විශාලත්වයෙන් යුක්ත පාලම පිහිටියේ කොහිද?

*
ලොව විශාලතම ගුවන් තොටුපළ කුමක්ද?

*
ලොව වැඩියෙන්ම තේ නිෂ්පාදනය කළ රට කුමක් ද?

*
ලොව හුදකලාම ස්ථානය කුමක්ද?

*
ලොව විශාල නගරය කුමක්ද?

*
ලොව විශාලම අර්ධද්වීපය කුමක්ද?

*
ලොව දිගම ඇළ කුමක් ද?

*
ලොව විශාලම මහද්වීපය කුමක්ද?

*
ලොව කුඩාම ගඟ කුමක්ද?

*
ලොව විශාලතම කෞතුකාගාරය කුමක්ද?

*
ලොව විශාලතම මිරිදිය විල කුමක්ද?

*
ලොව විශාලතම කරදිය විල කුමක්ද?

*
ලොව විශාලතම පුස්තකාලය වන්නෙ කුමක්ද?

*
ලොව උසම දේශයක ඇති උසම නගරය පිළිවෙළින්.

*
ලොව මුළුමනින්ම හිමෙන් වැසී ඇති මහද්වීපය කුමක්ද?

*
ලොව දිගම දුම්රිය මාර්ගය වනුයේ කුමක්ද?

*
ලොව විශාලතම ඉදිකිරීම කුමක්ද?

*
ලොව ගැඹුරුතම විල කුමක්ද?

*
ලොව උසම දියඇල්ල කුමක්ද?

*
විශාලතම දූපත කුමක් ද?

*
ලොව විශාලතම දෙවිමැදුර කුමක්ද?

*
ලොව විශාලතම පන්සල කුමක්ද?

*
බරින් වැඩි, මොළය ඇති සත්ත්වයා කවුද?

*
විශාලම සත්ත්වයා කවුද?

*
ලොව විශාලම බිත්තර දමන සත්ත්වයන් කවුරුද?

*
ලොව දිගම, එල්ලෙන පාලම කුමක්ද?

*
ලොව විශාලතම ආකරය කුමක්ද?

*
ලොව වැඩිම ආයුෂ ගණනක් ඇති සත්ත්වයා කවුද?

*
ලොව බිහිසුණු මිරිදිය මාළුවා නම් කරන්න

*
ලොව පැරැණිතම කෞතුකාගාරය කුමක්ද?

*
ලොව පළමු මුදල් නෝට්ටුව නිපදවූ රට කුමක්ද?

*
ශ්‍රී ලංකාවේ හැඩයට සමාන හැඩයක් ඇති දූපත කුමක්ද?

*
උසම සත්ත්වයා කවුද?

*
ලෝකයේ ප්‍රථම නවකතාව කුමක්ද?

*
ලොව ප්‍රථම කාටුන් චිත්‍රපටයේ නිර්මාතෘවරයා කවුද?

*
ලොව පළමු මහජන චිත්‍රපටයේ නිර්මාතෘවරයා කවුද?

*
ලොව පළමු කතානාද චිත්‍රපටියෙ නිර්මාතෘවරයා කවුද?

*
ලොව ප්‍රථමයෙන් විද්‍යා කතා ලිවීම ආරම්භ කළ

ලේඛකයා කවුද?

*
ලොව මුල්ම පාපන්දු කුසලානය දිනූ රට කුමක්ද?

*
ලොව පළමුවෙන් පොත් මුද්‍රණය කළ රට කුමක්ද?

*
ලොව ප්‍රථමයෙන් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සම්පාදනය

කළ රට කුමක්ද?

*
ලොව වැඩිම සිරකරුවන් සිටින රට කුමක්ද?

*
චීන මහා ප්‍රාකාරය සෑදුවේ කවදාද?

*
අන්තර්ජාතික කෞතුකාගාර දිනය කවදාද?

*
පළමු ලෝක යුද්ධය ආරම්භ වූයේ කවදාද?

*
ලෝක මිහිකත දිනය කවදාද?

*
ලෝක බාලදක්ෂ දිනය කවදාද?

——————–

දේශීය

හැටන් සානුව 900-1500 අතර,වැලිමඩ සානුව-900-1000 අතර,මහනුවර සානුව 600-900 අතර, මහවලතැන් සානුව 300-900 අතර, කොස් ලන්ද සානුව 300-900 අතර, මහාවාලුකා නදිය, කදම්බ නදිය, කප්පකන්දර නදිය, හතරවැනි බුවනෙක බාහු රජතුමා, ගෝකණ්ණ, වර්ෂ 1505 දී ය., කලා වැව ඉදි කරනු ලැබුවේ කලා වැව ආශ්‍රිතවයි., කැප්ටන් ඩෝසන්, ෆ්‍රෙඩ්රික් නෝතර්, හයවැනි පරාක්‍රමබාහු, ජොහාන්වැන් අන්ගේල්බික්

