Home » Blog » Zhangjiajie ජාතික වනෝද්‍යානය

Zhangjiajie ජාතික වනෝද්‍යානය

by lakehouse
0 comment

Zhangjiajie ජාතික වනෝද්‍යානය චීනයේ පිහිටා ඇත. එය විශාලතම සහ පැරැණිතම වනෝද්‍යානය වේ. වර්ෂ 1982දී, මෙම වනෝද්‍යානය හෙක්ටයාර 4,810ක භූමි ප්‍රමාණයකින් යුත් චීනයේ පළමු ජාතික වනෝද්‍යානය ලෙස නම්කර ඇත. මෙම උද්‍යානයෙහි ගන වනාන්තර, ගැඹුරු මිටියාවත්, අසාමාන්‍ය කඳු මුදුන්, ගුහා දැක ගත හැකි ය. පාෂාණවලින් නිර්මාණය වුණු කුලුනු මෙම උද්‍යානය අලංකාර කරයි. ඉතින් මේ සූදානම සුන්දරත්වයෙන් යුතු Zhangjiajie ජාතික වනෝද්‍යානය ගැන පුංචි දූලා පුතාලට තොරතුරු කියලා දෙන්නයි.

මෙම ජාතික උද්‍යානයට නම ලැබී ඇත්තේ එම සීමාවේ පිහිටා තිබූ කුඩා ගම්මානයක නම අනුව ය. අක්ෂර තුනකින් යුතු මේ නමෙහි, ඛඩචදඨ යනු චීනයේ පොදු වාසගමකි. බ්ඪච පවුල වේ. බ්ඪඥ යන්න නිජබිම වේ. Zhangjiajie පවුලේ නිජබිම ලෙස අර්ථ ගැන්වේ.

මෙම උද්‍යානයේ කහ ගල් කොටුව, Golden Whip Stream(ගෝල්ඩන් විප් ස්ට්‍රීම්)

Yuanjiajie (යුවාන්ජියාජී) වැනි සුන්දර ස්ථාන දැක ගැනීමට හැකි වේ. Yuanjiajie යනු ගැඹුරු නිම්නවලින් නැගී එන සහ උස් කඳුවලින් වට වූ යෝධ පාෂාණවලට මුහුණ දෙන ස්වාභාවික වේදිකාවකි. පයින් ගස්වලින් වැසී ඇති මෙම පාෂාණ ඒවායේ හැඩයෙන් යුක්ත වේ. මෙම පාෂාණ විචිත්‍රවත් චීන චිත්‍රයකට සමාන වේ. ගෝල්ඩන් වීප් ඇළ දිගේ ඇති දර්ශන ෂැංජියාජි ජාතික වනෝද්‍යානයේ වඩාත් සිත් ඇදගනී. මෙම දිය පහර බටහිරින් ලූට් ඇළ සහ නැඟෙනහිරින් සුඕසි ඇළ හා

එක් වේ. කඳු වැටි සහ කඳු මුදුන්වලින් වට වී ඇති පළිඟු වැනි පැහැදිලි ජලය නිසා ජලයේ සිටින මසුන්ගේ සෑම ක්‍රියාවක්ම නිරීක්ෂණය කිරීමට හැකි වේ. වල් පැළෑටිවල පිපුණු මල් මෙහි බහුලව දක්නට ලැබේ.

මෙම ප්‍රදේශය සම්පූර්ණයෙන්ම වෘක්ෂලතාවලින් වැසී ඇත. රෝස පවුල, නාඩි පවුල, තණකොළ පවුල, සංයුක්ත පවුල සහ උඩවැඩියා පවුල යන වඩාත් වැදගත් ශාක පහම මෙහි

