ඔබත් සුවඳ වෙසක් මලක්
බක්මහ අවසන් වෙනවාත් සමඟ අපි බුදු තෙමඟුල බැතියෙන් සිහිකරවන වෙසක් මාසයට සූදානම් වෙමු. ආමිස ප්‍රතිපත්ති පූජාවන් පෙරටු කොටගෙන මුළු රටේම බොදු බැතිමතුන් කටයුතු කරන්නට යෙදේ. කුඩා වියේ පසුවෙන නංගිලා මල්ලිලාගේ සිට ඉහළ පන්ති දක්වාත් පාසල් මට්ටමින්, වටිනාකම් හා ගුණ දම් අගයන පරිසරයක් ශ්‍රී ලාංකේය සෑම පාසලක් තුළම දක්නට ලැබේ. එහිදී ආගම් භේදයකින් තොරව පසුගිය කාලය පුරාමත් වර්තමානයේදීත් සෑම නිවෙසකම වෙසක් පහනක් දල්වන්නට කටයුතු කරන්නට යෙදීම අපට දැකගත හැකිය. එම ආගමික සහෝදරත්වය අප තුළ වගාකළ අපේ වැඩිහිටියන්ට ශ්‍රී ලාංකීය දියණියක් ලෙස ස්තූතිවන්ත වෙන්නේ සතුටු සිතිණි.
ඒ ලබා දුන් පූර්වාදර්ශයම පෙරටු කොට ගෙන ඒ ගුණධර්මයන්ගෙන් මුළු රටම සුවඳවත් කරන වෙසක් කුසුමක් වන්නට හැකිනම්, කෙතරම් අගේද?
වැඩිහිටියන්ට ගරු කරන, ඔවුන්ට සවන් දෙන, නම්‍යශීලී ගතිගුණ අප වෙත ඇති කරවන්නට බෞද්ධ දර්ශනයට හැකි ය. දිනපතා පන්සිල් සමාදන්වීමේ සිට අපේ ජීවන පැවැත්ම මනා පුහුණුවකට ලක් කෙරේ. අන් අය අතරේ බෙදා හදා ගැනීම, අසරණයන්ට පිහිටවීම, යහපත් වචන කතා කිරීම අපේ ජීවිත ආලෝකවත් කරන පහන් සිළු ය. බුදුරජාණන්වහන්සේගේ ඉපදීම, බුදුවීම, පිරිනිවන් පෑම යන තෙමඟුල බැ¼දී පැවතියේ පරිසරයේ ගසක් පාදක කර ගනිමිනි. මෙලොව මෙතෙක් පහළ වී ඇති හොඳම පරිසරවේදියා බුදුරජාණන්වහන්සේ ය. එම ආදර්ශය ඉදිරියටත් ගෙන යමින් අප රකින පරිසරයට පෙරළා කෘතවේදී වීම මඟින් මේ වෙසක් මාසයේ ඔබට ද වෙසක් කැකුළක්ව දසත සුවඳ විහිදා විකසිත වන්නට හැකි ය.
ඩබ්.කේ. රොහන්සා නිසලනී
12 ශ්‍රේණිය
බණ්ඩාරනායක මධ්‍ය විද්‍යාලය, වේයන්ගොඩ
ඉරුදින දහම් පාසල
ඉරිදා උදෑසනින්ම ආරම්භ වන දහම් පාසල පැය පහක්, හයක් පමණ පැවැත්වෙයි. දහම් පාසල යනු අපට “යහගුණදම්, සාරධර්ම, සහ යහපත් ආකල්ප” උගන්වන යහපත් ස්ථානයකි. දහම් පාසල සඳහා “පාසලක් හෝ විහාරස්ථානයක්” යොදා ගනු ලැබේ. මෙහි ඉගැන්වීම් කටයුතු සිදුකරන්නේ “ස්වාමීන් වහන්සේලා හෝ බුද්ධ ධර්මය විෂය පිළිබඳ විශේෂ දැනුමක් ඇති ගුරු මහත්ම මහත්මීන් ය. දහම් පාසලේ නිල ඇඳුම වන්නේ සුදු අත් දිග කමිසය සහ සුදු සරමයි. එය සිංහල ජාතියට සම්බන්ධ ප්‍රධාන ඇඳුම් යුගලයක් නිසා එය දහම් පාසල සඳහා ඉතා සුදුසු බවයි මාගේ අදහස.
දහම් පාසලේ සෙවණෙහි අප ඉගෙන ගන්නා ප්‍රායෝගික විෂය කරුණුූ, ගස් යට සිට පේළි ගැසී ගුරුතුමියත් සමඟ එක්වී සිදු කිරීමට මම වඩාත් පි‍්‍රය කරමි. මධ්‍යහ්න දොළහට නිමා වී නැවතත් සතියක් ආරම්භ වීමට නියමිත ඉරුදින දහම් පාසල අපගේ ළමා පරපුරේ ඉදිරි අනාගතය ආලෝකවත් කරන ස්ථානයකි.
සඳුන් ඉවන්ත දෙවනගල
7 ශ්‍රේණිය
කෑ/ ස්වර්ණ ජයන්ති මහා විද්‍යාලය