විද්‍යාත්මක තොරතුරු

*
යකඩවල ඝනත්වයට වඩා රසදියවල ඝනත්වය වැඩි නිසායි, *
ඒවා අග්‍රස්ථ අංකුර සහිත ශාක නිසායි. මේවායේ අතු බෙදීමක් නැත. *
ආහාර ජීරණයට හා ආහාර සාරය සිරුරට උරා ගැනීම සඳහා ශක්තිය ලබා දීමට ආහාර ජීර්ණ පද්ධතිය කරා වැඩිපුර රුධිරය සැපයෙනවා. එවිට මොළය කරා යන රුධිර ප්‍රමාණය අඩු වීම නිසා නිදිමත ගතිය ඇති වේ. *
ලවණ ගතිය වැඩිපුර ඇති පස සහිත පොළොවේ ජලයට ලවණ හා හුනු දියවීම නිසා කිවුල ඇති වේ. *
රෙදි තෙත පිටින් කිහිප දිනක් තැබූ විට ඒ මත දිලීර වර්ධනය වේ. පුස්කෑම යනුවෙන් මෙය හැඳීන් වේ *
අමු පලතුරු පිෂ්ටයෙන් යුක්ත ය. එය ඉදෙන විට ශර්කරා බවට පත්වෙයි. මේ නිසා පැණි රස ඇති වේ, *
සියලුම ශාක රාත්‍රී කාලයට කාබන්ඩයොක්සයිඩ් පිටකරනවා. එය ශරීරයට අහිතකරයි. මේ නිසා රාත්‍රියට ශාක නිවෙස් ඇතුළේ තබා නොගනියි.

විවිධ සොයා ගැනීම

විල්බට් රයිට් සහ ඕවිල් රයිට්, තෝමස් අල්වා එඩිසන්, ප්‍රංශ ජාතික ජෝසප් හෙප්සි, අමෙරිකානු ජාතික අයිසෙන් සිංගර්, ජොහැන්ස් ගුටෙන් බර්ග්, ඉතාලි ජාතික පිලෝවියා, එඩ්වඩ් බට්ලර්

විදෙස් තොරතුරු

කෙන්යාව ,ඉන්දුනීසියාව, අමෙරිකා එ. ජනපදය, ජපානයේ ටෝකියෝ අගනුවරයි, ප්‍රංශය, මොනාකො, තාර් කාන්තාරය, චීනය, නවසීලන්තය, ඉන්දියාවෙහිය, මහාමාරිය හෙවත් කළුමරන වසංගතයයි , ප්‍රංශයයි, ඉන්දුනීසියාව,දකුණු අමෙරිකාවේ අන්දීස් කඳු පන්තියයි ,වතිකානය, අමෙරිකා එ. ජනපදය,මෙක්සිකෝව, චීනයේ ෂියන්රෙන් ක්වාඕ පාලමයි, “කින්ග් කලිඩ්” ගුවන් තොටුපළේ. ඉදිකළේ සවුදි ආරාබිය, චීනය, දකුණු අත්ලාන්තික්හි බුවෙට් දිවයිනය, චීනයේ ෂැන්හයි, අරාබි අර්ධද්වීපය, චීනයේ ග්‍රැන්ඩ්ඩි කැනල් , ආසියා මහාද්වීපය, රෝයි මොන්ටානා, ස්වාභාවික ඉතිහාසය පිළිබඳ අමෙරිකානු කෞතුකාගාරය, සුපීරියර් විල , කැස්පියන් මුහුද, ලෙනින් පුස්තකාලය මොස්කව්, දේශය ටිබෙට් දේශය. නගරය – ටිබෙට් ජියාචාන් නාගරයයි, ඇන්ටාක්ටිකා මහද්වීපය, ට්‍රාන්ස් සයිබීරියන්, ගීසාහි පිරමීඩය, බයිකල් විල, ඒන්ජල් දියඇල්ල, ගී‍්‍රන්ලන්තය, රෝමයේ ශාන්ත පීතර දෙවි මැදුර, ඉන්දුනීසියාවේ බෝරෝබුදූර්, තල්මසා, නිල් තල්මසා, තල්මස් මෝරා, එස්චුවරිය – බ්‍රිතාන්‍යයේ, දකුණු අපි‍්‍රකාවේ පිහිටා ඇත, ඉබ්බා, අයිස්හොකී, පීරන්හා, ඇෂිමොලීන්, චීනය, කෙනාවා දූපත, ජිරාෆ්, 11 වැනි සියවසේ ජපානයේ මුරසාකි ශිකුබු විසින් රචිත “ඊඩඥ බචතඥ ධට ඨඥදණඪ” , වෝල්ට් ඩිස්නි , ලුමියර් සහෝදරයෝ, අමෙරිකානු ජාතික “ලී.ඩී. වොරන්ඩ්”, “ජූල්ස්වර්න්”, උරුගුවේ, චීනය, අමෙරිකා එක්සත්ජනපදය, අමෙරිකා එ. ජනපදය, ක්‍රි.පූ. 214, මැයි 18, වර්ෂ 191, අපේ‍්‍රල් 22, පෙබරවාරි 22

නෙමිඳු යෂේන් අබේරත්න


You may also like

Leave a Comment

1964 වසේ ජූලි 27 වනදා ආරම්භ කල මිහිර පුවත්පත ජාතියේ දූ පුතුන්ගේ දැනුම් තක්සලාව ලෙසින් බොහෝ කාලයක් පුරාවට ලාංකීය දූ පුතුන්ට දැනුම ලබා දෙන පුවත්පතකි.

පත්තර මහගෙදර ලේක්හවුස් පවුලේ ප්‍රකාශනයක් ලෙසින් මිහිර පුවත්පත ඔබ වෙතට පත්වේ.

All Right Reserved @2024. Designed and Developed by Lakehouse IT Department