දැක ගත හැකි ය. මෙම ගස් සමහරක් දුර්ලභ ශාක වන අතර, ජාතික වස්තුවක් ලෙස සැලකෙයි. Zhangjiajie ජාතික වනෝද්‍යානයේ ඇති විවිධාකාර ශාක හුනාන් පළාතේ සියලුම ශාක පවුල්වලින් 82% ක් පමණ වේ. Zhangjiajie ජාතික වනෝද්‍යානයේ ද විවිධ සතුන් ද දැක ගැනීමට හැකි වේ. මෙම වනාන්තර ඔවුන්ට ජීවත් වීමට සහ ඔවුන්ගේම විශේෂයන් බෝ කිරීමට සුදුසු වාසස්ථාන සපයයි. මෙම උද්‍යානයේ ජඩධපඤචබඥ සත්ත්ව වර්ග 149කට වඩා වාසය කරති. මෙයින් සත්ත්ව වර්ග 28ක් පමණ ජාතික ආරක්ෂාව යටතේ පවතියි. ගෝල්ඩන් ෆෙසන්ට්, රීසස් වඳුරා, යෝධ සලමන්ඩර් සහ කස්තුරි මුවන් නිරන්තරයෙන් දැක ගැනීමට හැකි ය. මෙම වනෝද්‍යානය නරඹන්නන්ට කුරුල්ලන්ගේ ගායනය ඇසීමට සහ ගස මත වඳුරන් සෙල්ලම් කරන ආකාරය දැකීමට හැකි වනු ඇත.

මෙම වනාන්තරය මධ්‍යම ආසියාවේ උපනිවර්තන දේශගුණයට අයත් වේ. විචිත්‍රවත් කඳු සහ සරුසාර ගස් හිතකර දේශගුණයක් සැකසීමට උපකාරී වේ. ශීත ඍතුවේදී උණුසුම් වන අතර, ගිම්හාන කාලයේදී සිසිල් වේ. සාමාන්‍ය ඉහළ උෂ්ණත්වය සෙල්සියස් අංශක 13ක් සහ සෙල්සියස් අංශක 17ක් වන අතර, ශීත ඍතුවේදී අවම උෂ්ණත්වය සෙල්සියස් අංශක 10ක් වේ. උද්‍යානයේ චමත්කාරය ඍතු වෙනස් වීමත් සමඟ වෙනස් වේ. මෙම උද්‍යානය නැරැඹීමට එන සංචාරකයන්ට පරිසරය මඟින් නිරෝගී වාතය ආශ්වාස කිරීමට හැකියාව ලැබේ. අධි රුධිර පීඩනය ඇති රෝගියකු ෂැංජියාජී ජාතික වනෝද්‍යානයේ යම් කාලයක් රැ¼දී සිටියහොත් රුධිර පීඩනය අඩු විය හැකි බව විශ්වාස කරයි. මෙයට හේතුව උද්‍යානයේ දූවිලි අංශු 88% කින් අඩු වීමයි.

Zhangjiajie ජාතික වනෝද්‍යානය නැරැඹීමට හො‍ඳම කාලය වන්නේ වසන්තයේ අග, අප්‍රේල් සිට අගෝස්තු දක්වා ගිම්හාන කාලයේ සහ සැප්තැම්බර් සිට ඔක්තෝබර් දක්වා සරත් සමයයි. Zhangjiajie යනු චීනයේ හොඳම ගිම්හාන නිකේතනයකි. සරත් ඍතුවේදී, කාලගුණය මෘදු හා ප්‍රසන්න වේ. සංචාරකයන්ට කුතුහලය දනවන සරත් ඍතුවේ ශාක පත්‍ර සහ කඳු මුදුන්වලින් නැඟී එන වලාකුළු සහ මීදුම අපේක්ෂා කළ හැකි ය.

මෙම උද්‍යානය මුළු චීනයම අලංකාර කරයි. ලෝකයේ බොහෝ සංචාරකයෝ Zhangjiajie ජාතික වනෝද්‍යානය නැරැඹීමට පැමිණෙති.

 

චතුරි ලක්ෂිකා


You may also like

Leave a Comment

1964 වසේ ජූලි 27 වනදා ආරම්භ කල මිහිර පුවත්පත ජාතියේ දූ පුතුන්ගේ දැනුම් තක්සලාව ලෙසින් බොහෝ කාලයක් පුරාවට ලාංකීය දූ පුතුන්ට දැනුම ලබා දෙන පුවත්පතකි.

පත්තර මහගෙදර ලේක්හවුස් පවුලේ ප්‍රකාශනයක් ලෙසින් මිහිර පුවත්පත ඔබ වෙතට පත්වේ.

All Right Reserved @2024. Designed and Developed by Lakehouse IT Department