Home » Blog » කුඩාපොල හිමි

කුඩාපොල හිමි

by lakehouse
0 comments

අද අපි පුංචි දුවලා පුතාලට කියන්න සූදානම් වන්නේ කුඩා පොල හිමිගේ කතාවයි. කුඩා පොල හිමි අපේ රටටත් සම්බුද්ධ ශාසනයටත් කළ සේවය පිළිබඳ පුංචි දුවලා පුතාලා මතක තියාගන්න අවශ්‍යයි. ඉතින් දුවේ පුතේ කියවලා බලන්නකෝ.

ආදරණීය දුවේ පුතේ, අපේ රට වෙනුවෙන් ඉදිරියට පැමිණි වීරයන් පිළිබඳ අප දැන් මිහිර පුවත්පතින් කතා කරන්න පටන් ගත්තා. ඉතින් දුවේ පුතේ, අද අප ඔබට කියන්න සූදානම් වන්නේ කුඩාපොල හිමියන් පිළිබඳයි. උන්වහන්සේ බුද්ධ ශාසනයටත් සිංහල ජාතියටත් විශාල සේවයක් කළා. ගොන්ගාලේ ගොඩ බණ්ඩා වැනි ප්‍රතාපවත් ජාතික වීරයන් සෑම විටම ආරක්ෂා වුණේ කුඩාපොල හිමි නිසා කිව්වොත් නිවැරැදියි. මේ පිළිබඳ ආරංචි වුණ විගසම සුදු ජාතිකයන් කුඩාපොල හිමියන් අල්ලා ගන්න උත්සාහ කළා. මෙය සැල වූ වහාම කුඩාපොල හිමියන් කෑගල්ලේ වන පෙතක සැඟවී සිටීමට තීරණය කළා. මේ කාලය කුඩාපොල හිමියන්ට ඉතා දුෂ්කර කාලයක් වුණා. කෑමට තිබුණේ කැලෑවේ තිබුණු කොළ පොතු පමණයි. මදුරුවන්ගෙන් මෙන්ම දරුණු සර්පයන්ගෙන් පීඩා ඇති වේයැයි බියෙන් සිටි කුඩාපොල හිමි අල්ලා ගැනීමට සුදු ජාතිකයන් සමත් වුණා. උන්වහන්සේ අල්ලා ගැනීමේ මූලික පරමාර්ථය වූයේ ගොන්ගාලේගොඩ බණ්ඩා සැඟවී සිටින ස්ථානය සොයා ගැනීමට තොරතුරක් ලබා ගැනීමටයි. උන්වහන්සේ 1848 අගෝස්තු 25 වැනි දින රාජාධිකරණය හමුවට පැමිණෙව්වා. එහිදී ද රාජාධිකරණය කුඩාපොල හිමියන්ගෙන් ඇසුවේ ”ඔබ ගොන්ගාලේගොඩ බණ්ඩා සිටින තැන දන්නවා ද?” කියලා. එහෙත් උන්වහන්සේ දන්නේ නැති බව හැඟෙව්වා. එහෙත් එහි ප්‍රතිඵලයක් ලෙස 1948 අගෝස්තු මාසයේදී සුදු ජාතිකයන්ගේ වෙඩි පහරින් කුඩාපොල හිමියන් සදහටම දෙනෙත් පියා ගත්තා.

නදී


You may also like

Leave a Comment

1964 වසේ ජූලි 27 වනදා ආරම්භ කල මිහිර පුවත්පත ජාතියේ දූ පුතුන්ගේ දැනුම් තක්සලාව ලෙසින් බොහෝ කාලයක් පුරාවට ලාංකීය දූ පුතුන්ට දැනුම ලබා දෙන පුවත්පතකි.

පත්තර මහගෙදර ලේක්හවුස් පවුලේ ප්‍රකාශනයක් ලෙසින් මිහිර පුවත්පත ඔබ වෙතට පත්වේ.

All Right Reserved @2024. Designed and Developed by Lakehouse IT Department